Thursday 5th of December 2019

English Tamil
Advertiesment


නරියාකන්ද චෙස් තරඟාවලියේ ජය නාවික හමුදා චෙස් කණ්ඩායම දිනා ගනී..!


2019-09-12 1372

අනුශුරතාවය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට..!

 

(ජයකාන්ත ලියනගේ)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ චෙස් ක්‍රීඩා කමිටුව මගින් සංවිධානය කරන ලද නරියා කන්ද චෙස් තරගාවලියේ විවෘත අංශයේ ශූරතාවය ලකුණු 12/21½  ලබා ගනිමින් ශ්‍රී  ලංකා නාවුක හමුදා චෙස් කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර අනුශූරතාවය 11/21½ ලබා ගනිමින් පේරාදෙණිය  විශ්ව විශ්ව විද්‍යාලයේ චෙස් කණ්ඩායම විසින් දිනා ගත්තේය.මෙම නරියා කන්ද චෙස් තරගාවලිය පසුගියදා(7-10) දියතලාව, නරියාකන්ද ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණු පාසැලේ දී පුරා දින 04 ක්පුරා පැවැත්විණි.

තරගාවලිය විවෘත අංශයට අමතරව කාන්තා අංශය හා අබාධිත අංශය යන ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ පැවති අතර කාන්තා අංශයේ ශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලයේ කාන්තා චෙස් කණ්ඩායම (10/19) විසින්ද අනුශූරතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා චෙස් කණ්ඩායම (10/16½) විසින්ද දිනා ගත්තේය. ආබාධිත අංශයේ ශූරතාවය රාගම, රණවිරු සෙවන චෙස් කණ්ඩායම (6/11) විසින්හා අනුශූරතාවය කඹුරුපිටිය, අභිමංසල චෙස් කණ්ඩායම (6/10) විසින් දිනා ගත්තේය.

තරඟාවලිය සඳහා  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එහි විවිධ රෙජිමේන්තු, ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨය, ශ්‍රීමත් ජෝන් කෙතලාවල ආරක්ෂශක විද්‍යා පිඨය, රණවිරු සේවා අධිකාරියට අයත් අබාධිත රණවිරුවන් රැක බලා ගන්නා රණවිරු සෙවන හා අභිමන්සල නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර පෙරාදණිය විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය,සබරගමුව විශ්ව විද්‍යාලය හා ඌව වේල්ලස්ස විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් ඇතුළු චෙස් කණ්ඩායම් 32 ක් සහභාගී විය.තරඟාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග, සහතිකපත් සහ  ජය සංකේත ප්‍රධානය කිරීම ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨ චින - ශ්‍රී ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සේනා විධායක සහ ආරක්ෂක සේනා බස්නාහිර ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති හා  ස්නයිපර් පුහුණු පාසැලේ ප්‍රධානි බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සවයේ ගෞරවණිය ආරාධිත අමුත්තිය ලෙස තිස් වසරකට  ආසන්න කාලයක් ලංකාවේ පැවති කුරිරු යුද්ධයේදි මාතෘ භුමිය වෙනුවෙන් සටන් වැදි තම තරුණ ජිවිතය පුජා කල ලුතිනන් චානක සංජිව අත්තනායක රණවිරුවාගේ මව වන වීර මාතා සංගීත විශාරඳ සුජාතා අත්තනායක මැතිනිය සහභාගි විය.තරගාවලිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට අයත් ජාතික  චෙස් විනිශ්චය කරුවන් විසින් විනිශ්චය කරන ලද අතර ලෝක චෙස් සම්මේලනය විසින් ප්‍රකාශයට  පත් කරන ලද අන්තර් ජාතික ශ්‍රේණි ගත කිරිමේ තරඟාවළිය ද විය. එය ශ්‍රීලංකාවේ පවත්වනු ලද පළමු වන අන්තර් ජාතික චෙස් ශ්‍රේණි ගතකිරිමේ අන්තර් ආයතන චෙස්තරඟාවළිය ලෙසද ඉතිහාසයට එක් වේ. මගේ පුතා වන ලුතිතන් චානක සංජීව අත්තනායක1992 සැප්තැම්බර් මස 25 වන දින පුනරින් සටනේදි මාතෘ භුමිය වෙනුවෙන් දිවිපිදූ බවත් ඔහු  යුද්ධ හමුදාවේ පියා ලෙස ලුතිතන් කර්නල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණ විරුවා සැලකූ බවත් මෙහිදී අදහස් දැක්වූ විශාරද සුජාතා අත්තනායක මහත්මිය ප්‍රකාශ කළාය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සුජාතා අත්තනායක මහත්මිය මෙසේ ද කීවාය.

යාපනය අරාලිතුඩුවේ දි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා බිම් බොම්බයෙන් මියගිය වෙළාවේ පුතා හොඳටම අඩා තියෙනවා. ඊට අවුරුද්දකට පස්සේ ත්‍රස්තවාදින් විසින් පුනරින් ගනෙවන්තුරේ හමුදා කඳවුර සම්පුර්ණයෙන්ම විනාශ කරන වේලාවේ සිය ගණනක් බිරින්දා වරුන්ට ඔවුන්ගේ ස්වාමිපුර්ෂයන් නැති වුණා. සිය ගණනක් අම්මාවරුන්ට ඔවුන්ගේ පුතනුවන් නැති වුණා. එදා මට මගේ පුතාත් නැති වුණා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සේනාවිධායක සහ ආරක්ෂක සේනා බස්නාහිර ආඥාපති මේජර් ජෙනරාල්මහින්ද මුදලිගේ මහතා.1992 සැප්තැම්බර් මස 25 වන දින සුජාතා අත්තනායක මැතිණියගේ පුතා වන කපිතාන් චානක සංජිව අත්තනායක පුනරින් සටනේදි මාතෘභුමියේ නිදහස වෙනුවෙන් නිර්භිත රණවිරුවෙකු ලෙස තම ජිවිතය පුජා කළා. සුජාතා අත්තනායක මැතිණිය මෙන්ම කපිතාන් චානක සංජිව අත්තනායකගේ ආදරණිය පියාණන් වන  අධ්‍යාපන අමාතංශයේ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ නවරත්න අත්තනායක මහතාත් සිය පුතා වෙනුවෙන් තම යුතුකම අදටත් ඉටු කරමින් සිටිනවා. රණවිරුවන්ගෙන් ඇස්, මස්, ලේ සහ අවයව රට දැය වෙනුවෙන් පුජා කරමින් ජිවිතය පමණක් බෙරාගෙන තිබෙන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම චෙස් ක්‍රීඩාව ආරම්භ කර තිබෙනවා. චෙස් ක්‍රීඩාව තුලින් මානසික සහනය ඇතිකිරිමටත් එය මනෝ මුලික ව්‍යායාමයක් ලෙස භාවිතා කිරීමටත් හැකියි. එම අරමුණ දියුණුකිරිම මුල්කර ගනිමින් පැවැත්වුණ චෙස් ක්‍රීඩා උත්සවයේ ත්‍යාග ප්‍රධානෝත්සවයඅවස්ථාවේ දි විශේෂයෙන්ම රණවිරුවන් දිරිමත් කරමින් සහභාගි විමෙන් සුජාතා අත්තනායක මැතිණිය කල යුග මෙහෙවර  සදා අනුස්මරණීයයි.

යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති හා ස්නයිපර් පුහුණු පාසැලේ ප්‍රධානි බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක මහතාද ඇතුළු කිහිප දෙනෙක්ම මෙහිදී කතා කලහ.

 

Advertiesment