Saturday 16th of November 2019

English Tamil
Advertiesment


රවීට එරෙහිව රනිල්ට ගතු කියන්න ගොස් මලික් ඇණ ගනී..!


2019-09-11 71715

රනිල් මලික්ට මුල මතක් කර දෙයි..!

 

සේනාවක් එක්ක සාකච්ඡාවට ආවේ තනිවම ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි නිසාදැයි රනිල් සජිත්ගෙන් අසයි..!

 

 

(උපුල් බණ්ඩාර)

ජාත්‍යන්තර වෙළඳ සහ උපායමාර්ගික සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ මුහුණට ම දෝෂාරෝපණය කරමින් ඔහුට තරයේ අවවාද කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මලික් සමරවික්‍රම මහතා වෙත මෙසේ දෝෂාරෝපණය කරමින් ඔහුට තරයේ අවවාද කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරුණු සකච්ඡා කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ දී අඟහරුවාදා (10)  රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

ඊට හේතු වී තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා කිසිදු ආරාධනයකින් තොරව කබීර් හෂීම් මහතා ද කැටුව එම සාකච්ඡාවට කඩා පැනීම සහ එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කතා කිරීමය.

විවිධ ප්‍රකාශ නිකුත් කරමින්,විවිධ විවේචන එල්ල කරමින් සහ සියල්ලට මැදිහත් වෙමින් මේ සියලු ප්‍රශ්න  අවුළු වන්නේ රවී කරුණානායක මහතා බව මලික් සමරවික්‍රම මහතා එහිදී දැඩි විවේචනයක් එල්ල කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කියා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මලික් සමරවික්‍රම මහතාට තරයේ කියා තිබෙන්නේ ඔබ වගේ ජාතික ලැයිස්තුවෙන් නොව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස මේ සියලු ප්‍රශ්නවලට මැදිහත්වීමට, ඒ සම්බන්ධයෙන් කතා කිරීමට වගේ ම සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙන බවය. 

එමෙන් ම සජිත් ප්‍රේමදාස මහතාත් තමාත් අතර පැවැත්වෙන මේ සාකච්ඡාවට තමා ආරාධනා කළේ දොස්තර රාජිත සේනාරත්න මහතාට පමණක් බව කියමින් මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහතවරුන්ට අතුල් පහරක් දී ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සාකච්ඡාව සඳහා තනිවම පැමිණෙන ලෙස තමා ඉල්ලා තිබිය දී මේ අයත් එක්ක ගෙන ආවේ ප්‍රශ්නවලට තනිවම මුහුණ දී සකච්ඡා කර විසදා ගැනීමට ශක්තියක් නොමැති නිසා දැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.

 

 

Advertiesment