Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


කබීර් හෂිම්ගේ රෙදි -ලක්ෂ්මන් කිරිඇල්ල ගැළවූ හැටි..!


2019-09-06 46377

එජාපයටයි,නායකයාටයි විරුද්ධව කළ කුමන්ත්‍රණ සියල්ල හෙළි කරයි..!

 

"කබීර් හෂීම් කියන්නේ වසලයෙක්"

 

එජාප සභාපති ධූරයෙන් කබීර් හෂීම් පන්නනු..!

 

සභා නායකට වැඩි බලතල දෙන්න එපා යැයි  "සජිත් ප්‍රේමදාස-කබීර් හෂීම්" ඇතුළු පහක් ජනපතිගෙන් ඉල්ලලා..!

 

ලැජ්ජාව දරා ගත නොහැකිව එජාප සභාපතිවරයා පලා යයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

කබීර් හෂීම් කියන්නේ සල්ලි,වරදාන සහ වරප්‍රසාද වෙනුවෙන් දේශපාලන විරුද්ධවාදීන්ට එක්සත් ජාතික පක්ෂයයි,නායකයායි හැමදාම පාවා දුන් දේශපාලන වසලයෙකු යැයි සභා නායක ලකෂ්මන් කිරිඇල්ල මහතා ඔහුගේ මුහුණට ම චෝදනා එල්ල කරමින් ප්‍රසිද්ධියේ විවේචනය කර තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අරලිය ගහ මන්දිරයේ දී සිකුරාදා (6) හමු වී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ සහ තීරණාත්මක සකච්ඡාවේදිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී කිරීමට ගිය කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කරුණු හෙළිදරව් කරමින් ලක්ෂමන් කිරිඇල්ල මහතා මේ චෝදනාව උස් හඩින් යුතුව එල්ල කරද්දී කබීර් හෂීම් මහතා කිසිවක් කර කියා ගත නොහැකිව රත් පැහැ ගැන්වුණු මුහුණින් සහ දොඹ ගෙඩි තරම් ඉදිමුණු දෑස්වලින් යුතුව කරබා ගෙන සිට ඇත.

කබීර් හෂීම් මහතාගේ මේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම රැස්වීමේ දී ඔහුට එරෙහිව ලුණු ඇඹුල් ඇතිව කළ සම්පූර්ණ කතාව මෙසේය.

"අපේ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස කොල්ල කා මහින්ද රාජපක්ෂලාට ලබා දුන් අවස්ථාවේ දී ඊට එරෙහිව ආණ්ඩුව යළි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පළමු වෙඩි මුරය තැබුවේ මමයි.ආණ්ඩුව යළිත් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේදී මම කළ භූමිකාව ගැන ඇති වූ වැරදි වැටහීමක් නිසා අපේ ආණ්ඩුව යළි පිහිටු වීමේදී මගේ අමාත්‍යංශය දුර්වල කෙරුණු අතර මගේ බල තල සහ විෂයන් බොහොමයක් කප්පාදු කෙරුණු බව කවුරුත් දන්නවා.

පසුව ජනාධිපතිවරයා මට සිදු වූ අසාධාරණය තේරුම් ගත්තා.ඒ අනුව මට අවශ්‍ය අමාත්‍ය විෂයන් සහ බල තල පිළිබඳව ලිඛිතව දැනුම් දෙන්න යැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව කබීර් හෂීම් වැඩිපුර දරන ඛනිජ තෙල් අමාත්‍යංශය ඔහුගෙන් ගලවා මට ලබා දෙන ලෙසට අගමැතිතුමා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

