Monday 14th of October 2019

English Tamil
Advertiesment


එජාප නව සන්ධානයට සජිත් ප්‍රේමදාස දිගටම අකුල් හෙළයි..!


2019-07-31 15259

සන්ධාන උත්සවය කඩාකප්පල් කරන කුමන්ත්‍රණයක් ගැන පාඨලී චම්පිකගෙන් හෙළිදරව්වක්..!

 

අගමැති අවදානයෙන්-නායකයින් සීරුවෙන්..!

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණ මැදිහත් වී ගොඩ නැගීමට යන ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිසල් ම දේශපාලන සන්ධානය වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සජිත් ප්‍රේමදාස පාර්ශවය යළිත් වතාවක් සිය විරෝධතාවය පළ කර තිබේ.

සජිත් ප්‍රේමදාස පාර්ශවය මෙසේ සිය විරෝධය පළ කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී සඳුදා (5) සවස පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේදීය.

මේ නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් එහි දී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් ඇතුළු කණ්ඩායම කියා තිබෙන්නේ සැලසුම් කර ඇති පරිදි 2019 අගෝස්තු 05 වැනිදා මේ නව දේශපාලන සන්ධානයට එක්සත් ජාතික පෙරමුණ අත්සන් තැබීමෙන් වැලකි සිටිය යුතු බවය.

එම ගිවිසුම සඳහා අත්සන් තැබීම අත්‍යාවශ්‍ය නම්, ඒ වෙනුවෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය වැනි ස්ථානයක විශාල උත්සවයක් නොපවත්වා සුළු පිරිසක් පමණක් සහභාගී කරවා ගෙන විශාල ප්‍රසිද්ධියක් ලබා නොදී හැකි තරම් දුරට රහසිගත ව ඒ සඳහා අත්සන් තැබිය යුතු යැයි පෙන්වා දී තිබෙන සජිත් ප්‍රේමදාස පාර්ශවය පසු අවස්තාවක දී කොළඹ ගාලු මුවදොර පිටියේදී අවශ්‍ය නම් ලොකු උත්සවයක් සංවිධානය කළ හැකි යැයි ද යෝජනා කර තිබේ.

සජිත් ප්‍රේමදාස පාර්ශවයේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන නායකයින් පෙන්වා දී ඇත්තේ කල් ඇතිව සැලසුම් කර ප්‍රසිද්ධියක් ද ලබා දී ඇති තත්ත්වය හමුවේ නව දේශපාලන සන්ධානයට 2019 අගෝස්තු 5 වැනි දා නියත ලෙසම අත්සන් කළ යුතු බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල,දොස්තර රාජිත සේනාරත්න, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක සහ පී. දිගම්බරන් යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් එහි දී වැඩි දුරටත් අවදාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බොහෝ අය නොදන්නා කුඩා දේශපාලන පක්ෂ 10ක් සමග සන්ධාන ගත වෙමින් දේශපාලන වශයෙන් ඇද වැටි තිබෙන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පෙරමුණ මේ ඓතිහාසික දේශපාලන සන්ධානයට අත්සන් තබමින් සිය බලය, ජවය සහ ශක්තිය රටට ජනතාවට ප්‍රදර්ශනය කළ යුතු බවය.

මෙහි දී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු නව සන්ධානයට අත්සන් තබන මොහොත කඩා කප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ විශේෂ අවදානය යොමු කරවමින් පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ, එම කුමන්ත්‍රණයට ඉඩ නොතබා මේ ඓතිහාසික උත්සවයට සහභාගිවන පිරිස පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර වහාම ගත යුතු අතර දේශපාලන විරුද්ධවාදීන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කිසිවකුට ඉඩ නොතැබිය යුතු බවය.

Advertiesment