Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


සිංහල සංගීතයේ අමර ස්වරය


2019-07-02 3481

අපේ සංගීතය විශ්ව භාෂණයක් බවට පත්කළ මහා ගාන්ධර්වයාණෝ මිය ගොස් 2017 නොවැම්බර් තුන්වෙනිදාට  වෙනිදට වසරක් සපිරුණ අතර  එළඹෙන දෙසැම්බර් පස් වැනිදාට ඔහුගේ  90 වන ජන්ම දිනය යෙදෙයි . අමරදේවයාණන්ගේ මරණින් පසු සුභාවිත සංගීතයට තවත් මෙහෙවරක් සිදු වෙතැ’යි අපි සිතුවෙමු. අමරදේවයාණන් සංයත ගුණයෙන් පොහොසත් රසඥයෙකි. එනිසා සුභාවිත සංගීතයේ සෞන්දර්යාත්මක ප‍්‍රභාස්වරය චිරස්ථායි වනුයේ මේ වයෝවෘද්ධ, ඥානවෘද්ධ, ගුණෝවෘද්ධ, කළ පින් සපිරි, උපතින් ම දක්ෂ, මනුසත් ගුණෙන් පිරුණු, වහා උණුවන ළයැති අමරදේවයාණන් වැනි පිරුණු ප‍්‍රාඥයන් අතින් පමණි.

 

අමරදේවයාණන්ගේ නික්ම යාම ගැන රට ම කම්පනයට පත් වූයේ ඔහු තුළ වොරජන සංගීතාත්මක ගුණ සමුදාය නිසා ම ය. එනිසා අමරසරයට කිඹුල් කඳු`ඵ කුමකට ද? අමරදේවයාණන්ට රසික ප‍්‍රතිචාර මෙන් ම, පොදු ජනතාවගේ අභිසමාචාර නො අඩුව ලැබුණි. එහෙත් අමරදේවයාණන් මියගිය දා සිට ඇරඹි ශෝක සතිය පුරාවට ම මාධ්‍ය කතා කළේ අමරදේවයාණන් ආ ගිය තැන් ගැන ය. කෑ බී හැටි ගැන ය. දැන් සියල්ල අවසන් ය. මුරුගසං වැස්සකට පසුව පොද වැස්සක්වත් නැති තරමට ම හට ගත් ඉඩෝරය ප‍්‍රබල ය.

 

දැන් මාධ්‍ය නාලිකා ඇස අමරදේවයාණන්ගෙන් ඉවතට ගොසිනි. නැවත සුභාවිත සංගිතය වළපල්ලට ය. මුදල් වැඩි වැඩියෙන් අතට එන බාල සංගීතයට යළිදු මාධ්‍ය ඇස යොමු වී අවසන් ය. එවන් කලෙක අපි, වර්ෂ එක්දහස්  නවසිය විසි හතේ උ`දුවප් මස පස්වන දින මොරටුවේ දී ජන්මලාභය ලද වනක්කුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා හෙවත් අමරදේව විශාරදයාණන්ගේ අනුපම වූ සංගීත සාහිත්‍ය කලා සේවාව ඇගයීමේ අරමුණින් මෙවැන්නක් ලියන්නෙමු.

 

            අමරදේවයාණන් සතු අනෙක් බොහෝ කලාකරුවන්ට ආදර්ශයට ගත හැකි උතුම් ගුණ රැසකි. අමරදේවයාණෝ ජීවිතයේ කිසිම කලෙක, තාන්න මාන්න පඩුරු පාක්කුඩම් අපේක්ෂාවෙන් දේශපාලකයන් පසුපස නො ගියහ. එහෙත් අමරදේවයාණන් සොයා බොහෝ දේශපාලකයින් ඔහුගේ නිවසට ම ආහ. කිසිම දේශපාලන පක්ෂයකට සෘජු ව සේවය නොකළ මේ මහා ගාන්ධර්වයන්ට රාජ්‍ය ගෞරව ද පිරිනැමිණ. කාල තුවක්කු වෙඩි මුර විසිඑකක් සමග ඒ ගරු බුහුමන ලබන්නට අමරදේවයාණෝ ජාතියට කළ මෙහෙවර අපමණ නොවෙත් ද?