ඇත්තටම මට කියන්නත් ලැජ්ජයි...අපිත් එක්ක එක පතේ කන කබීර් හෂීම්,රංජිත් මද්දුම බණ්ඩාර ,මලික් සමරවික්‍රම,චන්ද්‍රානි බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා හමු වී කියලා තියනවා ඒ අමාත්‍යංශය මට දෙන්න එපා කියලා..ඒ ගැන මට කිව්වේ ජනාධිපතිතුමාගේ ලේකම්වරයෙක්.ඊට පස්සේ පසු ගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව මම එතුමා හමු වූ අවස්ථාවේදී එතුමා මට මේ ගැන කිව්වා. එතුමාගේ වචනයෙන් ම කියනවා නම්  "කබීර් හෂීම්  ඇතුළු පස් දෙනෙකු ඇවිත් ඔබ තුමාට මේ අමාත්‍යාංශය ලබා දෙන්න එපා කියා ඉල්ලමින් මගේ ඔළුව කෑවා" යැයි එතුමා කිව්වා.අපේ රවී කරුණානායක ඇමැතිතුමාත් ඒ වෙලාවේ එම ස්ථානයේ හිටපු නිසා ඔහු මේ ගැන සාක්කි දේවි.එක්සත් ජාතික පක්ෂයේ සමගිය ජයග්‍රහණය සහ විනය ගැන කතා කරන මේ අය අපේ දේශපාලන විරුද්ධවාදීන් එක්ක අපටත් අපගේ පක්ෂයටත් විරුද්ධව වැඩ කරන්නේ මෙහෙමයි.

අයිසේ..කබීර් හෂීම්..තමුසේ කොහොමද අපේ පක්ෂයේ නායකයා හැටියට අගමැතිතුමා ගත්ත තීන්දුවට විරුද්ධව ජනාධිපතිතුමාට ගතු කියන්නේ..අගමැතිතුමාටයි පක්ෂයටයි විරුද්ධව තමුසෙට වැඩ කරන්න ඕනෑ නම් තමුසේ පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලා අස් වෙලා ඒක කරනවා.පක්ෂේ සභාපතිකමේ ඉගෙන ඒ වරප්‍රසාදත් භුක්ති විදිමින් නායකයාටයි,පක්ෂයටයි විරුද්ධව වැඩ කරන්න තමුසෙලාට ඉඩ දෙන්න බැහැ...එක්සත් ජාතික පක්ෂයයි රනිල් වික්‍රමසිංහ නායකතුමයි හැමදාම දුර්වල වුණේ තමුසෙලාගේ මේ පාවාදීම්,කුප්පකම් සහ ජඩකම් නිසයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඒ අයගේ අමතිකම්වලින් ඉල්ලා අස් වුණා.ඒ වෙලාවේ තමුසේ කළේ මොකක්ද..? ආණ්ඩුවෙයි පක්ෂයෙයි,නායකයාගෙයි ස්ථාවරයට විරුද්ධව අගමැතිතුමාටත් නොකියා හොර රහසේම ගොස් තමුසේ ජනාධිපතිතුමා හම්බවෙලා ඇමතිකමේ දිවුරුම් දුන්නා. තමුසේ මිනිහෙක්ද ඕයි..තමුසෙට ලැජ්ජාවක් නැද්ද..?ඊට පස්සේ තමුසේ හොර රහසේම ගොස් ගෝඨාභය රාජපක්ෂව හම්බ වුණා.එහෙම හම්බ වෙලා එක්සත් ජාතික පක්ෂයේ සියලු රහස් ගෝඨාභය රාජපක්ෂට දුන්නා.පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී නවින් දිසානායක ඇමතිතුමා මේ ගැන ප්‍රශ්න කළා.. එතකොට ගෝඨාභය රාජපක්ෂ හම්බවුණ බව පිළිගන්න තමුසෙට සිද්ද වුණා.

ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයයි,අගමැතිතුමයි තීරණය කරලා මට ඛනිජ තෙල් අමාත්‍යංශය දෙන්න කියලා ජනාධිපතිතුමාට දැනුම් දුන්නාට පසුව තමුසේ ඒ මැද්දට පන්නා..අගමැතිතුමාගේ තීරණ ක්‍රියාත්මක කරන්න එපා කියා ජනාධිපතිගෙන් ඉල්ලන්න තමුසේ මේ පක්ෂයේ නායකයාද..? තමුසේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේද ..?ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද..? නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද..?

