දැනට ලංකාව පාලනය කරන පාලකයෝ ආගමික නායකයන්ට ආගම්වලට අපහාස සිදුකිරිම් තුළින් ජනතාව උසි ගැන්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එහි දී රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ රට,ජාතිය ආරක්ෂා කිරීමට රැකවරණය හා නායකවය දුන්නේ ගරු ස්වාමින් වහන්සේලා වන අතර එය පෙර රජ දවසේ සිට අද දක්වා පමණක් නොව අනාගතයේ දී ද සිදුවන මෙහෙවරක් බව ඔහු අවධාරණය කළේය. ආරණ්‍ය සේනාසනවල වැඩවසන හිමිවරුන් විසින් සම්බුද්ධ ශාසනයට කරනු ලබන සේවය ද සිහිපත් කළ විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ ශාසනයක් ආරක්ෂා වන්නේ භික්ෂුණ් වහන්සේලා නිසා බවයි. එහෙත් අද වනවිට භික්ෂූන් වහන්සේ ලා තරම් පීඩාවට පත්වන පිරිසක් තවත් නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.
ඒ පිළිබඳව තව දුරටත් කරුණු දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ, විශේෂයෙන්ම පසුගිය වසර හතර තුළ හිමිවරුන්ට අපහාස කිරීම්, සිරගත කිරීම් වැඩි වශයෙන් සිදු වූ බවයි. මීට අමතරව වෙනත් ආගම්වල නායවකයන්ට ද මෙම ගැරහීම් අපහාස කිරීම් සිදුව තිබෙන බව ඒ මහාතා සඳහන් කරයි. මෙහි දී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ මෙම සිදුවීම් පාලකයන් විසින් සිදු කරනු ලබන්නේ සිංහල බෞද්ධයා උසි ගැන්වීමේ අරමුණ වෙනුවෙන් බවයි. එහෙත් මේවා පිළිබඳ ජනතාව තැකීමක් නොකරන බවද ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් මේවා පිළිබඳ අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය කළ යුතු වුවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඔවුන් ඒ ගැන සැලකිලිමත් නොවන බවයි. තවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ මොවුන් ආගමික නායකයන්ගෙන් සමාව ගතයුතු බවයි. එසේ නොකරන්නේනම් ඊට ක්‍රමවේද සැකසිය යුතු බවද ඔහු පෙන්වා දෙන විපක්ෂ නායකවරයා අද වන විට ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කියන නායකයන් සිටින රටක් බවට පත්ව ඇති බව පෙන්වා දෙයි.
මේ සිංහල බෞද්ධ රටේ සමාජ, සංස්කෘතික, ආගමික, පරිසර, සංස්කෘතික, සෞඛ්‍ය ආදි සියලුම අංශයන්වල පෙරමුණ ගෙන මඟ පෙන්වූයේ පන්සල බව ප්‍රකාශ කරන ඒ මහතා එමනිසා සියලු ජනයා පන්සල සමඟ එක්විය යුතු බව අවධාරනය කරයි.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කර තිබෙන්නේ ඊයේ(16) ගාල්ලේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවකදීයි.
Lanka Newsweek © 2024