Thursday 22nd of August 2019

English Tamil


කිරිවෙහෙර පරිශ්‍රයට නව විදුලි ආලෝකකරණ පද්ධතියක්..!


2019-07-17 7440

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටළු සදහා කඩිනම් විසදුම් ලබාදිමටත්, විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත දැනුම් ඩි තිබේ.

ඓතිහාසික රුහුණූ කතරගම මහා දේවාලයේ ඇසල මහා පෙරහැරට සමගාමීව, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කර තිබූ කිරිවෙහෙර වහන්සේ විෂයෙහි පැවැති කප්රුක් පූජාව ඇතුළු කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පිංකම් මාලාවකට සහභාගීවු අමාත්‍ය රවී කරුණානායක මහතා එම විහාරස්ථානයේ  අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එම විහාරස්ථානයට අදාළ විදුලි සංවර්ධන කටයුතු ඉටුකිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී  තිබේ.

1970 වසරේ ස්ථාපිත කර ඇති කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආලෝකකරණ පද්ධතිය, වසර ගණනාවකින්  නවීකරණයකට භාජනය කර නොමැති හෙයින්   විදුලි  ආලෝකකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමටට තමා අවශ්‍ය පියවර ගන්නා බව, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැකීම  පැමිණි අවස්ථාවේ  දී  අමාත්‍යවරයා  කිරිවෙහෙර විහාරාධිපති ස්වාමින් වහන්සේට  ප්‍රකාශ කර ඇත. 

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා දේශපාලඥයෙක් විසින් ස්වේච්ඡාවෙන් මෙවැනි උතුම් කර්තව්‍යයක් සිදුකිරිමට ඉදිරිපත්වීම විශිෂ්ට ක්‍රියාවක් බවත්, තමන් රජයෙන් මෙතෙක් මෙවැනි කටයුත්තක් සිදුකර දෙන ලෙසට ඉල්ලීමක් පවා සිදු කර නොමැති බවත්, පොදු මහජනතාව වෙනුවෙන් සිදුකරන මෙම උතුම් කටයුත්ත වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන විෂයභාර අමත්‍යවරයාට තමා ස්තුතිවන්ත වන බවත්, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.