Saturday 14th of December 2019

English Tamil
Advertiesment


සජිත් ප්‍රේමදාස ප්‍රධාන එජාපයට එරෙහි කුමන්ත්‍රණකරුවෝ කෘත්‍යාධිකාරීයේදී නිරුවත් වෙති..!


2019-08-01 17132

එජාප නව සන්ධානයට පක්ෂව 35-විරුද්ධව 08යි..!

 

එජාප නියෝජ්‍ය නායකයා සුපුරුදු පරිදි සිය කණ්ඩායම පාවා දෙයි..!

 

මංගල,අජිත්,ඉරාන්,හර්ෂ,චන්ද්‍රානි,සුජීව,දිලිප්,රවී අනාථ වෙති..!

 

සජිත් ප්‍රේමදාස නව සන්ධානයේ මහා ලේකම්කම ඉල්ලයි..!

 

රනිල් දිනා ගනී-සජිත් අනා ගනී..!

 

සිරස වසන් කළ කෘත්‍යාධිකාරීයේ ඇත්තම ඇත්ත මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂය මැදිහත් වී ගොඩ නැගීමට යන ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිසල් ම සන්ධානයට අත්සන් තැබීම සහ ඊට අදාළ ව්‍යවස්ථාව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර ඡන්දයෙන් සභා සම්මත විය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මේ තීරණය ගනු ලැබුවේ සජිත් ප්‍රේමදාස පාර්ශවය මුල සිටම ඊට දැක්වූ සියලු විරෝධතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමිනි.

මේ සුවිශේෂී තීරණය ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය බ්‍රහස්පතින්දා (01) අරලිය ගහ මන්දිරයේදී රැස් වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමැති මේ පුළුල් දේශපාලන සන්ධානය සඳහා ඒකමතිකභාවයක් නොමැති නම් ඒ සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදු කිරීමට සිදු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භයේදී ම කියා සිටියේය. සජිත් ප්‍රේමදාස පාර්ශවය ඊට විරුද්ධ වුනත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයේ තීන්දුව මත ඒ සඳහා විවෘත ඡන්ද විමසීමක් සිදු කෙරුණු අතර ඊට 35ක් පක්ෂව ඡන්දය පාවිච්චි කරද්දී විරුද්ධ වුයේ අට දෙනෙකු පමණකි.

මේ දේශපාලන සන්ධානයට මුල සිටම විරෝධය පළ කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතිහාසයේ වගේම මේ අවස්ථාවේදීත් පාවා දෙමින් යෝජනාවට පක්ෂව හෝ විපක්ෂ ඡන්දය නොදී නිහඩව සිටිය දී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ කබීර් හෂීම්, අජිත් පී. පෙරේරා, මංගල සමරවීර,ඉරාන් වික්‍රමරත්න, චන්ද්‍රානි බණ්ඩාර, සුජීව සේනසිංහ, දිලිප් වෙදආරච්චි සහ රවින්ද්‍ර සමරවීර යන අට දෙනා පමණක් වීම විශේෂත්වයක් විය.

මේ දේශපාලන සන්ධානයට මුල සිටම විරුද්ධව සිටි සජිත් ප්‍රේමදාස මහතා අවසානයේදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු නව සන්ධානයේ මහා ලේකම් ධූරය තමාට භාර දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ නව දේශපාලන සන්ධානයට අත්සන් තැබීමෙන් පසුව සියලු නායකයින් සමග සකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවය.

නව දේශපාලන සන්ධානයට අත්සන් තැබීම පවා නොකළ යුතු බව කියමින් මුල සිටම ඊට විරුද්ධව ක්‍රියා කළ සජිත් ප්‍රේමදාස මහතා අවසන් මොහොතේ දී මෙසේ එම සන්ධානයේ ම මහා ලේකම් ධූරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමේ සිද්ධියෙන් ඔහුගේ පාර්ශවය මවිතයට පත් වූ අතර රැස්වීමෙන් අනතුරුව මංගල සමරවීර මහතා, කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් සමග කියා සිටියේ "මේ ගොල්ලෝ කළේ කරන්න කතා කරගෙන ආපු දේ නෙමෙයි නේ..." කියාය.

නව දේශපාලන සන්ධානයට අදාළ ව්‍යවස්ථාව නොලැබුන බව කියමින් අජිත්. පී. පෙරේරා ඉරාන් වික්‍රමරත්න සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු සුළුතරය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කෑ ගසා කලහකාරී ලෙස හැසිරෙද්දී එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එම ව්‍යවස්ථාවේ පිටපත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු දෙනාට ලබා දී තිබෙන බවය. එහිදී " ඔබට එම ව්‍යවස්ථාවේ පිටපතක් ලැබුණේ නැද්ද..?" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එහි පිටපතක් තමාට ලැබුණු බව ඔහු ප්‍රසිද්ධියේම පිළිගත්තේය.

මේ ව්‍යවස්ථාවට අනුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු නව දේශපාලන සන්ධානයේ නායකත්වය,නිශේධ බලය සහ තුනෙන් දෙකක බහුතර බලය එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකයාටත් හිමි වන තත්ත්වය හමුවේ ඊට විරුද්ධ වන්නේ කිනම් පදනමක් මත දැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ ද ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි යළිත් පරාජය කිරීම සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් රටට අවශ්‍ය බවය. එ

ක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන ජෝන් අමරතුංග, සහ රවී කරුණානායක ඇතුළු සියලු දෙනා රට හමුවේ තිබෙන ජාතික දේශපාලන සන්ධානයක අවශ්‍යතාවය මතු කරද්දී රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාළ සහ මලික් සමරවික්‍රම ඇතුළු සුළු පිරිසක් නිහඩව සිටියහ.

අජිත් පී. පෙරේරා,ඉරාන් වික්‍රමරත්න සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය දෙස මුල සිටම බලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව දේශපාලන සන්ධානයට අදාළ ඡන්ද විමසීමෙන් පසුව ඒ අයගේ මුහුණට ම කියා සිටියේ "ඔබලාගෙන් මම මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු වුනේ නැහැ.ඇත්තටම කණගාටුයි ඔබලා මේ රටේ ඇමැතිකම්වලට සුදුසු මිනිස්සු නොවෙයි" යනුවෙනි.

Advertiesment