එක්සත් ජාතික පක්ෂය නිවැරදි අවස්ථාවේදී ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය තින්දු තීරණ ගෙන කටයුතු කරන බව විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
සමහරුන් "ජනපති අපේක්ෂක රේස්" එක දුවන්නපටන් ගෙන තිබෙන්නේ ඔවුන්ගේ අදක්ෂතාවය වසා ගෙන ඉදිරියට පැමිණීමට ගන්නා උත්සාහයක් ලෙස බව පෙන්වා දෙන අමාත්‍යවරයා, අවධාරණය කරන්නේ ජනාධිපතිවරණය සහ එහි අපේක්ෂකයා සම්බන්ධයෙන් මුළු පක්ෂයම එකට ඒකරාශී වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විනා මහා පාරේ නොවන බවයි.
තවද එක්සත් ජාතික පක්ෂය සිය තීන්දු තීරණ එක් පුද්ගලයකුගේ අවශ්‍යතා මත නොගන්නා අතර එසේම සිය පක්ෂයට අනෙකුත් පක්ෂවල ප්‍රශ්න අදාළ නොවන බව ද පෙන්වා දෙන රවී කරුණානායක මහතා ඇතැමුන් මේ වන විට රඟපෑමක නිරතව සිටින බව ද, ඔවුන් සිය පක්ෂය සමඟ හිඳිමින් වෙනත් පක්ෂවලින් මැතිවරණයට යෑමට සැලසුම් කරමින් සිටින බවට චෝදනා කර සිටියි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ එවැනි "ඩබල් ගේම්-ඩීල්" ආදියට ඉඩ නොමැති බව ද, එමනිසාම ඇතැමුන් මේ වන විට යම් යම් ප්‍රකාශ සමාජ ගත කිරීමට උත්සාහ දරමින් සිටින බවද,ඒ කිසිවක් එක්සත්ර ජාතික පක්ෂයේ නිල ප්‍රකාශ නොවන බවද ඔහු අවධාරණය කර සිටියි.
රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ බෙදාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ උතුරු කොළඹ ප්‍රාදේශීය කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
Lanka Newsweek © 2024