Thursday 14th of November 2019

English Tamil
Advertiesment


ලොකු පොඩි සැමට ජීවිතය එපා කරවන මානසික ආතතිය..!


2019-07-03 2242

(නුරාණි තෙන්නකෝන්)

මනස ශරීරය තුළ පවතින භෞතික ඉන්ද්‍රියක් නෙමෙයි. එය මොළය, හෘදය හා මධ්‍ය ස්නායු පද්ධතිය ඇසුරු කරගත් ශාරීරික පද්ධතිය විසින් පුද්ගලයා මෙහෙයවනු ලබන බලවේගයක්. පුද්ගලයෙකුගේ මානසික ස්වභාවය හා පුද්ගල චර්යාව අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. පුද්ගලයෙකුගේ මානසික ස්වභාවය චර්යාව මගින් පිළිබිඹු වෙනවා. මනසේ කැඩපත මුහුණයි, යනුවෙන් පවසන්නේ ඒ නිසා ය. මානසික ක‍්‍රියාවලිය සන්නිවේදනාර්ථයෙන් ගතහොත් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය (තමා තුළම සිදුවන සන්නිවේදනය) ලෙස හැඳින්වීමට හැකියි. එම මානසික ක‍්‍රියාවලිය සිදුවන්නේ කෙසේ ද..?

මනසේ ඇතිවන හැඟීම් හා සිතිවිලි නිසා චර්යාවන් බිහි වෙනවා. එමෙන්ම මනස හා චර්යාව අතර සබඳතාවක් තිබෙන බැවින් මනස හසුරුවා ගැනීමෙන් චර්යාව ද හසුරුවා ගත හැකියි. එමෙන්ම චර්යාවන් පාලනය කර ගැනීමෙන් මානසික ස්වභාවය ද පාලනය කර ගත හැකියි. තවද ධනාත්මක සිතුවිලි නිසා ධනාත්මක චර්යා ප‍්‍රගතිශීලි චර්යා බිහි වෙනවා. සරල මානසික පීඩාවක් කියන්නේ මොකක් ද..?

පුද්ගලයාගේ මානසික ශක්තිය එකිනෙකාට වෙනස්. ඒ නිසා එදිනෙදා ජීවිතයේ ඇති වන විවිධ සංසිද්ධි මත සරල මානසික පීඩන ඇති වෙනවා. සරල මානසික පීඩා යනු අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ම ස්වරූපයක්. බාහිරව ඇතිවන පීඩනයන් නිසා විවිධාකාර මානසික පීඩාවන් ඇති වෙනවා. එවැනි මානසික පීඩාකාරී තත්ත්වයන් සරල මානසික ගැටලූ ලෙස හදුනාගත හැකියි. මොනවා ද සරල මානසික පීඩාවන් කියලා කියන්නේ..?

සමහර මානසික පීඩාවන් එදිනෙදා ජීවිතයේ කොටසක්ව පවතින අතර තවත් මානසික පීඩාවන් පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතුවිය හැකියි. ඒ අතර ආතතිය, ක්ලමතය, විශාදය, කාංසාව, ධ‍්‍රැවගත වීම, ආත්ම අනුකම්පාව හා වික්ෂිප්තභාවය ආදිය පෙන්වා දිය හැකියි. ‘

ආතතිය කියන්නේ මොකක් ද..?

උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇතිවෙන පීඩාකාරී තත්ත්වය ආතතිය ලෙස හඳුනාගත හැකියි. මෙය ශරීරයේ හෝමෝන ක‍්‍රියාකාරිත්වයට බලපෑමක් සිදු කරනවා. එනම් ජදරඑසජ්ක නම් හෝමෝනය නිසා ශරීරයේ සංඥා ප‍්‍රතික‍්‍රියා සිදු වෙනවා. “fight or flight” නම් ප‍්‍රතික‍්‍රියා භෞතිකව සිදු වෙනවා.

ආතතිය ඇති වීමට හේතු මොනවා ද..?

පුද්ගලයෙකුට ආතතිය ඇති වීමට හේතු කිහිපයක් බලපානවා. ඒ අතර අධික ලෙස මහන්සි වීම, තම ඉලක්ක සපුරා ගත නොහැකි වීම, පාලනය කර ගත නොහැකි ආකාරයේ පැවතුම්වලට හසුවීම හා විභාග ආසන්නයේ ඇතිවන විභාග භීතිකාව ආදිය පෙන්වාදිය හැකියි.

කෙටි කාලීන ආතතියේ බාහිර රෝග ලක්ෂණ මොනවා ද..?

ආතතිය ඇති පුද්ගලයෙකු මූලිකව හඳුනාගත හැකි වන්නේ කෙටි කාලීන බාහිර රෝග ලක්ෂණ තුළිනුයි. එහිදී කට වියළි ගතිය, සම සිසිල් වීම, දෑත් දෙපා සිසිල් වීම, දහඩිය වැඩි වීම, හදගැස්ම වැඩි වීම වැනි දෑ පෙන්වා දිය හැකියි.

දීර්ඝ කාලීන ආතතියේ බාහිර රෝග ලක්ෂණ මොනවා ද..?

