Monday 22nd of July 2019

English Tamil


පුහුණුකරු හතුරුසිංහ ඇතුළු 6ක් එළියට..!


2019-07-05 7645

(නායක බණ්ඩාර)

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන් දස දෙනාගෙන් හයදෙනකු වහාම ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකරුවන් තිදෙනා ද සිටින බව වාර්වා වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දැඩි අසාර්ථකත්වය මීට හේතු වී ඇත බව සදහන්.

1. තේරීම් කමිටු සභාපති/කණ්ඩායම් කළමනාකරු - අසන්ත ද මෙල්

2. ප්‍රධාන පුහුණුකරු - චන්දික හතුරුසිංහ

3. පන්දු රැකීමේ පුහුණුකරු - ස්ටීව් රික්සන් / මනෝජ් අබේවික්‍රම

4. පිතිකරුවන්ගේ පුහුණුකරු - ජෝන් ලුවිස්

5. අභ්‍යාසක - නික් ලී

6. භෞතචිකිත්සක - අජන්ත වත්තේගම

7. සැපයුම් කළමනාකරු - චන්දිම මාපටුන

සහ තවත් නිලධාරීන් තිදෙනෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග තුනක් ජය ලබා තරග තුනක් පරාජයට පත් වූ අතර තරග තරග දෙකක් වර්ෂාව හේතුවෙන් ජයපරාදයෙන් තොරව අවසන් විය.

චන්දික හතුරුසිංහ මහතා පසුගිය වසරේ (2018) ජනවාරි මස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් අනතුරුව ඔහු යටතේ මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 32 කට සහභාගි වී තරග 21ක්ම පරාජයට පත්ව තිබේ. හතුරුසිංහ මහතා පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කරන ලෙස ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීම අනුව ඔහු නායකත්වයට පත්විය. එහෙත් පසුගිය වසරේ අග භාගයේ ආසියානු කුසලාන තරගාවලියේ දී ලද පරාජයේ වගකීම මැතිව්ස් පිට පවරා ඔහු ඉවත් කළ අතර, එම පරාජයට පුහුණුකරුද වගකිවයුතු බවට මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ලිපියක් යොමු කර තිබිණි.