Saturday 14th of December 2019

English Tamil
Advertiesment


නරේන්ද්‍ර මෝදී හමුවීමට ගෝඨා දත කයි..!


2019-07-30 11262

මිලින්ද මොරගොඩගේ කපුකමක්..!

 
(සුජිත් මංගල ද සිල්වා) 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමු වී සකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ඉල්ලීම කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වන විට සිය ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය රජයේ සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණෙනි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉන්දීය රජයෙන් මේ ඉල්ලීම සිදු කර මේ වන විට සති දෙකක කාලයක් ගත වී ඇති නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මේ හමුව සඳහා මේ වන තුරුත් දිනයක් සහ වේලාවක් ලබා දී නොමැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉන්දීය රජයෙන් මේ ඉල්ලීම සිදු කර එම වැඩ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින්නේ, "Pathfinder Foundation" ආයතනය සහ එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසිනි.

Advertiesment