එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හසීම්, හිටපු සභාපති මලික් සමරවික්‍රම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර විශේෂ සහ තීරණාත්මක රහස් සාකච්ඡාවක් කොළඹදී සඳුදා (1) රාත්‍රියේ සිදුව තිබේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිවසේදී සිදුව ඇති මේ සාකච්ඡාවේදී, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්න යැයි මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යන මහත්වරුන් ඔහුගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටනට උර දී සිටී මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යන මහත්වරුන් හදිසියේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත මේ ඉල්ලීම කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත ලෙසම ඉදිරිපත් නොවන බව පැහැදිලිව දැන ගැනීමෙන් පසුවය.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටත්, එම අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එදා සටන් කළා වගේ සටන් කිරීමටත් සුදානම් නොමැති බව හෙළිදරව් වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ වගේම ජන සමාජය ඉදිරිපිට ඍජුව පෙනී සිටි මලික් සමරවික්‍රම, කබීර් හසීම්, මංගල සමරවීර,රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාල, දයා ගමගේ , ගයන්ත කරුණාතිලක, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු එම පක්ෂයේ ඉදිරි පෙළ, මැද පෙළ සහ පසු පෙළ නායකයින් පිරිසක් දේශපාලන වශයෙන් අනාත වී උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටිති.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට මුල සිටම දේශපාලන වශයෙන් මවා පෑවේ සිය අනාගත දේශපාලන පැවැත්ම වෙනුවෙන් සහ දේශපාලන ප්රචාරක ව්‍යාපාරයක් වශයෙන් බව "lankanewsweek" අපි අභ්‍යන්තර සහ අතිශය රහසිගත දේශපාලන තොරතුරු සාක්ෂි වගේම සාධක මත පිහිටා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු. එමෙන්ම මේ ක්‍රියා දාමය පිටිපස සිටිමින් රටේ විධායකය සජිත් ප්‍රේමදාස මහතා මෙහෙය වමින් සිටින බව ද "lankanewsweek" අපි අවධාරණයෙන් යුතුව යළි යළිත් කියා සිටින්නෙමු.
සජිත් ප්‍රේමදාස මහතාගේ මේ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් සාරඝර්භ තොරතුරු ඇතුළත් විශේෂ දේශපාලන හෙළිදරව්වක් හෙට අනිද්දාම පළ කිරීමට "lankanewsweek" කටයුතු යොදා ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා වගේම දේශපාලන මවා පෑමක් බව ද "lankanewsweek" අපි සහතික කර සිටිමු.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යළි කවදාවත් කිසිසේත් ඉදිරිපත් නොවන බව "lankanewsweek" කණ්ඩායමේ මේ ලියුම්කරු සියයට සියයක් කැට තබා කියන අතර මේ ලියුම්කරු එසේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ ජාත්‍යන්තර සහ ජාතික, ප්රජාතාන්ත්රීය, ආරථික සහ දේශපාලනික අභ්‍යන්තර තොරතුරු එකඟතා වගේම සකච්ඡා මත පිහිටාය.
මේ කරුණු කාරණා සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකුගෙන් "lankanewsweek" කළ විමසීමක දී ඔහු විමසා සිටියේ 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා සිය දිවි නොතකා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වුණා නම් ඔහු 2020 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමට නොහැකි මන්ද යැයි කියාය.
මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යනු දේශපාලන බල්ටි කාරයන් යැයි ද රනිල් වික්‍රමසිංහ නායකයාගේ බෙල්ල මිරිකා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි "මලික්-කබීර්" සරත් ෆොන්සේකාගේ පැත්තට බල්ටිය ගැසුවේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකකම ගැනීමට සුදානම් නොමැති බව දැන ගැනීමත් සමග යැයි ද සජිත් ප්‍රේමදාස වගේම සරත් ෆොන්සේකා මහතා ද මේ දේශපාලන අවස්ථාවාදීන් ගැන දැන ගත යුතු යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
Lanka Newsweek © 2024