Saturday 16th of November 2019

English Tamil
Advertiesment


අනුර දිසානායකගේ ජනපති සටනේ දේශපාලන ගමන්මග..!


2019-08-19 16239

'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස  ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී   අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) නම් කරනු ලැබිය.

පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව  2014 පෙබරවාරි 2 වැනිදා පැවති ජනතා විමුක්ති පෙරමුණේ හත්වන ජාතික සම්මේලනයේදී   ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස පත් කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන් ආරම්භ වුයේ 1965 මයි 14 වැනිදා ගාල්ල අක්මීමනදිය. එහි නිර්මාතෘවරයා වූයේ රෝහණ විජේවීරය.එවකට පැවති ප්‍රධාන පෙලේ දේශපාලන ධාරාවට විකල්පයක් ලෙස  මෙය ගොඩ නැගුණි.

1971 හා 1988/89 දෙවරක් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණෙන් සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ, 1971 පැවැත්වූ අසාර්ථක රජය විරෝධී   කැරැල්ල  පසුව 1989 නොවැම්බර් 13 වැනිදා  ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන කිරීමත් සමග ජනතා විමුක්ති පෙරමුණට ඇති දුෂ්කර දේශපාලන ගමනකට අවතීර්ණ වීමට  සිදු විය.

සමකාලින   දේශපාලනය   තුළ    වැඩි   වශයෙන් කතාබහට ලක්වන නායකයෙකු ලෙස හැඳින්වීමට හැකි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා  වසර පහක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ   ඉදිරි දේශපාලන ගමන් මගට විශාල වශයෙන් දායකත්වය දෙමින් සිටින නායකයෙකු ලෙස කැපී පෙනෙන භුමිකාවක නිරත වෙමින් සිටි.   

1968 නොවැම්බර් 24 වැනිදා ගලේවෙල, දේවහුව ගමෙහි උපන් දිසානායක මුදියාන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතා තබුත්තේගම ගාමිණි ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය  ඇරඹු ඒ මහතා,ද්විතික අධ්‍යාපනය තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන්  (අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.) 1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අනුර කුමාර දිසානායක 1995 දී තම උපාධිය ලබාගත්තේය.

1987දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේ ශිෂ්‍යයකුව සිටිමින් දේශපාලනයට සම්බන්ධ වන අතර ශිෂ්‍ය අවධියේ සමාජවාදී ශිෂ්‍ය අංශයේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙයි.

1997දී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස පත්වෙයි. 1997දී ජවිපෙ මධ්‍යම කාරක සභාවටද පත්වෙන ඔහු 1998දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට තේරී පත්වෙයි. 1998 මධ්‍යම පළාත් මහ ඇමති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ඔහු 2000 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙයි.

2001දී පාර්ලිමේන්තුවට පත්වෙන අතර එම වර්ෂයේදී ආණ්ඩුව ලවා පරිවාස වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර ගැනීමට ප‍්‍රමුඛවී කටයුතු කරයි.

2004දී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි. සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාර්මාර් හා පශු සම්පත් අමාත්‍යංශයේ අමාත්‍ය ධුරය දරයි.

2008 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් නායකයා බවට පත්වෙයි.

2010 මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වෙයි. 2014 පෙබරවාරී මස 02 වැනිදා පැවැති 07වන ජාතික සමුළුවේදී ජවිපෙ නායකත්වයට තේරී පත්වෙයි.

2015 මහමැතිවරණයෙන් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

2015 සැප්තැම්බර් 03 සිට 2018 දෙසැ. 17 දක්වා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය.

 

 

 

Advertiesment