Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


එජාපයේ අඳුර දුරළිමට කරු කරළියට කැඳවයි..!


2019-08-16 20536

අගමැතිගේ ආශිර්වාදයත් කතානායකට..!

 

කතානායක භූමිකාව ගැන මහා සඟ රුවන අවදානයෙන්..!

 

නිවැරදිම තීන්දුව නොගත හොත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් එජාපය අත හරින ලකුණු..!

 

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ උද්ගත් වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කොට සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පක්ෂය දෙකඩ වීම වලක්වා ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මැදිහත් වන්නැයි එම පෙරමුණේ නායකයින් පිරිසක් ද, මහා නා හිමිවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැසක් ඇතුළු විවිධ පාර්ශවයන් ගණනාවක් කතානායක කරු ජයසුරිය මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණ සහ එහි දේශපාලන අනාගතය වෙනුවෙන් එම වගකීම,කාර්යභාරය සහ යුතුකම ඉටු කළ හැක්කේ කිසිදු කණඩායමක් හෝ කල්ලියක් නියෝජනය නොකරන පරිණත ප්‍රතිපත්තිගරුක වගේම ජ්‍යෙෂ්ඨ නායකයෙකුවන දේශබන්දු කරු ජයසුරිය මහතාට පමණක් බව එම කණ්ඩායම අවදාරණය කර සිටියි.

එක්සත් ජාතික පෙරමුණේ මේ ජනපති අපේක්ෂක ධූරය සම්බන්ධ අර්බුදය කරළියට ආ මොහොතේ සිටම වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ ව්‍යාපාර අධ්‍යන සහ මුල්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැසක් කතානායක කරු ජයසුරිය මහතාගෙන් මේ ඉල්ලීම කර ඇති අතර මහා නා හිමිවරුන් ප්‍රධාන සර්වාගමික නායකයින් ද ඔහුට ඒ සඳහා ආශීර්වාද කර ඇත.

ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහ ආශීර්වාදය ද මේ වන විට ලැබී ඇති අතර ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ දොස්තර රාජිත සේනාරත්න,පාඨලී චම්පික රණවක,මනෝ ගනේෂන් සහ රවී කරුණානයක යන මහත්වරුන් ඇතුළු නායකයින් රැසක් අඟහරුවාදා(13) රාත්‍රියේ කරු ජයසුරිය මහතා හමු වී මේ ඉල්ලීම කර ඇති අතර ඒ අනුව කරු ජයසුරිය මහතා ද ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් සිය එකඟතාවය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත අදහස් දක්වමින් වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ ව්‍යාපාර අධ්‍යන සහ මුල්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ පැවසිය.

" සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් එක්සත් ජාතික පෙරමුණේ උද්ගත වී තිබෙන අභ්‍යන්තර අර්බුදය සමතයකට පත් කර පක්ෂය දෙකඩවීම වලක්වා ජයග්‍රහණය කරා මෙහෙයවිය හැක්කේ කතානායක කරු ජයසුරිය මහතාටයි. ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙස මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික නායකයින් පෙරටු කර ගෙන අප එතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොවුණ හොත් සිදු වන්නේ එම පෙරමුණේ විරුද්ධවාදීන්ගේ අතට දේශපාලන අවි නිරායාසයෙන්ම පහළ වී ඒ අයගේ ජයග්‍රහණය තහවුරු වී එක්සත් ජාතික පෙරමුණ අන්ත පරාජයකට පත් වීමයි.

සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පිළිගත හැකි, පරිණත,ජ්‍යෙෂ්ඨ වගේම රටත් ජනතාවත් ගැන හැගීමක් තිබෙන උගත්, බුද්ධිමත්,සිංහල බෞද්ධ සහ විජයග්‍රාහී නායකයෙකුට අවස්ථාව ලබා දෙමින් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සිය ජනපති අපේක්ෂක අර්බුදය බල ලෝභයෙන්,අවස්ථාවාදී දේශපාලනයෙන් සහ සිය පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රවලින් තොරව ලිච්ඡවි ධර්ම අනුගමනය කරමින් සකච්ඡා මාර්ගයෙන් නොවිසදා ගන්නේ නම් එම පෙරමුණට මතවාදීව ලබා දෙන සහයෝගය වහාම අත්හිටුවා ස්වාධිනව සිටීමට අප තීරණය කර තිබෙනවා."

 

 

 

Advertiesment