Thursday 22nd of August 2019

English Tamil


ලෝක මුස්ලිම් ලීගයට අස්ගිරි අනු නා හිමිගෙන් ‌කණේ පහරක්..!


2019-08-02 19984

වහබ්වාදීන්ගේ මහා සමුළුව..! 

(නායක බණ්ඩාර)

ආගම් සියල්ල සමාන වන්නට පුළුවන් වුණත් බෞද්ධ ධර්මය යනු ආගමක් ‌නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අති පූූූූජ්‍ය ‌‌වෙඬරුවේ උපාලි හිමියෝ පවසති. එසේම ආගම සහ දහම යනු එකක් ‌නොව ‌දෙකක් බවත් දහමින් සිත දමනය කරන අතර ආගම්වලින් සිදුවන්නේ සිත රමණය කිරීම බවත් උන්වහන්සේ අවධාරණය කර සිටිති.

අනුනායක හිමියෝ ‌මේ බව පැහැදිළි කර දුන්නෙ බදාදා  (31) ‌නෙළුම් ‌පොකු‌ණේ පැවැති "සාමය සමගිය හා සහජීවනය සඳහා වූ ජාතික සමුළුව" අමතමිනි.

"ලෝක මුස්ලිම් ලීගයේ" මහලේකම් ආචාර්ය ෂීක් මොහොමඩ් බින් අබ්දුල්කරීම් අලිසා‌ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‌මෙම සමුළුවට ‌කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරූ ජයසූරිය, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග, ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේෂන්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර, අමීර් අලී, ෆයිසර් මුස්තාෆා, ඒ.එච්.එම් ෆවුසි, ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

"ලෝක මුස්ලිම් ලීග‌යේ ක්‍රියාකාරීත්වය" සහ මෙම සමුළුව පිළිබඳ මීට ‌පෙර අවස්ථාවක දී ‌බොදු බල ‌සේනා සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් ද සිදු කරනු ලැබ තිබිණි. ‌

බොදු බල සේනා  මහ ‌ලේකම් ‌ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ‌‌පෙන්වා දී තිබුණේ ‌"ලෝක මුස්ලිම් ලීගය" යනු මුස්ලිම් වහාබ්වාදය ‌ලොව පුරා ප්‍රචලිත කිරීමට නිර්මාණය කළ සංවිධානයක් බවයි. ‌

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ යටි අරමුණු පිළිබඳ ව ද ‌බොදු බල ‌සේනා සංවිධානය පැහැදිළි කර දී තිබිණි.

කෙසේ ‌වෙතත් උපාලි හිමියන් සමුළුවට සහභාගී ‌වෙමින් පවසා සිටියේ මහානායක හිමියන්ගේ නියමයකට අනුව නිරීක්ෂණ මට්ටමින් තමන් වහන්සේ ‌මේ අවස්ථාවට සහභාගී වූ බවයි.

මාවනැල්ල බුදුපිළිම කැඩූ සිද්ධිය සිහිපත් කළ උන්වහන්නේ පවසා සිටියේ එය ‌බෞද්ධයන්ගෙ ඔලුවට ගැසීමක් වැනි බරපතල සිද්ධියක් බවයි.

ඒ් අවස්ථාවේ දී මහානායක හිමියෝ ‌බෞද්ධයන් උසිගැන්වීමක් සිදු ‌නොකළ බවත්, රට ‌ලේ විලක් වීමට තිබූ අප්‍රේල් 21 ප්‍රහාරයේ දී කාදිනල් හිමි‌යෝ එය වළක්වාගත් බවත්, උපාලි හිමියෝ ‌‌‌පෙන්වා ‌දෙති. එම නිසා සහජීවනයේ පාඩම මුස්ලිම්වරු ඉගෙන ගත යුතු වන්නේ සිංහලුන්ගෙන් විනා එය ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට අවශ්‍යතාවක් නැති බව උපාලි හිමි‌යෝ වැඩිදුරටත් පෙන්වා ‌දුන්නහ.