Wednesday 18th of September 2019

English Tamil


ලෝක කුසලානය එංගලන්තයට..!


2019-07-15 1200

(නායක බණ්ඩාර) 

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මුල් වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් මහගෙදරට රැගෙන යෑමට එංගලන්තය සමත්විය. එංගලන්තය විසින් ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දෙනු ලැබීමෙන් වසර 44ක් ගතවන තෙක් ම ඔවුන්ට එම කිරුල මේ වන තෙක් දිනා ගැනීමට නොහැකි වීම විශේෂත්වයයි.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. මෙහි දී හොඳ ඉනිමක් ක්‍රිඩා කිරීමට නවසිීලන්ත කිසිදු ක්‍රීඩකයකුට අවස්ථාව නොදීමට එංගලන්ත පන්දු යවන්නන් වගබලා ගත් අතර, ඒ අවසරයෙන් මාටින් ගප්ටිල් ලකුණු 19 කට සහ අතර නායක කේන් විලියම්සන් ලකුණු 30 කට සීමා විය.

හෙන්රි නිකොල්ස් ලකුණූ 55 ක් රැස් කළ අතර ටොම් ලැතම් ලකුණූ 47 ක් රැස් කළේය. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහා ලියම් ප්ලන්කට් කඩුළු 3 බැගින් දවා ගත්තේ ය. අනතුරුව පිටියට පිවිසි එංගලන්තය සිය කුළුදුල් ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ලකුණු 242 ක ඉලක්කයක හඹා ගියේය. එහි දී මුල් කඩුලු 4 ලකුණූ 86 ක් තුළදී බිඳ වැටිණු නමුත්, අනතුරුව පිටියට පිවිසි බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් එංගලන්ත ඉණිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 110 කි.

කෙසේ වෙතත් අවසන් භාගයේ දී එංගලන්ත ක්‍රීඩකයන්ට පන්දු 12 දී ලකුණු 24ක ඉලක්කයක් හඹා යන්නට තිබියදී ජේම්ස් නීෂම් ලියම් පල්න්කට් සහ ජොෆ්රා ආචර් ගේ කඩුළු බිඳ වැටීමෙන් තරගයේ වාසිය නැවත නවසීලන්තයට දෙසට දෝලනය වන්නට විය. අවසන් පන්දුවාරය වනවිට එන්ගලන්තයට ජයග්‍රහී ඉලක්කය පසු කිරීමට කඩුළු දෙකක් පමණක් අතැතිව තවත් ලකුණු 15ක් ඉතිරිව තිබිණි. අවසන් පන්දු වාරයට පලපුරුදු වේග පන්දු යවන්නකු වූ ට්‍රේන්ට් බෝල්ට් කැඳවීමට එංගලන්ත නායකයා ක්‍රියාත්මක විය. ඔහු අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙක නිලකුණු පන්දු දෙකක් ලෙස ක්‍රියාත්මක වුවත්, තුන්වැනි පන්දුවට බෙන් ස්ටොක්ස් ලකුණු 6කින් පිළිතුරු දී තරගය නැවත තමා සතු කර ගත්තේය. ඒ සමඟම සිව් වැනි පන්දුවේ දී  ක්‍රියාත්මක වූ ඔහු එල්ල කළ පහරින් පන්දු රකින ක්‍රීඩකයකුද සමඟ පන්දුව හයේ සීමාවෙන් එපිටට තල්ලු කළේය. නමුත් අවසන් පන්දු දෙකේ දී ලකුණු 2ක් ලබා දෙමින් ආදීල් රෂීඩ් සහ මාර්ක් වූඩ් දුවද්දී දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයන් සමත් වූයේ පන්දු වාර 50 අවසානයේ කණ්ඩායම් දෙකේ ම ලකුණු සම කරමිනි.

එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 84ක් රැස් කළේ ය. පසුව තරඟයේ නීතිරීතිවලට සුපිරි පන්දු වාරය බැගින් කණ්ඩායම් දෙකට හිමි වුණත් එහිදී ද කණ්ඩායම් දෙකම ලකුණ 15 බැගින් ලබාගෙන යළි සම තත්ත්වයට පත්විය. මෙය ලෝක කුසලාන එක්දින තරගාවලියකදී වූ සුවිශේෂම අත්දැකීමකි. නැවත සම ලකුණු ලැබීමත් සමඟ තීරකයන් අවදානය යොමු කළේ ඊළඟ මෙවැනි අවස්ථාවකදී සලකා බලන න්‍යායටය.

ඒ වැඩිම හයේ පහරවල් එල්ල කළ කණ්ඩායම කුමක්ද කියා ය. ඒ අනුව තරඟයේ හයේ සහ හතරේ පහර 26ක් එල්ල කර තිබූ අතර එංගලන්තය,හයේ සහ හතරේ පහර 17ක් එල්ල කර තිබූ නවසීලන්තය පරදවා මෙම තරඟය ජයගත් බවට  තීරණය කෙරිණි.