Thursday 14th of November 2019

English Tamil
Advertiesment


"මහින්දගේ ඡන්දය ලැබුනොත් අද ආණ්ඩුව ගෙදර"


2019-07-11 5146

 (නායක බණ්ඩාර)

අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට විපක්ෂ නායක මහින්දගේ කණ්ඩායමත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමත් සහාය දක්වන්නේනම් අද  සවස වනවිට ආණ්ඩුව ගෙදර යවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ මහාතා මේ බව පැවසීය.

තවද ජවිපෙ නායකයා පෙන්වා දෙන්නේ දේශපාලන ගේම් හෝ යටි අරමුණු නැත්නම් විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට වෙනත් කිසිදු ගැටලුවක් නැති බවයි.

ආණ්ඩුවට මන්ත්‍රීධුර 106 පමණක් තිබෙන්දී විපක්ෂයට ආසන 118ක් ඇති බව පවසන ඒ මහතා විපක්ෂ නායකවරයා අද  තම මන්ත්‍රීවරු සියලු දෙනා පාර්ලිමේන්තුවට කැඳවන්නේනම් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයත් මීට විරුද්ධව ඡන්දය භාවිත කරන්නේනම් අද  (11) හවසට ආණ්ඩුව පරාජයවන බව අවධාරණය කරයි. 

Advertiesment