Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


එජාපයෙන් රනිල්-සජිත් දෙන්නම ඉල්ලයි..!


2019-08-07 16312

පක්ෂය දෙකඩ වන ලකුණු- වාසිය ගෝඨාට..!

 

"රනිල්-සජිත්" සකච්ඡා අසාර්ථකයි..!

 

දෙපාර්ශවයම මස් රාත්තල ඉල්ලයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගනිමින් පොදු එකඟතාවයකට පැමිණීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර කොළඹ අරලිය ගහ මන්දිරයේදී අඟහරුවාදා (6) රාත්‍රියේ පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ඊට හේතු වී තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයන් ගොඩනැගීමට යන නව සහ පුළුල් දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට තමාට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ සඳහා අවශ්‍යතාවයක් තමාටත් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාත් එකිනෙකාගේ මුහුණටම ඍජුව කියා ගැනීම නිසාය.

මේ සාකච්ඡාව ආරම්භ කරමින් සිය ස්ථාවරය කුමක් දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසා ඇති අතර එහි දී ඔහු අගමැතිවරයා හමුවේ අවධාරණය කර තිබෙන්නේ තමාට කිසිසේත් පසුපසට යා නොහැකි අතර තමා ජනාධිපතිවරණයට තරග කරන බවය. කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ මැදිහත් වී ගොඩ නැගීමට යන දේශපාලන සන්ධානයට සිය පුර්ණ සහයෝගය ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා එහි දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සිය ස්ථාවරය පැහැදලි කිරීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර විනාඩි 15ක් වැනි ඉතා කෙටි කලකින්ම දෙපාර්ශවය අතර සාකච්ඡාව අවසන් කොට ඇත.

 

Advertiesment