(නායක බණ්ඩාර)
ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය ඇත්තේ තමාට බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (10) පැවැති හිටපු මන්තී‍්‍රවරුන්ගේ හමුවක් අමතමින්ය.
මෙහි දී මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ රටේ විනය පිරිහී ඇති මේ අවස්ථාවේ විනයගරුක රටක් බිහි කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි මෙන් ම සියලූ ජාතීන්ට ආරක්ෂාව ලබා දියහැකි නායකයෙක් ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් කරන බවයි.
තවද ආණ්ඩුව සිතාමතාම ජාතීන් සහ ආගම් වශයෙන් බෙදිම් ඇතිකිරීමට පියවර ගනිමින් සිටින බව පවසන විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පටු දේශපාලන අරමුණු මුල්කර ගනිමින් ආණ්ඩුව කරන සෑම කටයුත්තකින්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව බවයි.
නියමිතව තිබෙන ජනාධිපතිවරණය පසෙක ලා පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කරමින් සිටින බවත් ආණ්ඩුවේ යටි අරමුණු පරාජයකරමින් පවත්වන ඕනෑම මැතිවරණයක් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාවක් ඇති බවත්, විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Lanka Newsweek © 2024