ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟයක් ලබා දෙමින් ඔහු පරාජය කළ හැකි එක්සත් ජාතික පෙරමුණේ එකම ජනාධිපති අපේක්ෂකයා වන්නේ කතානායක දේශබන්දු කරු ජයසුරිය මහතා පමණක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් සිදු කෙරුණු විශේෂ ජන සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ, කරු ජයසුරිය,සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින් සම්බන්ධයෙන් මුළු රටම ආවරණය වන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් සිදු කර ඇති මේ ජන සමීක්ෂණයෙන් වැඩි දුරටත් හෙළිදරව් වී තිබෙන්නේ රට ,ජාතිය සහ ආගම ගැන හැඟීමක් ඇති සහ ඊට අදාළව විශ්වාසයක් තැබිය හැකි පරිණත,ජ්‍යෙෂ්ඨ වගේම කෘතහස්ත එකම නායකයා වන්නේ කරු ජයසුරිය මහතා බවය.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කෙරුණොත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් වඩා එහි වාසිය හිමි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව ද එම සමීක්ෂණය මඟින් කරුණු හෙළිදරව් වී තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් සිදු කෙරුණු එම ජන සමීක්ෂණයට අදාළ සම්පූර්ණ සහ පුළුල් වාර්තාව පාඨකයින්ගේ දැන ගැනීම සඳහා "lankanewsweek" මෙසේ පළ කර සිටිමු.
Lanka Newsweek © 2024