Sunday 26th of January 2020

English Tamil
Advertiesment


සිංහල බෞද්ධ නායකයින්ට කෙණෙහිලි කරන එජාප සභාපතිට එරෙහිව මහා සඝ රුවන පෙළ ගැසෙති..!


2019-09-09 53515

මුස්ලිම් ජාතික කබීර් හෂිම්ගේ අන්තවාදී ක්‍රියා භික්ෂුන් වහන්සේලා හෙළා දකිති..!

 

(සුමුදු පෙරේරා)

කන්ද උඩ රට සිංහල බෞද්ධ නායකයෙකු වන සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහිව, මුස්ලිම් ජාතිකයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගතු කිව්වේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහා සංඝ රත්නයේ විශේෂ අවදානය යොමු වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කබීර් හෂීම් මහතාට එරෙහිව පෙළ ගැසීමට තීරණය කර ඇති, සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි සංඝයා වහන්සේලා ඒ සම්බන්ධයෙන් මුලික සකච්ඡා  ආරම්භ කර ඇති අතර කබීර් හෂීම් මහතාගේ සිංහල බෞද්ධ විරෝධී අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද, පොදු ජනතාව ද දැනුම්වත් කිරීමට තීරණය කර ඇත.

ඒ ඒ අමාත්‍යංශද,ඊට අදාළ විෂයන් සහ බලතල ද, බෙදීමේදී කන්ද උඩ රටට විශේෂ සේවයක් කර ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අසාධාරණයක් සිදුව ඇති බව තේරුම් ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිඛිත ඉල්ලීම මත එම වරද නිවැරදි කරමින් ඛනිජ තෙල් විෂය ඔහුට පැවරීමට සැරසෙද්දී, කබීර් හෂීම් මහතා ජනපතිවරයා හමු වී ඊට විරෝධය පළ කරමින් එම විෂය සිය අමාත්‍යාංශයෙන් ගළවන්න එපා යැයි ජනාධිපතිවරයාගෙන් බල කර ඉල්ලා සිටීම සිංහල බෞද්ධ ජනතාවට එල්ල කළ ප්‍රහාරයක් බව මහා සංඝ රත්නය අවධාරණය කර සිටිති.

2015 ජනාධිපතිවරණයේදී කබීර් හෂීම් මහතා නායකත්වය දුන් කෑගල්ල දිස්ත්‍රික්කය පරාජයට පත් වෙද්දී,මහා නුවර දිස්ත්‍රික්කය අති විශිෂ්ඨ ලෙස දිනවා දෙමින්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට උර දුන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ මහනුවර සිංහල බෞද්ධ ජනතාව බව පෙන්වා දෙන එම සංඝයා වහන්සේලා, එසේ තිබිය දී කබීර් හෂීම් මහතා සිංහල බෞද්ධ නායකයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහිව ජනාධිපතිවරයාට ගතු කීම අතිශය අශීලාචාර ක්‍රියාවක් බව ද තරයේ කියා සිටිති.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment