Thursday 25th of April 2024

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුසියාව අතහිත දෙයි..!


2019-08-07 7641

ගල් අගුරු සහ වායු බලාගාර පිළිබදව රුසියානු රජයේ විශේෂ අවධානය..!

 දෙරට අතර ආයෝජන වැඩපිළිවෙලක්..!

රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy සහ විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අතර සුහද හමුවක් පැවැත්විණ.

විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනය සම්බන්ධයෙන් ද, මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය යම්තාක් දුරකට එල්.එන්.ජී. සහ ගල් අගුරු වෙත යොමුවී තිබිම ද, රුසියානු තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර මේ සම්බන්ධයෙන් සිය රටේද යම් පෙළඹවීමක් ඇති කිරීම දෙරටටම වාසිදායක ක්‍රියාමාර්ගයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී රුසියානු තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික සේම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම වගේ මේ වන විටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදා ගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන් රවී කරුණානායක අමාත්‍යවරයා ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ගල් අගුරු සහ ස්වභාවික වායු වැනි මූලාශ්‍ර වෙත යොමු වූ බවද රුසියානු  තානාපතිවරයා හමුවේ පැහැදිළි කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව විදුලිය අතින් ඉතාමත් ප්‍රශස්ථ මට්ටමකට පැමිණ සිටින බවත්, දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම වෙනුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබදවත් රවී කරුණානායක මහතා තානාපතිවරයාට කරුණු පැහැදිළි කළේය.

ආසියානු කලාපීය රටවල් අතර විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම යන අංශවලින්  ශ්‍රී  ලංකාව ප්‍රශංසනීය මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ෂේත්‍රය වර්ධනය කිරීම පිණිස අවශ්‍ය සහයෝගය ලබාදීමට රුසියානු රජය වෙනුවෙන් තමා එකග වන බවත් ඒ අනුව ගල් අගුරු සහ ස්වභාවික වායු බලාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ  ආයෝජනය කිරීමට රුසියානු රජයේ සේම සමාගම් අතර  පෙළඹවීමක් ඇති කිරීමට ක්‍රියා කරන බවත්  රුසියානු තානාපතිවරයා, අමාත්‍ය රවී කරුණානායක මහතාට පැවසීය.

Advertiesment