Wednesday 18th of September 2019

English Tamil


නව විදුලි සබදතා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය..!


2019-09-11 19755

සංඥා භාෂා පනත සම්මත කර ගැනීමට විදුලි ඇමැති මැදිහත් වෙයි..!

 

විදුලි බිල්පත් අය කෙරෙන නව ක්‍රමවේදයක්..!

 

නව විදුලිය සම්බන්ධතා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක,විදුලි බල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේවිශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ නිලධාරින් සමග විදුලිබල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ලක්ෂ 16 ක් පමණ මේ රටේ සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පොදුවේ බලපා ඇති විවිධ බාධාවන් සහ දුෂ්කරතා සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සමග  එම නිලධාරීහු  සාකච්ඡා පැවැත්වුහ.

මෙම පුද්ගලයින්ට ආදායම් උත්පාදන මාර්ග, රැකියා අවස්ථාවන් වගේම  අධ්‍යාපන අවස්ථාවන්ද බොහෝවිට මග හැරෙන අතරම, සමාජයෙන්ද කොන්වී සිටීමට සිදුවී ඇති බව මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය. මීට අමතරව මෙම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත විදුලි බල අමාත්‍යාංශය හරහා සිදු වන සේවාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බැලියයුතු කරුණු පිළිබදවද අමාත්‍යවරයාගේ අවදානය යොමු කෙරිණ.

මෙම කරුණු පිළිබදව සිය විශේෂ අවධානය යොමු කළ විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ , මොවුන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම් වත්  ඔවුන්ගේ  අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගත හැකි වන පරිදි පනත් සම්මත කර දීමට කටයුතු කරන අතර, සංඥා භාෂා පනත සහ බිහිරි පුද්ගලයින් වෙත රියදුරු බලපත් ලබාදීම ආදි කටයුතු රාශියක් සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුම්වත් කර මෙම පුද්ගලයන් වෙත සහන සලසාදීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කිය..

"රටේ ජිවත්වන විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ ඉල්ලීම් සහ ඔවුන් මුහුණපාන දුෂ්කරතා සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කර හැකි උපරිමයෙන් මෙම පුද්ගලයන් සදහා සහන සැලසීමට බලාපොරෝතතු වෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නිවැරදි ලෙස හදුනාගනිමින්, සමාජසේවා අමාත්‍යාංශයේ හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ අනුමැතිය ලබාගැනීමෙන් පසු, විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙමින් නව විදුලි සබදතා ලබාදීම, ඔවුන්ගේ විදුලි බිල්පත් වෙනුවෙන්වන ගෙවීම් ලබාගැනීම සදහා පහසු ක්‍රමවේදයක් සකසා දීම වැනි ක්‍රියාමාර්ගයන් තුළින් සහන සැලසීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා  දෙනවා. "