Monday 22nd of July 2019

English Tamil


"ජූලි 07 මහනුවර බොදු සමුළුව" නැවැත්වීමට වහාබ්වාදීන්ගෙන් දැවැන්ත මෙහෙයුමක්..!


2019-07-04 4039

(නායක බණ්ඩාර)

බොදු බල සේනා සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක සංවිධානයෙන් ජූලි 07 වැනි දා මහනුවර දී පැවැත්වීමට නියමිත "දැයම එක රොදකට" සමුළුව කඩාකප්පල් කිරීමට හා නවතා දැමීමට "ජමෙයිතුල් උලමා සංවිධානය" ඇතුළු තවත් ඉස්ලාමික වහාබ්වාදී සංවිධාන රාශියක් මෙන් ම ඊට සහාය දක්වන දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ද එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත්කරමින් සිටින බව කියමින් බොදු බල සේනා සංවිධානය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරනු ලැබ ඇත.

"1979 අංක 15 දරණ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ XI පරිච්ජීදයේ 109(1) වගන්තිය" ප්‍රකාරව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව බොදු බල සේනා සංවිධානය වෙනුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පවසයි. පැමිණල්ලෙන් පෙන්වා දෙන්නේ 2014 අලුත්ගම සිද්ධියට ඤාණසාර හිමි සම්බන්ධ බව කියමින් ඉහත සඳහන් කළ වහාබ්වාදී කණ්ඩායම් විසින් පත්‍රිකාවක් බෙදා හරිමින්  තිබෙන බවයි.

හිස්තැන් පුරවා අත්සන් ගැනීමට සැකසූ එම පත්‍රිකාව මඟින් ජනවාර්ගික හා ආගමික අසහනය ව්‍යාප්ත කෙරෙන සාවද්‍ය තොරතුරු සාපරාදී ලෙස ඉදිරිපත්කර ICCRP පනත උල්ලංඝණයවන බව පෙන්වා දෙන බොදු බල සේනා සංවිධානය පවසන්නේ ඒ අනුව ඊට අදාළ සියලු පාර්ශ්ව තම පැමිණිල්ලෙන් චෝදනාවට ලක්කරන බවයි.

සිංහල බෞද්ධයන්, කතෝලිකයන්, දෙමල ප්‍රජාව පමණක් නොව වහාබ්වාදී නොවන මුස්ලිම් ප්‍රජාව ද ඇතුළුව රටේ සියලු ජන කොටස්වලට ආරාධනය කරමින් "දැයම එක රොදකට" මැයින් පැවැත්වෙන මෙම සමුළුවෙන් "රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාමය, සංහිදියාව හා සහජීවනය ප්‍රවර්ධනය කිරිම හා 71 වසරක් පුරා පැවති දුෂිත හා අකාර්යක්ෂම දේශපාලනයට තිතක් තැබීම" යන කරුණු මුල් කර ගෙන මෙම සමුළුව පැවැත්වෙන අතර , එහිදී  ඤාණසාර හිමිගේ දේශනයක් ද පැවැත්වෙන බව සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානය  පොලිස්පතිවරයා දැනුවත් කර අත.  

ඉතා සාමකාමීව සංවිධාන කළ මෙම ආගමික වැඩසටහන හා සමුළුව පිළිබඳව සිය "අල්ට-කියා" න්‍යාය යටතේ ජනතාව බියකොට කරනු ලබන මෙම වහාබ්වාදී ඉස්ලාමික උත්සහය පැරදවීමට බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙස ද අදාළ ලිපිය මඟින් පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.