Sunday 26th of January 2020

English Tamil
Advertiesment


"මෛත්‍රී-මහින්ද" එකඟ වෙයි-ගෝඨා ගොඩ යයි..!


2019-08-06 24159

ජනපති විපක්ෂනායක හමුවේ ඇත්ත මෙන්න..!

 

(සුජිත් මංගල ද සිල්වා)

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු අකාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු පොදු එකඟතාවයකට පැමිණ සිටිති.

දෙපාර්ශවය මේ පොදු එකඟතාවයට පැමිණ සිටින්නේ ජනාධිපති නිල නිවසේදී සඳුදා (5) රාත්‍රියේ මුහුණට මුහුණ පැවැත්වූ විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක දීය.

මේ එකඟතාවයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කිසිදු නායකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇත.

ඒ බව මේ සාකච්ඡාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඕනෑම අපේක්ෂකයෙකුට සිය පුර්ණ සහයෝගය ලබා දිය හැකි බව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව ජාතික අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ වේවා ඔහුට සිය පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා දිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ වන විටත් පවසා ඇත්තේ, ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා කළ මේ සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයට අනුවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එකසත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන අතර ඒ සඳහා තරග කිරීමට ජනාධිපතිවරයාගේ සුදානමක් නොමැති බවට එම සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කරමින් සිටින්නේද මේ පසුබිම මතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ කරුණු කාරණා සම්බන්ධ සිය ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැහැදිළි කිරීමට ද නියමිතය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment