Sunday 22nd of September 2019

English Tamil


සජිත්ගේ සාදය පැවති නිවස සුජීවගේ නොවන බව හෙළි වෙයි..!


2019-08-22 11097

සාදය පැවති නිවස ජනපතිට හිතවත් වෛද්‍යවරයෙකුට අයිති එකක්..!

 

වෛද්‍යවරයාගේ බිරිය සුජීව සේනසිංහගේ සමිපත ම යෙහෙළියක්..!

 

(සුජිත් මංගල ද සිල්වා) 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සුජීව සේනසිංහ මහතා  අඟහරුවාදා (19) සංවිධානය කළ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය තිබී ඇත්තේ ඔහුගේ නිවසේ නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කලක් සේවය කළ ඔහුට ඉතා සමීප විශේෂඥ වෛද්‍යවරයෙකුට අයත් අංක 03, මරිනා ඇවනිව්, බාන්ස් පෙදෙස,කොළඹ 07 යන ලිපිනය දරන ස්ථානයේ පිහිටි සුවිසල් මන්දිරයක බව හෙළිදරව් වී තිබේ. 

මේ වෛද්‍යවරයාගේ බිරිය සුජීව සේනසිංහ මහතාගේ අතිශය සමීප යෙහෙලියක් වන අතර මේ වන විට දැඩි රෝගාතුරව අසාද්‍ය තත්වයේ සිටින එම වෛද්‍යවරයාගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සුජීව සේනසිංහ මහතා නිතරම වගේ එම නිවසට යන එන බව කියති. 

සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික නිවස පිහිටා තිබෙන්නේ අංක 03, චෙල්සියා උද්‍යානය,කොළඹ 03.යන ලිපිනය දරන ස්ථානයේ, එනම් කොල්ලුපිටියේ වන අතර එහි දුරකථන අංකය වන්නේ 011 2564436 වේ.

සුජීව සේනසිංහ මහතා මේ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ කොල්ලුපිටියේ පිහිටි සිය නිවසේ නොපවත්වා මේ විශේෂඥ වෛද්‍යවරයාට අයත් යැයි කියන නිවස තමාගේ බව අඟවමින් එම නිවසේ මේ සාදය පැවැත්වීම ගැන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර මේවන විට විවිධ කටකතා පැතිර යමින් පවතියි. එමෙන් ම මේ රාත්‍රී භෝජන සංග්‍රහය මධ්‍ය ආවරණය කිරීම සඳහා "දෙරණ සහ හිරු" යන රුපවාහිනි නාලිකාවලට ආරාධනා කර එම අවස්තාව එම රුපවාහිනි නාලිකා ඔස්සේ මුළු රටටම විකාශනය කරවමින්  පටු සහ අවස්ථාවාදී දේශපාලන වාසියක් ලබා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ද එම සාදයට එක් වූ මන්ත්‍රීවරු පිරිසක් "lankanewsweek"සමග සිය අප්‍රසාදය පළ කර සිටියහ.