Wednesday 18th of September 2019

English Tamil


එජාප පසු පෙළට ජලනි ප්‍රේමදාසගෙන් දුරකථන ඇමතුම්..!


2019-08-22 6261

ආර්යාව වැඩ අරඹයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය දිනා ගැනීම සඳහා ඔහු වෙනුවෙන් පක්ෂයේ මන්තී‍්‍රවරුන් එකතු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරියවන ජලනි ප්‍රේමදාස මහත්මිය ආරම්භ කොට තිබේ.

එම මෙහෙයුමේ පළමු පියවර ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ට මේ දිනවල දුරකතනයෙන් කතා කරන ජලනි ප්‍රේමදාස මහත්මිය ඒ අයගේ සුව දුක් සහ අවශ්‍යතා පිලිබඳ කරුණු විමසමින් එම මන්ත්‍රීවරුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින්නීය.

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මාතර දී සිකුරාදා (23) ද ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ද පැවැත්වෙන රැස්වීම්වලට කෙසේ හෝ සහභාගීවන ලෙස එම පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇති ජලනි ප්‍රේමදාස මහත්මිය එම රැස්වීම්වලට සහභාගිවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද එකඟතාවය පළ කර තිබේ. 

මතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න සහ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී වෛද්‍ය තුසිතා විජේමාන යන මහත්මීන්ට දුරකතනයෙන් කතා කර,සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සුජීව සේනසිංහ මහතාගේ නිවසේ පැවති සාදයට නොපැමිණියේ මන්දැයි සුහදව විමසා ඇති ජලනි ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මංගල සමරවීර මහතා සංවිධානය කරන මාතර ජන රැළියට නොවරදවා සහභාගී වන්නැයි විශේෂ ඉල්ලිමක් කර ඇත.