එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ඔස්ට්‍රේලියානු ක්රීඩකයින්සං මේ වන විට නිවේදනය කර තිබේ.
ඒ අනුව එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙති.
ආරම්භක පිතිකරු වන එරොන් ෆින්ච්ට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නායකත්වය හිමි වී ඇත.
තව ද පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත තරග තහනමට ලක්ව සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් හා හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවා තිබේ.
ඒ අනුව එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට නම් කර ඇති ඕස්ට්‍රේලියානු සංචිතයේ ක්‍රීඩකයින් වන්නේ, ජේසන් බෙහෙරෙන්ඩොෆ් , ඇලෙක්ස් කේරි , නේතන් කෝලට්ර නයිල් , පැට් කමින්ස් , උස්මන් කාවාජා , නේතන් ලයන් , ශෝන් මාෂ් , ග්ලේන් මැක්ස්වෙල් , ජායි රචඩ්සන් , මිචෙල් ස්ටාක් , මාකස් ස්ටොයිනිස් හා ඇඩම් සැම්පා යන අයයි.
කෙසේ වෙතත් වර්තමානයේ ඔස්ට්‍රේලායානු එක්දින කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වු පීටර් හැන්ඩ්ස්කොම්බ් ,ජොෂ් හැසල්වුඩ්ට, ඇශ්ටන් ටර්නර් , මැතිව් වේඩ් හා ඩාර්සි ශෝට්ටද මෙවර ඔස්ට්‍රේලායානු ලෝක කුසලාන සංචිතයේ ස්ථාන හිමි නොවීම විශේෂත්වයකි.
Lanka Newsweek © 2024