ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම්, එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පණිවිඩයක් යවමින් දැනුම් දී තිබේ.
හිටපු ආරක්ෂා ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සජිත් ප්‍රේමදාස මහතා මේ බව දැනුම් දී තිබෙන්නේ ප්‍රබල දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික න්යායචාරවරයෙක් මාර්ගයෙනි.
ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ අතිශය පෞද්ගලික හිතවතකු වන මොහු කලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රබල ඇමතිධුර දරමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටි අතර මේ වන විට ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයෙන් ඈත් වී සිටින්නෙකි.
ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු ඉදිරි දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර තොරතුරු හුවමාරු කරමින් දෙපාර්ශවය අතර සම්බන්ධිකරණ කටයුතු සිදු කරන්නේ මේ පුද්ගලයාය.
සජිත් ප්‍රේමදාස මහතා, මේ පුද්ගලයා මාර්ගයෙන් මේ කාරණය දැනුම් දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව තහවුරු කර ගැනීමෙන් පසුවය.
එක්සත් ජාතික පක්ෂයේ න්යෝජ්ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මේ තීරණයට හේතු වී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ඔහුට තිබෙන ගෞරවය වේ. ඊට හොදම උදාහරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මතවාදීව සහය පළ කරන මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායමක් සමග මිට මාස කිහිපයකට පෙර පැවැත්වූ සාකච්ඡාවකදී, තමාට හිටපු ආරක්ෂක ලේකම්වරයා කෙරෙහි විශාල ගෞරවයක් තිබෙන බව සජිත්ය ප්‍රේමදාස මහතා ඍජුව ප්‍රකාශ කර තිබීමය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ස්ථිරව ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වෛද්‍ය ප්‍රතිකාර අවසන් කර මේ මස 22 වැනිදා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට යළි පැමිණෙන අතර ඒ පැමිණි වහාම ඔහු කැළණි රජ මහ විහාරය වැද පුදා ගෙන සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ඊට සමගාමිව 2019 අගෝස්තු මස 11 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වාර්ෂික මහා සමුළුවේදී, එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එහි ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉන්දියාව, ඇමරිකාව සහ චීනය සම්බන්ධීකරණය කරමින්, ඒ රටවල සහයෝගය ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ මිලින්ද මොරගොඩ මහතා ප්‍රධාන ඔහුගේ "Pathfinder Foundation" ආයතනය වේ.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු හිටපු සහකාර ලේකම් "Robert o. Blake" මහතා මිට කෙටි කලකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ විශේෂ උත්සවයකට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිකමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙන සක්‍යතා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේ ද මේ මිලින්ද මොරගොඩ මහතා ප්‍රධාන ඔහුගේ "Pathfinder Foundation" ආයතනයේ මෙහෙයවීම මතය.
Lanka Newsweek © 2024