 

            බොහෝ කලාකරුවන්ට නැති මානවීය ගුණ අමරදේවයාණෝ සතු වූහ. ඔවුහු ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම බැහැර කළ හ. තම සමකාලීන මිතුරන්ට මෙන් ම ආධුනිකයන්ට ද ඔවුහු එක සේ උදව් උපකාර කළහ. මෑතක දී අග්නි ටෙලි නාට්‍යයට ජානක සිරිවර්ධන නම් ආධුනික ගේය පද රචකයා වචන ප‍්‍රබන්ධයෙන් සැරසූ අරුණ ගුණවර්ධන සංගීතවත් කළ ‘ගිමන් හරින දියේ’ ගීතය ගායනා කරමින් නවක කලාකරුවන් දෙදෙනෙකු කරලියට ගෙන එන්නට තරම් මේ මහා කලාකරුවා පරිත්‍යාග වූයේ ය. නන්දා මාලනී වැනි තවත් අසාහය ගායිකාවන්ගේ සම්ප‍්‍රාප්තියට ද ඔහුගේ මෙහෙවර ඉවහල් වූ බව සැබවි. ඉතින් මේ මහා කලාකරුවාගේ නික්ම යාම සංගීත ක්ෂේත‍්‍රයට මතු නොව, එය මුලු රටට ම දැනුන අඩුවකි.

 

            එදවස අමරදේවයාණන්ට ගුරුදේව වූ කුමාරතුංග මුනිදාසයාණෝ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ සිංහල ගුරුවරයා ය. කවියට, ගීතයට ඇලූම් කළ කුමාරතුංග මුනිදාස පඩිවරයාගේ ඇසුරට වැටීම ද අමරදේවයාණන්ගේ දිගු ගමනට ආලෝකයක් මැ විය. එ දවස අමරදේවයාණෝ සිද්ධාර්ථ විද්‍යාලයේ ශිල්ප ශාස්ත‍්‍ර හදාළ අතර ම සුභාවිත සංගීතයට නැඹුරු වූයේ ය. පසු කාලයක දී අමරදේවගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වූ මේ සිද්ධාර්ථ විද්‍යාලයට ඉකුත් නොවැම්බර් මස 01 වන දා අවුරුදු සියයක් සපිරුණි.

 

පණ්ඩිත් අමරදේවයාණන්ට 2016 දෙසැම්බර් 05 වෙනිදාට අවුරුදු 89 කි. ඒ උතුම් ජන්ම දිනය සමරන්නටත් නොදී අමරදේවයාණන් අමරණීය ‘මරණි’ වෙත රැගෙන යන්නට තරම් මරුවා අකාරුණික වූයේ විමලා ගුණරත්න බිරියගේ දෑස් කඳුළින් තෙත් කරමිනි. පි‍්‍රයංවදා, සුභානි දියණියන් දෙදෙනාගේ හදවත් සසල කරමිනි. පුත් රංජනගේ බලාපොරොත්තු සුන්විසුණු කරමිනි.  අහෝ මාරය ! තොපගේ කුරිරුකමින් සුභාවිත සංගීතයේ යතිවර ලකුණ ගොළු කළේය  ය. හෙටින් පසු මේ රික්තය පුරවාලන්නේ කවුරුන් ද?

 

            මළ හිරු බසිනා හැන්දෑ යාමේ

 

            ඔබගෙන් සමුගන්නම්

 

            අඳුරට ඉඩ දී අඳුරේ සැ`ගවී

 

            ඔබගෙන් වෙන් වී මම යන්නම්

 

ආචාර්ය සංගීත් විශාරද පණ්ඩිත් අමරදේවයාණන්ගේ සුලකළකුරු මියුරු සරින් ගැයෙන මේ සුභාවිත පද මාලාව මහගම සේකරගේ ය. මහගම සේකර හැටේ දශකයේ දී ගුවන් විදුලියේ මධුවන්ති වැඩ සටහනට ලිවූ මෙම ගීතය අමරදේවයාණන් විසින් ගායනා කෙරෙන්නට යෙදීමත් සමග මහගම හා අමරදේවගේ ඇසුර තව තවත් පෝෂණය වන්නට වීම සිංහල සංගීතයේ පෝෂණයට සෘජුවම ඉවහල් වූ බව කිව යුතු නැත. මහගම සේකර තරම් අමරදේවට විදග්ධ ගීත ලියූ අන් ගේය පද රචකයෙකු ගැන කීමට අපි නො දනිමු.

 

            සන්නාලියනේ

 

            සන්නාලියනේ

 

            මේ හිමිදිරි උදයේ

 

            සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී

 

            කාට ද ඇඳුම වියන්නේ

 

            මාලගිරා තටු සේම රුවින් යුතු

 

            නිල්වන් ඇඳුම වියන්නේ

 

මහගම සේකර රචිත මේ ගීතය සරෝජනී නයිදු කිවිඳියගේ ‘ඔයැ උඩැරි’ නම් පද්‍යාවලිය ඇසුරින් ප‍්‍රස්තුතය ගොඩ නගා ගත්තකි. මේ ගීතය මේසා සාර්ථක වීමට අමරදේවගේ ශ‍්‍රැති ඥානය ද, රාග ඥානය ද තාල ඥානය ද, ලය ඥානය ද මැනවින් ඉවහල් වූ බව කිව හැකි ය. අමරදේව තරම් සුගායනයේ දක්ෂ හෙළයේ මහා ගාන්ධර්වයාණ කෙනෙක් කවර තන්හි සිටිත් ද? ඔහුගේ මධුර ස්වරයට අපි සාදාකාලිකව ම ලෝල වීමු.

