Saturday 16th of November 2019

English Tamil
Advertiesment


සභා නායකගේ ශාසනික මෙහෙවර මහා නා හිමිවරු අගයති..!


2019-06-28 7901

"ඩි. බී. විජේතුංගට පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්‌ථාන සඳහා ඇගට දැනෙන යමක් කළේ ලක්ෂ්මන් කිරිඅල්ලයි" 

ඩි. බී. විජේතුංග ජනාධිපතිවරයාගෙන් පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඇගට දැනෙන මෙහෙවරක් කර ඇත්තේ  සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන , කන්ද උඩරට උරුමය  සහ මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බව  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නා හිමි වරකාගොඩ ශ්‍රී ඥානරතන  හිමියෝ අවධාරණය කර සිටිති. 

උන්වහන්සේ  මේ  බව අවධාරණය කර සිටියේ මහනුවර මල්වතු-අස්ගිරි මහා විහාර මුලස්ථාන සහ රද ගුරු නිල නිවාස අශ්‍රිතව ආරක්‍ෂිත කැමරා පද්දති සවි කිරීමේ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු එම ව්‍යාපෘතිය  විපරම් කිරීමටත්, ව්‍යාපෘතියට අදාළ ලේඛන සභා  ගත කිරීම සදහාත් මහා නා හිමිවරුන් බැහැ  දුටු අවස්ථාවේදීය. 

එහි දී වැඩි දුරටත් අනුශාසනා කරමින්  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නා හිමි වරකාගොඩ  ඥානරතන  හිමියෝ මෙසේ ද පැවසුහ.

"රටේ පවතින තත්ත්වය සලකා බලා ආරක්‍ෂිත කැමරා සවි කිරීමේ කාර්යය හොඳයි. ඩි.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසුව ඔබතුමා තමයි මේ කන්ද උඩරට වෙහෙර විහාරස්‌ථාන දියුණු කිරීම සඳහා ඇගට දැනෙන විශාල සේවයක්  කළේ. ඒ සම්බන්ධයෙන් මහා සංඝ රත්නය ලෙස ඔබ තුමා කෙරෙහි අපේ විශාල ගෞරවයක් සහ ප්‍රසාදයක් තිබෙනවා.

ඩි. බී. විජේතුංග ජනාධිපතිතුමා එදා  කන්ද උඩරට ප්‍රදේශයේ වෙහෙර විහාරස්‌ථාවලට විදුලිය සහ දුරකථන පහසුකම් ලබා දුන්නා. ඒ වගේම ඔබ තුමා ඒ වෙහෙර විහාරස්‌ථානවලට පිවිසීම සඳහා හොඳ මාර්ග පද්දතියක් ගොඩ නගා දුන් අතර ඒ ක්‍රියාව විශාල පුන්‍යකර්මයක් බව කිව යුතුයි." 

  

                              

Advertiesment