Sunday 19th of January 2020

English Tamil
Advertiesment


එජාප පසු පෙළ දිනා ගැනීමට සජිත් මෝඩිගේ නම විකුණයි..!


2019-08-29 18778

එජාපය බෙදෙන සාද පැවැත්වීමෙන් වළකින්නැයි පසු පෙළ සජිත්ගෙන් ඉල්ලති..!

 

සජිත්ට සහය ගන්න මංගල පවත් වූ සාදයට මන්ත්‍රීවරුන් 32යි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

ඉන්දියාවේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ පුර්ණ සහයෝගය තිබෙන්නේ තමාට බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කර ඇත.

ඉන්දිර්ය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකවේ සංචාරය කළ අවස්ථාවේ දී ඔහු තමාගේ දෑත තදින් අල්ලා ගෙන "YOU ARE THE NEXT PRESIDENT" යනුවෙන් කළ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වන්නේ යැයි ද එම නිසා කිසිදු සැකයක් සහ බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ වැඩි දුරටත් පෙන්වා දී තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් හමුවේ මේ බව පවසා ඇත්තේ එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ බදාදා(28) පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේ දීය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකකම සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා එම මන්ත්‍රීවරුන් වෙනුවෙන්    මංගල සමරවීර මහතා සංවිධානය කර තිබූ මේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට පසු පෙළ මන්ත්‍රීවරුන් 32 ක් සහභාගී වී සිටියහ.

දේශීය සහ විදේශීය සමීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් එහි දී විශේෂ දේශනයක් පැවැත් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය සහ ජයග්‍රාහි එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඔහුට අපේක්ෂකත්වය ලබා නොදී එක්සත් ජාතික පෙරමුණට කිසි සේත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවය.

මේ සියලු කතා සහ දේශනා අසා මදුවිතෙන් සප්පායම් වී රස මසවුළු අනුභව කිරීමෙන් පසුව පසු පෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුණට ම කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අසමගිය සහ බෙදීම් ඇතිවන අයුරින් තව දුරටත් මෙවැනි සාද පැවැත්වීමෙන් වැළකි සිටිය යුතු බවය.

 

 

Advertiesment