Monday 14th of October 2019

English Tamil
Advertiesment


මස් රාත්තලටම ඔට්ටු වූ රනිල්-සජිත් විසි වෙයි..! කරු කරළියට..!


2019-09-13 182353

සියලු ජාතින්ටයි-ආගමිකයින්ටයි පිළි ගත හැකි ජාතික අපේක්ෂකයෙක්..!

 

මහා නා හිමිවරුන්ගේ පූර්ණ ආශීර්වාදය කතා නායකට..!

 

TNA සහයත් ලැබිලා..!

 

ජාත්‍යන්තරයෙන් කොළ එළි..!

 

සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය එජාප මහා සම්ප්‍රදායට විරුද්ධයිලු..!

 

පැත්ත ගියත් ඇත්ත කියන "lankanewsweek" හෙළිදරව්ව මෙන්න..! 

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා නම් කළ යුතු යුතු බවට එම පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් වගේම එම දේශපාලන ව්‍යාපාරයට මතවාදීව සහය පළ කරන සර්වාගමික නායකයින්,සිවිල් සිවිල් සංවිධාන,විශ්ව විද්‍යාල ප්‍රජාව,සුළු ජන බලවේග,කලාකරුවන්,උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු සමාජයේ සියලු පාර්ශවයන් අවසන් පොදු එකඟතාවයකට පැමිණ සිටියි.

මේ සියලු පාර්ශවයන් මේ පොදු එකඟතාවයට පැමිණ සිටින්නේ යහ පාලන කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ජන සමාජයේ පුළුල් සංවාදයක් ඇති කර ඊට සමගාමීව දීර්ඝ කාලයක් මුළුල්ලේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිදු කළ පුළුල් සංවාදයක ප්‍රතිඵලයක් ලෙය.මේ අනුව මහා නා හිමිවරුන්ගේ අනුශාසනය සහ ආශීර්වාදය මධ්‍යයේ මහා සංඝයා වහන්සේලා පිරිසක් සෙනසුරාදා (14) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා නම් කරන ලෙසට ඉල්ලා සිටිති.

කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස එසේ නම් කරන්නේ නම් නිකායත්‍රයේම මහා නා හිමිවරුන් ප්‍රසිද්ධියේම ඔහුට ආශීර්වාද කිරීමට එකඟ වී සිටින අතර මේ භික්ෂූන් වහන්සේලා එම පණිවිඩය ද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දෙනු ඇත.

මේ අතර සිවිල් සංවිධාන,සිවිල් ක්‍රියාකාරීන්,විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්,උගතුන් සහ බුද්ධිමතුන් පිරිසක් ද මේ ආකාරයටම ඉරිදා (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ ඉල්ලීමම කරනු ඇති අතර සඳුදා (16) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය ද රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කරන ලෙස ඉල්ලා සිටීමට නියමිතය.

සාමාජික සාමාජිකාවන් හැට නව දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හතළිස් දෙදෙනෙකු ද,සාමාජික සාමාජිකාවන් හතළිස් අට දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කණ්ඩායමේ තිස් දෙදෙනෙකුගේ පූර්ණ සහයෝගය සහ විශ්වාසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවතින බව ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු ගණන් බැලීම්වලදී හෙළි වී තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන එම දෙපාර්ශවයේ බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කතානායක කරු ජයසූරිය මහතා වන අතර රනිල් වික්‍රමසිංහ මහතා සියලු බලතල සහිත අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් ක්‍රියා කළ යුතු බවය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කවුරුන්ද යන තර්කය මතු වූ අවස්ථාවේදී, පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විනය,නීතිය සහ සම්ප්‍රදාය උල්ලංඝණය කර, පක්ෂයට සහ නායකයාට එරෙහිව පාක්ෂිකයින් වගේම මන්ත්‍රීවරුන් උසි ගන්වා අවලාද නගමින් රට පුරා රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු ඔහුගේ ක්‍රියා කලාපයෙන් එක්සත් ජාතික පක්ෂයේ කීර්තියටත්,ගෞරවයටත් අභිමානයටත් විශාල කැළලක් ඇති වූ බව පෙන්වා දෙන එම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ක්‍රියා කලාපයෙන් ඔහුගේ බල ලෝභය,අපරිනතකම වගේම නොඉවසීම මනාව පිළිබිඹු වන බව ද අවධාරණය කර සිටිති.

පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන මෙම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කරන ලෙසට ඉල්ලා සිටින්නේ මේ පසුබිම මතය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර විශේෂ සහ තීරණාත්මක හමුවක් අඟහරුවාදා (17) පැවැත් වෙන අතර එහිදී එම සන්ධානය ද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිළි කරමින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා පත් කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කළාට පසුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබා දෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පිළිගත හැකි නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා ලෙසය.ඒ අනුව ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කරු ජයසූරිය මහතා අවුරුද්දක් ඇතුළතදී විධායක ජනාධිපති ධූරය මුළුමනින්ම අහෝසි කර විධායක බලතල සියල්ල පාර්ලිමේන්තුවට පවරා දෙමින් අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අවසන් ප්‍රාර්ථනාව යථාර්තයක් කරනු ඇත.     

Advertiesment