අපේ ආණ්ඩුව කොල්ල කා මහින්ද රාජපක්ෂට ලබා දුන්නාට පස්සේ ඒ ගෙවිච්ච දවස්  52 දීත් තමුසේ ඇතුළු මේ කට්ටිය වැඩ කළේ එක්සත් ජාතික පක්ෂයටයි,අගමැතිතුමාටයි විරුදධවයි. තමුසෙලා ඒ දවස්වල අපේ දේශපාලන විරුධ්ධවාදී නායකයින් හම්බ වෙලා කරපු කතා වගේ ම දාපු දේශපාලන "Deal " අපි දන්නවා..ඊට පස්සේ ඒ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පරදවලා අපේ ආණ්ඩුව හැදුවාට පසුව ලොකු ඇමතිකම්, තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබා ගන්න තමුසේ ඇතුළු කට්ටිය ජනාධිපතිතුමා එක්ක කේළාම් කිව්වා.. පක්ෂයයි නායකයායි පාවා දුන්නා..ජනාධිපතිතුමාවයි,අගමැතිතුමාවයි කෙටෙව්වා.

තමුසෙගෙ ක්‍රියාකලාපය බැලුවා ම තමුසේ ඉගෙන ගත්ත පාසලටත් ලැජ්ජාවක් ..තමුසේ තමුසෙගෙ ජාතියටත් ලැජ්ජාවක් ..අපි හොද සිංහල බෞද්ධයෝ..ජනධිපතිවරණයේදී තමුසේ කෑගල්ල දිස්ත්‍රික්කය පරාදයි.ජනාධිපතිවරණයේදී වගේම මහා මැතිවරණයේදීත් සිංහල,බෞද්ධ දිස්ත්‍රික්කවලින් ඉහළ ම ජයග්‍රහණය ලබා දුන්නේ අපියි.එහෙව් අපිට විරුද්ධව ජනාධිපතිතුමාට ගතු කියන්න තමුසෙට අයිතියක් නැහැ.

තමුසෙයි තමුසෙගෙ කට්ටියයි කරපු මේ වැඩේ ගැන මම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත්,පාර්ලිමේන්තු කණ්ඩායමේදීත් හෙළිදරව් කරනවා. ඒ වගේ ම තමුසෙගෙ නින්දිත, නිවට, නියාලු වැඩ ගැන මම අපේ පාක්ෂිකයන්ට වගේ ම රටේ සමස්ත ජනතාවටත් කියනවා..මේ පක්ෂයයි ,නායකයායි හැමදාම පරදින්නේත් සල්ලිවලට,තනතුරුවලට වරදානවලට සහ වරප්‍රසාදවලට කෑදරකමෙන්   තමුසෙලා හැමදාම අපේ දේශපාලන විරුද්ධවාදීන්ට   ම අපිව පාවා දුන් නිසයි. තමුසේ මේ පක්ෂයට හෙණයක් තමුසේ අපේ පාක්ෂිකයන්ගෙන් වගේම පක්ෂයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.

මම මේ පක්ෂයට සහ නායකයාට විරුද්ධව යම් ප්‍රතිපත්තියක් මත වැඩ කරන්න යම් මොහොතක තීරණය කළොත් මං මුලින්ම කරන්නේ මගේ සභා නායකකමෙන් සහ ඇමැති ධූරයෙන් ඉල්ලා අස් වීමයි. නායකයෙක් විදිහටත්,පිට කොන්දක් තිබෙන පිරිමියෙක් විදිහටත් ප්‍රතිපත්ති ගරුක,මනුස්සයෙක් විදිහටත් වැඩ කරන්න ඕනෑ එහෙමයි අයිසේ...නමුත් තමුසේ එහෙම ද..?තමුසේ වසලයෙක්..තමුසේ සෙවලයෙක්..තමුසේ කොන්ද පණ නැති මිනිහෙක්."

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මේ කතාව අසා සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ  එම කතාව අනුමත කරමින් කබීර් හෂීම් මහතාගේ ක්‍රියා කලාපය ඉතා පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දුටු අතර වහා ම ක්‍රියාත්මක වන පරිදි  ඔහු එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අවධාරණය කර සිටියහ.

තමා හෙළිදරව් වීමත් සමග එක්සත් ජාතික පක්ෂ නායකයින්ගෙන් එල්ල වූ විරෝධය සහ තමාට මුහුණ දීමට සිද්ධවූ ලැජ්ජාව හමුවේ කිසිවක් කර කියා ගත නොහැකි වූ කබීර් හෂීම් මහතා වහා ම රැස්වීමෙන් නැගිට එම ස්ථානයෙන් ලහි ලහියේ පලා ගොස් ඇත.

 

Advertiesment