Friday 13th of December 2019

English Tamil
Advertiesment


සජිත් ප්‍රේමදාසගේ බොක්කේ දඩමස් මාට්ටු..!


2019-07-12 9457

දිනපතා ධම්ම පදය කියෙව්වාට බුදුන්ගේ "අභය" සංකල්පය දන්නේ නැහැ..!

 

මරණිය දණ්ඩනය සම්බන්ධ එජාප ස්ථාවරයට නියෝජ්‍ය නායකයා විරුද්ධයි..! 

 

සජිත් ප්‍රේමදාසගේ මනදොළ සපුරන මරණ දඩුවමට එරෙහිව එජාපයෙන් යෝජනාවක්..!

 

එජාප නියෝජ්‍ය නායකයාට එරෙහිව පසු පෙළ පෙරට..!

 

    (සුජිත් මංගල ද සිල්වා) 

ථෙරවාදී බුදු දහම පවතින ලෝකයේ එකම බෞද්ධ රට ලෙස, ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනය කිසිසේත් ක්‍රියාත්මක නොකළ යුතු අතර ඊට අදාළ යෝජනා සියල්ල අහෝසි කළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ මේ යෝජනාව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එක්සත් ජාතික පෙරමුණේ ස්ථාවරයට අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සිකුරාදා (12) සවස පාර්ලිමේන්තුවේ සභා ගත කළ අතර ඒ අනුව හෙට අනිද්දාම එම යෝජනාව විවාදයට ගැනෙනු ඇත.

ථෙරවාදී බෞද්ධ මහා සම්ප්‍රදාය මත ගොඩනැඟුණු එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ කිනම් හේතුවක් යටතේ වුණත් කිසිවෙකු එල්ලා මැරීම නොව, ලොවුතුරා බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවා ඇතුළු සියලු සතුන්ට "අභය" හෙවත් ජීවිත දානය ලබා දෙමින් ඒ සියල්ලන් මරණීය බියෙන් මුදවාලීම බව එම පක්ෂය අවධාරණය කර සිටියි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂයේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධව අවධාරණය කර සිටින්නේ යම් අපරාධයක් සහ අපරාධකාරයෙකු සම්බන්ධ සියලු සාක්ෂි සහ සාධක නිවැරැදිව ඔප්පු වන්නේ නම් ඔහු සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැටලුවක් නොවන බවයි.එමෙන්ම මරණ දඬුවමට යටත්ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගතව සිටියදී, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු ගැටලුවක් හෝ වරදක් තමා නොදකින බව ද ඔහු පෙන්වා දෙයි.

මරණිය දණ්ඩනය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දරන මේ ස්ථාවරය, එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයට පමණක් නොව බුදුන් වහන්සේගේ දර්ශනයට ද සපුරා විරුද්ධ යැයි ද, සෑම අවස්තාවකදීම පක්ෂයේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධව ඔහු මෙසේ ක්‍රියා කිරීම හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණට දේශපාලන වශයෙන් විශාල හානියක් සිදු වෙමින් පවතින අතර මේ තත්ත්වය දේශපාලන උභතෝකෝටිකයක් යැයි ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek"සමග පැවසිය.

මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් වගේම ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් ද සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කළේ සහ අදහස් පළ කළේ එක්සත් ජාතික පෙරමුණේ ස්ථාවරයට පටහැනිව බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨයා මේ අවස්ථා දෙකේදීම පමණක් නොව බොහෝ අවස්ථාවලදී ඔහු ක්‍රියා කළේ එක්සත් ජාතික පෙරමුණේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයට අනුව නොව,එකී කාරණා සම්බන්ධ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයට අනුව යැයි ද අවධාරණය කළේය.

මේ අතර මරණ දඬුවම පිළිබඳ යෝජනාව කරළියට ආ අවස්ථාවේදී වගේම ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම්වලට සහභාගී නොවූ සජිත් ප්‍රේමදාස මහතා, එම බරපතළ විෂයන්වලට අදාළව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොදැන සිටීම අරුමයක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් සමග පෞද්ගලික පැවසූ බව "lankanewsweek" වගකීමෙන් සහ අවධාරණයෙන් යුතුව කියා සිටිමු.

Advertiesment