Sunday 22nd of September 2019

English Tamil


ජනපති එක්ක හොර ගල් අහුලන එජාප ඇමතිවරුන්ට අගමැතිගෙන් කණේ පහරක්..!


2019-07-03 8769

 

"විධායකයට එරෙහිව ආණ්ඩුවත්,පක්ෂයත්,තමාත් ආරක්ෂා කළේ සභා නායකයි"

 

"සමහර ඇමතිවරුන් ජනපති හමුවේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව මම දැන ගත්තේ  "SMS NEWS ALLERT" හරහායි"

 

එජාපෙ දේශපාලන ඛේදවාචකය ගැන අගමැති හෙළිදරව් කරයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයේ සිට මේ දක්වාම විධායකයට එරෙහිව ආණ්ඩුවත්,එක්සත් ජාතික පෙරමුණත්,තමාවත් ආරක්ෂා කළේ සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සමග අරලිය ගහ මන්දිරයේදී සඳුදා (01) පැවැත් වූ (pre cabinet) විශේෂ රැස්වීමකදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"අපේ ඇතැම් මැති ඇමතිවරුන් ගනු දෙනු කරන්නේ සහ තීන්දු තීරණ ගන්නේ අග්‍රාමාත්‍යවරයා ලෙස මා එක්කවත්, එක්සත් ජාතික පෙරමුණඑක්කවත් නොව විධායකය එක්කයි.මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට සහ අපට දේශපාලන වශයෙන් විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.අපේ සමහර මැති ඇමතිවරුන් මටවත් නොදන්වා ඇමැති ධූරවල දිව්රුම් දීමෙන් පැහැදිළි වන්නේ  අපේ අය විධායකය එක්ක කෙතරම් හොර රහසේ ගනුදෙනු කරනවාද යන්න පිළිබඳවයි.අපේ සමහරුන් ජනපති හමුවී ඇමැති ධූරවල දිවුරුම් දුන් බව මම දැන ගත්තේ "SMS" NEWS ALLERTවලිනුයි.එහෙත් අපේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නම් ආණ්ඩුවත්,පක්ෂයත්,පාර්ලිමේන්තුවත්,මාත් වෙනුවෙන් විධායකයට එරෙහිව සටන් කළා.එතුමාගේ ඇමතිකම සහ ඊට අදාළ විෂයන් එතුමාට අහිමි වුණෙත් ඒ නිසයි.එමනිසා විධායකය එක්ක ගනුදෙනු කරන අපේ සියලු දෙනා එතුමා ආදර්ශයට ගත යුතුයි."