Saturday 16th of November 2019

English Tamil
Advertiesment


මෛත්‍රී-කිලී වෙනුවෙන් සජිත් එජාපය කඩයි..!


2019-09-04 42723

සටන් විරාමය උල්ලංඝනය කරලා..!

 

එජාප පළාත් පාලන මන්ත්‍රීන් සුගතදාසයට කැඳවයි..!

 

ඇමැති ධුරයේ නිල ලිපි ශීර්ෂය යටතේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා..!

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත් පාලන ආයතන නියෝජනය කරන ප්‍රධානින් මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයින්  සෙනසුරාදා (07) කොළඹ ගෘහස්ත ක්‍රීඩාංගනයට කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය තමාට ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයට සහ එම පෙරමුණට බල කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යොදා තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ පියවර ගෙන තිබෙන්නේ, ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද  යන ප්‍රශ්නය  දෙසතියක් ඇතුළත දී සකච්ඡා මාර්ගයෙන් විසදා ගන්නා තුරු කිසිදු පාර්ශවයක් මෙවැනි  පවත්වමින් ජනාධිපති අපේක්ෂකයින් ගැන කතා කිරීම,එක්සත් ජාතික පක්ෂය සහ නායකත්වය විවේචනය කිරීම නොකළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරෙමුණේ නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අරලිය ගහ මන්දිරයේදී සිකුරාදා (30) උදැසන ගත් සාමුහික තීන්දුව උල්ලනඝනය කරමිනි.

සිය දේශපාලන අරමුණුක්  ඉටු කර ගැනීම සඳහා සංවිධානය කර ඇති මේ දේශපාලන රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා  එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන ප්‍රධානින්,මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයින් වෙත ආරාධනා කර තිබෙන්න්නේ  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ඊට අදාළ ලිපි ශිර්ශයකින් නොව නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස එම ධුරයට අදාළ නිල ලිපි ශීර්ෂය යටතේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පක්ෂයේ විනයට,නීතියට සහ සම්ප්‍රදායට සම්පුර්ණයෙන් ම විරුද්ධ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග පැවසිය. මේ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළිදරව් කරමින් "lankanewsweek" සමග වැඩි දුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ නායකයා මෙසේ ද කිය.

"සජිත් ප්‍රේමදාස මහතා මේ ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ කිලි මහරාජා යන මහත්වරුන්ගේ කොන්ත්‍රාත්තුවක් බව මේ වන විට හෙළිදරව් වී තිබෙන අතර ඒ ගැන සියලු තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී තිබෙනවා.එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපත් අපේක්ෂක කම නොලැබුනොත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය කඩා ගෙන එළියට යන බවත් ඔහු එසේ එළියට ගොස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය ඇතිව ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන දේශපාලන පක්ෂය කුමක්ද කියාත් රනිල් වික්‍රමසිංහ මහතා දන්නවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ මේ සැගවුණු දේශපාලන න්‍යාය පත්‍රය ගැන එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු රටේ පොදු ජනතාව මේ මොහොතේදී වත් තේරුම් ගත යුතු අතර ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක කම දිනා දීමේ සටනේ සහ ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පිටුපස සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,කිලි මහා රාජා,ටිරාන් අලස්,මෛත්‍රී ගුණරත්න, රංජිත් කිර්ති තෙන්නකෝන්, ශිරාල් ලක්තිලක සහ ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරුනුයි.

මේ අයගේ දේශපාලන සැලසුම වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකකම සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගෙන ඔහු ජනාධිපති කරවා මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති කරවීමයි.එසේ නොහැකි වුණොත් මේ අය සැලසුම් කර තිබෙන්නේ පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගා එක්සත් ජාතික පක්ෂය සහ එම පෙරමුණ දෙකඩ කර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායම පක්ෂයෙන් එළියට ගෙන එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට ලබා දී ඔහු ජනාධිපති කරවා මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති කරවීමයි.

