Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


ද්විත්ව පුරවැසියෙකුට ජනපති අපේක්ෂකයෙකු විය නොහැකි ද..?


2019-08-16 1801

මැදමුලන ඇමරිකානුවා රිංගා යන ව්‍යවස්ථා හිල් මෙන්න..!

 

ද්විත්ව පුරවැසියකුට ජනාධිපති ධූරය දැරිය නොහැකි බවට වන නීතිමය ප‍්‍රතිපාදන..!

 

(නීතිඥ ජගත් ලියනආරච්චි)

මේ පිළිබවද නීතිමය ප‍්‍රතිපාදන ඇතුළත් වන්නෙ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ 19 වන සංශෝධනය මගිනි.ඒ අනුව 19 වන සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ, 91.1(ඈ) අනු ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් දැරීමට නුසුදුසුකමක් වශයෙන් (xii) යටතේ “වෙනත් රටක ද පුරවැසියකු වන ශ‍්‍රී ලංකාවෙ පුරවැසියකු” යනුවෙන් එකතු කර ඇත.

ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනීමට නුසුදුසුකම් දැක්වෙන 92 වන ව්‍යවස්ථාවේ (ආ), 91 වැනි ව්‍යවස්ථාවේ (01) වැනි අනු ව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ),හෝ (උ) ඡේදය යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකුවීම (අනෙකුත් නුසුදුසුකම්ද දක්වා ඇත) නොවේ නම්, ජනාධිපතිවරයකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුස්සෙක් වන්නේය යනුවෙන් දක්වා ඇත.මේ අනුව 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණයක් සදහා තරග කළ නොහැක.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබද පනතේ ප‍්‍රතිපාදන

මෙම පනත අනුව ජනාධිපතිවරණය සදහා නාම යෝජනාවක් ඉදිරිපත් කළ යුත්තේ මැතිවරණ කොමසාරිස් වෙතය. එහිදී විරෝධතා දැක්වීම පිළිබදව 14.1 වන වගන්තියේ දක්වා ඇත. විරෝධතා දැක්විය හැකි කරුණු 3කි.

1. ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සදහා ඒ අපේක්‍ෂකයා සුදුසුකම් ලබා නොමැති බව නාම යෝජනා පත‍්‍රයේ අඩංගු කරණුවලින් පැහැදිලි වීම.

2.දූෂණ ක‍්‍රියාවකට හෝ නීති විරෝධී ක‍්‍රියාවකට වරදකරු වී ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නුසුදුසුවී ඇති බව.

3.ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසින් ප‍්‍රජා අශක්නුතාවක් පත් කර ඇති අයෙකු බව.

ඒ අනුව මෙම 14.1 වගන්තියේ දක්වන කරුණක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගත හොත් නාම යෝජනාව ප්‍රතික්ෂේප කළ හැකි බව පනතේ 15 වන වගන්තියේ දක්වයි. මේ ප‍්‍රතිපාදන අනුව බැලූ බැල්මට ම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයකුගේ නාම යොජනාවක් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී ඇති අවස්ථාවක, ජනාධිපතිවරණ පනතේ 14.1යටතේ ඉදිරිපත් කරන විරෝධතාවක් මගින් ඹහු ශ‍්‍රි ලංකාවේ පුරවැසිභාවයට අමතරව වෙනත් රටක පුරවැසිභාවක් පවතින බවට සාර්ථකව කරණු තහවුරු කරන්නේ නම් එවැනි නාම යෝජනාවක් මැතිවරණ කොමසාරිස් (මැතිවරණ කොමිසම) විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.

නමුත් එකී පනතේ 14.1 (අ) අනු වගන්තිය දක්වා සිටින්නේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සදහා ඒ අපේක්‍ෂකයා සුදුසුකම් ලබා නොමැතිව බව නාම යෝජනා පත්‍රයේ අඩංගු කරණුවලින් පැහැදිළි වීම යන කරුණ විරෝධතාවක් ලෙස ඉදිරිපත් කළ හැකි බවයි. ඒ අනුව කරුණු කිහිපයක් අපැහැදිළිය.

1 නාම යෝජනා පත‍්‍රයේ තමන් වෙනත් රටක පුරවැසියකු වන්නේ ද නැද්ද යන ප‍්‍රශ්නය අසා නැත්නම්, අදාළ සුසුසුකම නාම යෝජනා පත‍්‍රයේ අඩංගු කරුණුවලින් පැහැදිළි වන්නේ කෙසේද..? (දැනට වලංගු නාම යෝජනා ආකෘතිය ජනාධිපති මැතිවරණ පනතේ පළමු වන උප ලේඛණය අනුව මෙවැනි පැහැදිලි කිරීමක් නොමැත) - “තමන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ දක්වා ඇති නුසුදුදුකමකට භාජනය වී නොමැති බවට” අපේක්‍ෂයාගේ ප‍්‍රකාශයේ ඇතුළත් වී ඇත.

2. මෙම උප වගන්තියේ දක්වන්නේ සුදුසුකම් ලබා තිබීමක් ගැනය. නමුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවේ ජනාධිපති අපේක්ෂකයෙකුවීමේ සුදුකම් පැහැදිළිව දක්වා නැත. එම සුදුසුකම් දක්වා ඇත්තේ 92 ව්‍යවස්ථාවේ දක්වා ඇති නුසුදුසුකම් නොමැති ඡන්ද හිමියකු වීමට සුදුකම් ලත් තැනැත්තෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු විය හැකි බවයි. ඒ අනුව ද්විත්ව පුරවැසියකුවීම යන විරෝධතාව ජනාධිපතිවරණ පනතේ 14.1 යටතේ දැක්විය හැකි විරෝධතාවක් ලෙස නොසලකා, නාම යෝජනා භාර ගත හැකි යැයි තර්ක කිරීමට ඉඩ ඇත. මෙවැනි අපැහැදිළිතාවක් නිසා නාම යෝජනා පත‍්‍රයක් භාර ගැනීමක් සිදු කළ විටක, එයට එරෙහිව ගත හැකි අධිකරණ ක‍්‍රියා මාර්ග සදහා නීතිමය ප‍්‍රතිපාදන පවතින නමුත් ඒවා ප‍්‍රායෝගිකව දුෂ්කරය.

වඩා සුසුසු වන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබද පනත සංශෝධනය කර 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්‍ෂා කළ ද්විත්ව පුරවැසිභාවය පිළිබද නුසුදුසුකම හා දෙවරකට වඩා ජනතාව විසින් ජනාධිපතිවරයකු ලෙස තෝරා පත් කර ගෙන තිබීම යන නුසුදුසුකම නිසි ලෙස ඇතුළත් කිරීමයි.

ඇමුණුම්-

i. 19 වන ව්‍යවස්ථාවෙන් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91.1 (ඈ) වගන්තිය

ii. 19 වන ව්‍යවස්ථාවෙන් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 වගන්තිය

iii. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබද පනතේ 14.1 වගන්තිය

iv. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබද පනතේ 15 වන වගන්තිය

v. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබද පනතේ 1වන උපලේඛණය

 




 

Advertiesment