Thursday 12th of December 2019

English Tamil
Advertiesment


ජනාධිපතිවරණයට අසාද් සාලිගෙන් සුළු ජාතික අපේක්ෂකයෙක්..!


2019-07-19 7728

(නායක බණ්ඩාර)

රටේ  සමස්ත ජනගහනයෙන් 30%ක් වූ සුළු ජාතික ජනතාව නියෝජනය කරමින් මුස්ලිම් හෝ දෙමළ අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් විය හැකි බවට හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර, ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අනතුරු අඟවයි.

අප්‍රේල් 21 පාස්කු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ ආණ්ඩුව හිටි හැටියේ ම ශරියා විශ්ව විද්‍යාල රජයට පවරා ගැනීම පිළිබඳ කතා කිරීමටත්, රටක එක නීතියක් තිබිය යුතු බව කියමින් මුස්ලිම් විවහ නීතිය අවුරුදු 18 දක්වා සංශෝධනය කිරීම පිළිබඳ කතා කිරීමටත් පටන් ගනීම මුස්ලිම් ජනතාවට ලොකු ප්‍රහේලිකාවක් බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි. තවද ඔහු පෙන්වා දෙන්නේ මේ ගැන තමා දිගින් දිගටම කල්පනා කරද්දී මේ සිද්ධි දාමයේ මහ මොළකරු අතුරුලීයේ රතන ස්වාමින්වහන්සේ බව ඔහුට තේරුම් ගිය බවයි.

අවුරුදු හතර හමාරකින් පසුව රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වූ බවත්, උන්වහන්සේ දැන් තමා වටා සිටි  පිරිසටම පහර දෙමින් පොහොට්ටුව දෙසට තල්ලු වෙමින් යන බවත්,  කන්නෙ නෑ බොන්නේ නෑ කියමින් උපවාස කළ කාලයේ සිට එළියට ඇවිත් පන්සලේ කළ මාධ්‍ය සාකච්ඡාවේ දී පළ කළ අදහස්වලින් එය  පහැදිළි වන බවත් අසාද් සාලි මහතා  පෙන්වා දෙයි. උපවාසය කළ කාලයේ දී රතන හිමියන් "මැරෙන්න යනවා" සේ පෙන්නුවද ග්ලෝකෝස්, තැඹිලි බොමින් රංජන් රාමනායක වාගේ රඟපෑමක් කරමින් සිටි බවටද අසාද් සාලි මහතා චෝදනා කරයි.

දින 10කින් රතන හිමියන් කළ රඟපෑම ඔප්පු වූ බව පවසන  අසාද් සාලි මහතා මෙම සිද්ධි හේතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔවුන් විශේෂ වැඩ පිළිවෙලක් සංවිධානය කරන බව  අවධාරණය කරයි.

ඉදිරියේ සිදුවිය හැක්කක් පිළිබඳ අනාවැකියක් පලකරන බව කියමින් අසාද් සාලි මහතා  සිංහල මහ ජාතියට අනතුරු අඟවන්නේ 30% සුළු ජාතීන් සිටින ශ්‍රී ලංකාවේ  මුස්ලිම් හෝ දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඉඩ ඇති වගද සිහි තබාගත යුතු බවටයි.

අසාද්ඊ සාලි මහතා මේ අදහස් පළ කළේ  බ්‍රහස්පතින්දා (18)  පැවති විශේෂ මාධ්‍ය හමුවක දිය.

Advertiesment