Tuesday 27th of October 2020

English Tamil
Advertiesment


කතානායකයි-තිස්ස අත්තනායකයි හමු වෙලා..!


2019-08-22 14652

එජාපය සමගි කරන වැඩ පිළිවෙලේ කොටසක්..!

 

(සුජිත් මංගල ද සිල්වා)

කතානායක දේශබන්දු  කරු ජයසුරිය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් අතර විශේෂ  සහ  තීරණාත්මක හමුවක් අඟහරුවාදා (20) කොළඹ විශේෂ ස්ථානයක දී සිදු ව තිබේ. 

එහි දී ඉදිරි ජනාධිපතිවරණය, ජනාධිපති අපේක්ෂකයින් සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් කරු ජයසුරිය සහ තිස්ස අත්තනායක යන මහත්වරුන් අතර දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා වී ඇති අතර දෙපාර්ශවය යම් දේශපාලන අවභෝධයකට ද පැමිණ ඇත.

කතානායක කරු ජයසුරිය මහතාගේ ආරාධනයකට අනුව මේ හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර පක්ෂය සමගි සම්පන්න සහ ශක්තිමත් කිරීම සඳහා ඔහු ගෙන යන වැඩ පිළිවෙලට අනුව වන අතර එහි දී විශේෂයෙන් අවදානය යොමුව තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතා නායක කරු ජයසුරිය යන මහත්වරුන් ප්‍රධාන සියලු නායකයින් ආරක්ෂා කර ගෙන කිසිවෙකුට අසාධාරණයක් සිදු නොකර සියලු දෙනාටම සාධාරණය ඉටු කරමින් ඉදිරියට ගමන් කරන්නේ කෙසේ ද යන කාරණය සම්බන්ධයෙනි.

ඒ වෙනුවෙන් තිස්ස අත්තනායක මහතා අදහස්,යෝජනා සහ ඉල්ලීම් රැසක් කරු ජයසුරිය මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර එම සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද කරුණු වාර්තා කර තිබේ. 

 

Advertiesment