රටට ජනතාවට ආදරය කරන සියලු පාර්ශවයන් එකට ඒකරාශී කොට තමා පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනගන බවටත් ඒ සමග එකට ඒකරාශී වන ලෙස සියලු පාර්ශවයන්ට ආරාධනා කරන අතර ජනතාව තීරණය කළ යුත්තේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් ද කියා නොව බල තල සහිතව රට පාලනය කරන ඊළඟ අගමැතිවරයා කවුරුන් විය යුතු ද යන්න බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේදී කළ ප්‍රකාශයෙන් ද මේ බව මනාව තහවුරු වනවා"

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කිලි මහා රාජා යන මහත්වරුන්ගේ මේ දේශපාලන සැලසුම ගැන එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයේ මැති ඇමතිවරුන් කරුණු දැන ගනිමින් සිටින්නේ මේ මොහොතවන විට නමුත්  "සජිත් ජනපති-මෛත්‍රී අගමැති" යන ශීර්ෂය යටතේ "lankanewsweek" මේ සම්බන්ධයෙන් රටට ජනතාවට කරුණු හෙළිදරව් කළේ  2019 ජුනි මස 05 වැනිදාය.

එම ප්‍රවෘත්තිය මෙසේය. 

 

සජිත් ජනපති-මෛත්‍රී අගමැති..!

 

 

රනිල් දේශපාලන උභතෝකෝටිකයක..!

රනිල්ට එරෙහි සටන “සජිත්-මෛත්‍රී" එක්ව අරඹයි..!

සජිත් ප්‍රේමදාස අනුරාධපුරයේදී සෙනසුරාදා (08) විශේෂ ප්‍රකාශයක් කරයි..!

කිසිම මාධ්‍යක් නොදත් තිරය පිටුපස ජවනිකා මෙන්න..!

 (සුජිත් මංගල ද සිල්වා )

 

රටත් ජනතාවත් වෙනුවෙන් සියලු ජාතින් සහ ආගමිකයින් එකට ඒකරාශී කරමින් සිය නායකත්වයෙන් යුතුව ගොඩ නගමින් සිටින පුළුල් ජාතික මහා සන්ධානයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

මේ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ ඔහු ජනාධිපති වුවාට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති වරයා වශයෙන් පත්කිරීමේ එකඟතාවය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයා “lankanewsweek”

මේ අලුත් දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ, ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් පමණක් බව පෙන්වා ජනාධිපතිවරයාගේ සමීපතමයා, යම් හෙයකින් ඔහුට එම අපේක්ෂකත්වය ලැබුණොත් ජනාධිපතිවරයා සිය පුළුල් සන්ධානය සමගම ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ද අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි එක්සත් ජාතික පෙරමුණ ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයද , සර්වාගමික නායකයින්ගේ සහ සිවිල් සමාජයේද  ඇතැම් පාර්ශවයන් මේ තීරණය ගෙන  තිබෙන්න්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා නොදෙමින් එම නායකයින් ඔහුගේ කකුලෙන් අදින අතර ඔහු නොසලකා හැර තිබෙන තත්ත්වය හමුවේය.

එක්සත් ජාතික පෙරමුණ අලුත් මුහුණුවරකින් සහ සියලු පාර්ශවයන්ට පිළිගත හැකි අයුරින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය පුර්ණ සහයෝගය ලබා දෙන බවට ද එසේ නොවන්නේ නම්, එම ජනධිපතිවරණයේදී තමා ස්වාධීන වන බවටද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ප්‍රධානත්වයෙන් අගහරුවාදා (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරනය කර සිටියේ මේ පසුබිම යටතේය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අමතමින් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙන්නේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නේ නම් තමා ඔහුට සහයෝගය ලබා දෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගින් ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ද නගින බවය.

එක්සත් ජාතික පෙරමුණේ එම පසු පෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ මේ පණිවිඩය සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබෙන අතර ඒ අනුව තමා ජනාධිපතිවරණ සටනට නියත ලෙසම පැමිණෙන බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුරයේදී සෙනසුරාදා(08)   විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ තත්ත්වය හමුවේ අරලිය ගහ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා   සහ එක්සත් ජාතික පෙරමුණ දේශපාලන වශයෙන් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටින බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අගහරුවාදා (04) රාත්‍රියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන නායකයින්ගේ රැස්වීමේදී ද මේ නව දේශපාලන ප්‍රවනතාවය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා වී තිබේ.

 

Advertiesment