උදය-විමල්-වාසුගේ අලුත්ම ගණන් හැදිල්ල මෙන්න..!
චම්පික එදා පෙන්නපු ඇත්ත ගණන් සුත්තරේ..!
යු.ඇන්.පී එකට අද වැදිලා තියෙන හෙණය...!
(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)
මේ පෙබරවාරියට 2018 පුංචි ඡන්දය පවත්වල හරියටම වසරකි. 2018 පුංචි ඡන්දය දින්නේ පොහොට්ටුවය. ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ දින ලංකාවේ සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය පොහොට්ටුවේ පාටින් පැහැ ගැන්වූ ලංකා සිතියම ප්‍රදර්ශනය කරන ලදී.
ඡන්දයෙන් පසු පැවති පුවත්පත් සාකච්ඡාවට මහින්ද ආවේ පුවත්පත්වල පළවූ මේ සිතියමත් අතැතිවය. පුවත්පත් සාකච්ඡාව පිටුපස මේ සිතියම සටහන් වූ පුවත්පත් ඡායාරූප අලවා තිබිණි. මහින්ද පුවත්පත් සාකච්ඡාව මෙහෙයවුයෙත් එම පුවත්පත් ඡායාරූපය පෙන්වමින්ය.
මහින්දලා උජාරුවෙන් කිවේ පුංචි ඡන්දයෙන් පොහොට්ටුව 45%ක් ගත් බවය.
විමල්ලා, උදය ගම්මන්පිලලා, වාසුදේවලා කිවේ රටම පොහොට්ටුවට කියාය.
නාමයෝජනා ප්‍රතික්ෂේප වූ ආයතනවල ඡන්ද ගත්තොත් 50%ක් අතේ කියාය. පළාත් පාලන ඡන්දයකදී ඡන්දය පාවිච්චි කිරීම අඩු ප්‍රතිශතයක් තිබියදී 45% ලැබුණත් ජනාධිපතිවරණයක දී මෙය 60% ප්‍රතිශතයක් ඉක්මවනු ඇතැයි ඔවුහු කිහ.
උදය ගම්මන්පිල ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා සිටියේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක් දිනිය යුතු පළාත් පාලන ඡන්දයක දී විපක්ෂයක් 45% ඉක්මවා ගත්තාය කියන්නේ ජාතික මැතිවරණයක දී පොහොට්ටුව අති විශිෂ්ට ජයක් ලබන බවය.
එත් චම්පික රණවක මේ තර්කය බිඳ දැම්මේය. චම්පික කිවේ පොහොට්ටුව පුංචි ඡන්දයේදී 44.65%ක් ගත්තා කියා මාධ්‍ය කියන කතාව වැරදි බවය. පහත දැක්වෙන්නේ ඔහු එදා කළ විශ්ලේෂණය ය.
“ පොදුජන පෙරමුණ පුංචි ඡන්දයේදී 44.65ක් ගත්තාය කියන කතාව වැරදිය. ඇත්තටම පොදුජන පෙරමුණ ගත්තේ 40%ක් පමණයි. මාධ්‍ය වැරදි විදිහට ඡන්ද ප්‍රතිඵල ගණන් හදලා තියනවා. වලංගු ඡන්ද සංඛ්‍යාව ඔවුන් වැරදි විදිහට ගණනය කරල තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද ආණ්ඩුවක් හදන්න කතා කරනවා පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලින් හැබැයි එතුමා අරන් තියෙන්නේ 40%යි...”
චම්පිකගේ මේ හෙළිදරව්වට උදය ගම්මන්පිල ගැහුවේ පච රණවක ගණන් වරද්දාගෙන කියාය. එහෙව් උදය පසුගිය සතියේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා අපූරු කතාවක් කිවේය. මේ ඒ කතාවය.
“ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපට සන්ධානයක් ගොඩනගාගත යුතු වෙනවා. ඒකට හේතුව තමයි අපි පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලබාගත්තේ 40.5%යි. අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වල අපට ලබාගන්න හැකි වුණා යැයි තවත් ලක්ෂ දෙකක් එකතු කලත් අපේ ප්‍රතිශතය 42%යි. පසුගිය පුංචි ඡන්දයේදී 80%ක් ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ඒ නිසා පුංචි ඡන්දයේදී ඡන්දය ලබානොදී ගෙදර නතරවන පිරිස ජනාධිපතිවරණයේදී අප වෙත ආකර්ශනය වෙනවා යැයි කියන්න බැහැ. මොකද ගෙදර කවුරුත් නැහැ ආකර්ෂණය කර ගන්න. අපට 50% ඉලක්කය සපුරා ගන්න 8%ක් මදි..”
2018 පෙබරවාරියේදී පුංචි ඡන්දයෙන් ගත් 45% ජනාධිපතිවරණයක දී 60% පපන්නනවා කි උදය දැන් මේ අමුතු කතාවක් කියන්නේ ඇයි..?
උදය මේ කියන්නේ අමුතු කතාවක් නොවේ. චම්පික කි කතාවය. එදා චම්පික කිවේ පුංචි ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්දට ජනාධිපතිවරණයක් දිනන්න බැහැ කියාය. අද උදයත් ඒක පිළිගෙන තිබේ. උදය පමණක් නොව විමල්ලා, වාසුලා ද පිළිගෙන තිබේ.
“එතකොට රටම පොහොට්ටුවට කියල මාධ්‍යයි ,මහින්දයි පෙන්වපු සිතියම දැන් කුණු කුඩේ ද..?”
පේන්නේ ඒ වගේය. උදයලා, වාසුලා කියන්නේ මහින්දව නැගිට්ටවපු කට්ටියය. අද ඔවුන් කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය මහින්දට දිනන්න බැහැ කියාය.
“ ඉතිං ඇයි යු.ඇන්.පී.ය ඒක මාකට් කරන්නේ නැත්තේ..?”
යු.ඇන්.පී යට වැදිලා තියෙන හෙණය ඒකය.අද රාජපක්ෂලාට ගහන්න තුරුම්පු දෙන්නේ, ගණන් හදලා දෙන්නේ උදය, විමල්, වාසුලාය. ඔවුන් නොකියා කියන්නේ 2018 පුංචි ඡන්දයේදී මහින්ද විරෝධී පක්ෂ ඔක්කොම ගත්ත ඡන්ද ඔක්කොම එකතු කළාම යු.ඇන්.පීය ජනාධිපතිවරණය දිනලා ඉවරයි කියන එකය.
එදා චම්පික කීවෙත් මේ කතාවමය. ඒත් යු.ඇන්.පී යේ කවුරුත් එදා චම්පිකගේ මේ කතාව පිළිගත්තේ නැත. ඔවුහු යු.ඇන්.පී ය ඉවරයි කියා නායකයා වෙනස් කරන්න, පක්ෂය වෙනස් කරන්න කතා කළහ. ඒත් අද උදයලා, විමල්ලා, වාසුලා, චම්පික හරි කියා ඔප්පු කර පෙන්වා තිබේ. මහින්ද පොල් පිත්තක් දැම්මත් දිනනවා කි කට්ටිය අද කියන්නේ මහින්ද ඉල්ලුවත් 40%යි කියාය. ඒ කියන්නේ 2020 ජනාධිපතිවරණය යු.ඇන්.පී.යට වන් හෝස් රේස් එකකි. මහින්දව නැගිට්ටවන්න ගිය අයම මහින්ද එක්කම වැටිලා 2020ටත් කලින් පරාජය භාරගෙන ඉවරය.
Lanka Newsweek © 2024