කෙටි කාලීන රෝග ලක්ෂණ වර්ධනය වීමෙන් පසු එය දීර්ඝ කාලීන රෝග ලක්ෂණ බවට පත් වෙනවා. ඒ අතර නින්ද නොයෑම, ආහාර අරුචිය, ආශාවන් අඩු වීම, රිදීම් වැනි දෑ මූලිකව දක්නට ලැබෙනවා. එසේම ශාරීරික රෝග ඇති වීමේ ඉඩකඩ වැඩියි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, ආමාශ ගත රෝග ආදිය ඇති වෙනවා.

ආතතියේ උපරිම තත්ත්වය කුමක්ද..?

ආතතියේ උපරිම අවස්ථාව ‘කාංසාව’ ලෙස හඳුනාගත හැකියි. දැඩි ආවේග සහිත වීම නිසා එහි ප‍්‍රතිඵලයක් ලෙස කාංසාව ඇති වෙනවා. මෙය සරල මානසික පීඩාවන්හි ඉහළම අවස්ථාවයි.

ආතතිය සදහා සිදු කරන ප‍්‍රතිකාර මොනවා ද..?

පුද්ගලයාගේ ආතතිය කාංසාව බවට පත් වුවහොත් ඒ සදහා රසායනික ප‍්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. සාමාන්‍ය ආතතිය තත්ත්වයේ දී එලෙස රසායනික ප‍්‍රතිකාරයෙන් සිදු නොකරනු ලබයි. එහිදී පුද්ගලයා තම ජීවන රටාව වෙනස් කිරීමෙන් ආතති තත්ත්වය පාලනය කර ගත හැකියි. එමෙන්ම තමන්ට ආතතිය ඇති බවට පුද්ගලයාටම හදුනා ගැනීමේ හැකියාව තිබේ නම් එයින් ද ආතතිය පාලනය කරගත හැකියි.

මානසික ආතතිය මග හරවා ගත හැකි ක‍්‍රියාමාර්ග මොනවා ද..?

මානසික පීඩා උත්සන්න වීමෙන් භයානක තත්ත්වයන් ඇති වන බව අපි දනිමු. එබැවින් මානසික පීඩාකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සදහා ක‍්‍රියාමාර්ග ගත හැකියි. එනම් මනෝවිද්‍යා උපදේශකවරයෙකු හෝ වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස් ලබා ගැනීම, නිතිපතා ශාරීරික අභ්‍යාසවල යෙදීම, සිතේ පවතින ප‍්‍රශ්න විශ්වාසවන්ත පුද්ගලයින් සමග සාකච්ජා කිරීම, කටයුතු සැලැස්මට අනුව සිදු කිරීම, ආගමික වතාවත්වල නිරත වීම, ප‍්‍රමාණවත් ලෙස විවේක ගැනීම, ප‍්‍රමාණවත් ලෙස නිදා ගැනීම (දිනකට පැය 6ක් පමණ) ළගා කර ගත හැකි ඉලක්ක තබා ගැනීම, සිත සැහැල්ලූවෙන් තබා ගැනීමට පුරුදු වීම වැනි දෑ සිදු කළ හැකියි.

ආතතිය නිසා ඇතිවන අයහපත් චර්යා මොනවාද..?

මනසත්, චර්යාවත් අතර සෘජු සම්බන්ධතාවක් පවතිනවා. එබැවින් මානසික සාමය බිදුණු පුද්ගලයෙකුගේ චර්යාවන් තීරණය වන්නේ ද එයට අනුවය. එම නිසා මානසික සාමය බිදුණ පුද්ගලයන් තුළ අයහපත් චර්යා දැකිය හැකියි. ආතතිය ඇති වූ විට මානසික සාමය ක්ෂණිකව බි`ද වැටෙනවා. එබැවින් එවිට අපිළිවෙළ, සමාජගත නොවීම, වෛරය, කලහකාරී බව, සැකය, ශෝකය හා ගති පැවතුම් අවුල් වීම වැනි දෑ සිදු විය හැකියි. ඒ නිසා ඇතැම් විනාශකාරී තත්ත්වයන්ට පවා යොමු වීමට ඇති ඉඩකඩ වැඩියි.

ආතතිය වළක්වා ගැනීම සදහා ආගමික පිළිවෙත් මොනවා ද..?

වර්තමාන සංකීර්ණ සමාජය තුළ විවිධාකාර වූ කාර්ය භාර්යන්ට මැදිවුණු පුද්ගලයා තුළ මානසික සාමය ගොඩන`ගන ප‍්‍රබලම බලවේගයක් ලෙස ආගම පෙන්වා දිය හැකියි. සෑම ආගමකින්ම පාහේ මානසික සාමය ගොඩනැගීමට අවශ්‍ය ඉගැන්වීම් සමූහයක් ඉදිරිපත් කර තිබෙනවා. බෞද්ධ ආගමට අනුව ලද දෙයින් සතුටු වීම, අල්පේච්ජ බව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ආදියෙන් බැහැර වී පංචශීල ප‍්‍රතිපත්තිය අනුගමනය කළ හැකියි. භාවනා ක‍්‍රම, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව කටයුත කිරීම තුළ ආතතිය මඟ හරවා ගත හැකිය.

 

වෛද්‍ය ජනක සරච්චන්ද්‍ර සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි

Advertiesment