Sunday 22nd of September 2019

English Tamil


ගෝඨාගේ නාම යෝජනා භාර ගන්න මැතිවරණ කොමසාරිස් පොරොන්දු වෙයි..!


2019-08-17 15428

ගෝඨා-මහින්ද රහස් හමුවක්..!

 

මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ කපුකමක්..!

 
(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන නාම යෝජනා පත්‍රය කිසිදු කිසිදු ප්‍රශ්නයකින් තොරව භාර ගැනීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොරොන්දු වී තිබේ. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ පොරොන්දුව ලබා දී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව පෞද්ගලිකව හමු වී මුහුණට මුහුණ කළ දීර්ඝ  සාකච්ඡාවකදී ය.

දෙපාර්ශවය අතර මේ රහස්  හමුව සිදුව තිබෙන්නේ 2018 ජුලි මාසයේදී වන අතර එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඍජුවම විමසා ඇත්තේ තමා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දුන්නොත් එම නාම යෝජනා පත්‍රය පිළිගැනීමට හැකිද සහ ඒ සඳහා සිය ද්විත්ව පුරවැසිභාවය බලපානවාද යන්න පිලිබඳවය. ඊට ඍජු පිළිතුරක් ලබා දෙමින් මහින්ද දේශප්‍රිය මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙන්නේ ජනධිපති අපේක්ෂකයෙකු ලෙස එසේ  නාම යෝජනා භාර දෙනවා නම් එම නාම යෝජනා පත්‍රය කිසිදු    ප්‍රශ්නයකින් තොරව පිළි ගැනීමට  හැකි බවය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටන ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ආරම්භ කළේ මහින්ද දේශප්‍රිය මහතාගේ එම පොරොන්දුව මත වන අතර මේ හමුව පිලිබඳ සියලු තොරතුරු එම සිද්ධියෙන් කෙටි කලකට පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බුද්ධි අංශ මඟින් වාර්තා කර තිබිණ.

මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා මැදිහත් වී සංවිධානය කළ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් අතර  මේ රහස් හමුව පැවැත් වුණේ ද කොළඹ පිහිටි  ඔහුගේ නිවසේ දීමය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකුවන මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා, මහින්ද දේශප්‍රිය මහතා වගේම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී   ශිෂ්‍යයෙකු ද වේ.