මරණ දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉරිදා (14) ඇඹිලිපිටිය "වලව" මහවැලි ගොවීන්ට ඉඩම් අවසරපත් ලබාදීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
පෙන්වා දෙන්නේ මරණ දණ්ඩනය අහෝසි කළහොත් රට ශිෂ්ට සම්පන්න රටක් කිරීමට නොහැකි බවයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මරණ දණ්ඩනය අහෝසි කළ හොත් රට ශිෂ්ට සම්පන්න රටක් කිරීමට නොහැකි අතර ඒ තුළින් දේශපාලනඥයෝ සමඟ සබඳකම් පවත්වන පාතාලයක් රට තුළ ඇති වන බවයි.එදා සිට අද දක්වා සිටි හැම ආණ්ඩුවකම එවැනි දේශපාලකයන් සිටින බැවින්ලොව බොහෝ රාජ්‍ය නායකයන් මරා දමන ලද බවත්, නැත්නම් බලයෙන් පහකරන ලද බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එමනිසා බොහෝ රාජ්‍ය නායකයෝ මත්ද්‍රව්‍ය පාතාලයට අත නොගසන බව ඒ මහතා පවසයි.
කවුරුන් කෙසේ කිවත් අප්‍රේල් 21 දා එල්ල වූ ත්රස්වාදීන්ගේ බෝම්බ ප්‍රහාරය ජාත්‍යන්තර ත්රස්තවාදීන් කළ එකක් බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තමා ගෙනගිය මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩපිළිවෙළ ආ පස්සට දැමීමත් තමා අපකීර්තියට පත් කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලද බවට චෝදනා කරයි.
කෙසේ වෙතත් තම සටන නොනවත්වා ඉදිරියටම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා අවධාරණය කරන අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද පවසයි. ශ්‍රී ලංකාවේ අසල්වැසි රටවන ඉන්දියාවේත්, ආසන්න රටක් වන සිංගපූරුවේත් ප්‍රාන්ත ගණනාවකම මරණ දණ්ඩනය ක්‍රියාත්මක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. එපමණක් නොව ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වළක්වන්න නම්, මුළු රට පුරා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මීට සති දෙකකට පෙර කියා සිටි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එහෙත් ඇමරිකානු පන්නයේ මෙරට ආණ්ඩුවේ ඇතැමුන් තම ස්වාමියාට විරුද්ධව කටයුතු කරන බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි. මෙහි දී ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මරණීය දණ්ඩනය රටට අවශ්‍ය බවට ජනමතය ගොඩ නැගිය යුතු බවයි.
Lanka Newsweek © 2024