 

            ජගන් මෝහිනී - මධුර භාෂිනී

 

            චාරු දේහිනී - කමල වාසිනී

 

            සරස්වතී දේවී - වන්දේ - සරස්වතී දේවී

 

            අමර භූෂිණී - මන්ද හාසිනී

 

            විජය රංජනී - ශාස්ත‍්‍ර ධාරිනී

 

            සරස්වතී දේවී - වන්දේ - සරස්වතී දේවී

 

            කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා

 

            පාද සරෝරේ කටී තටාකේ චංචල නර්තන ලීලා

 

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් ලියන ලද සරස්වතී අභිනන්දන ගීතය ඒ භාවයන්ගෙන් ම ගායනා කරන්නට තරම් එදවස මේ මහා ගාන්ධර්වයාණෝ සමත් වූහ. එදා මෙදා තුර, ශී‍්‍ර ලංකාවේ ගායනා කරන ප‍්‍රධානත ම සරස්වතී ගීතය හැටියට මෙම නිර්මාණය ජනතා සම්භාවනාවට පාත‍්‍ර ව ඇත.

 

බිහාර් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙන නිර්මාණය කර ඇති මේ ගීතයේ නාද රටාව ගවුස් මාස්ටර්ගේ ඇසුර ලැබිමේ මහත් ඵළ මහත් ආනිසංසයකි. බිහාර් රාගය, භක්ති රසය ජනනය කරන රාගයකි. එය ශූද්ධ ස්වර භාජනනය කරන රාගයක් ලෙස හැඳින්වීමට ද පු`ඵවන. අනෙක් අතට මේ ගීතය සඳහා අමරදේවයාණන් යොදාගත් සංගීත භාණ්ඩ ද ජගන් මෝහිනී ගීතය මේ තරමට සහෘද හදවත් ආකර්ෂණය කරන්නට සමත් ව ඇති බැව් අවධාරණය කළ හැකි ය.

 

බුදුදහමේ හරය කැටි කරගත් භාවයන්ගෙන් ගීත ගායනා කිරිමට සමත් තවත් ගාන්ධර්වයාණ කෙනෙක් මේ දෙරණේ යළිත් නො ඉපදී වී ! පාරමිතා බල පූරිත පූජිත ගීතය ගැයෙන විට අමරදේවයාණන්ගේ මුවට ප‍්‍රවේශ වන සාත්වික අභිනය ගී හඩ සමග අපේ දෑස් අභිමුව මැවී යන්නේ නිරායාසයෙනි.

 

            පාරමිතා බල පූරිත පූජිත

 

            බුද්ධ දිවාකරයාණෝ

 

            වෙසක් පොහෝ දින දිනූ සේක ලොව

 

            බුද්ධ දිවාකරයාණෝ

 

මහා භාරතීය සංගීතයෙන් මනා ව පෝෂණය වූ අමරදේවයාණෝ මේ ගීතය පිළිබඳ මතකාවර්ජනයේ යෙදුනේ මෙසේ ය. ‘‘ඒ අවුරුද්දේ, පෙබරවාරි, මාර්තුවල ලක්නව්වල දී, භාරතයේ සංගීත් සම්මේලනය පැවත් වුණා. මගේ ගුරුදේව ජෝග් තුමා, වයලීනය වාදනය කරමින්, චන්ද්‍ර කවුන්සි රාගය එහි වාදනය කළා. ඒ වාදනයට මාත් එකතු කර ගත්තා. මම ඊට කලිනුත්, මගේ ගුරුවරයා සමග චන්ද්‍ර කවුන්සි රාගය වාදනය කරල තිබුණා. සංගීත් සම්මේලනයේ දී, මගේ ගුරුතුමා ඉදිරිපත් කළ චන්ද්‍ර කවුන්සි රාගයේ වාදනයෙන් පසුව, අලි අක්බාර් ඛාන් තුමා, සින්ධු ෙභෙරවී රාගයෙන් සිය වාදනය ඉදිරිපත් කළා. ඒ ආභාසය තමයි, පාරමිතා බල ගීතයට ඇවිත් තියෙන්නෙ.

 

සින්දු ෙභෙරවී කියන්නෙ, කිසියම් රීතියකට අනුව ස්වර දොළහ ම එකතු වන රාගයක්.... ඒ රාගයේ ස්වර සංයුතිය, මගේ ගීතයේත් ඒ ආකාරයෙන් ම තියෙනවා. ඒ කියන්නෙ, ස්වර දොළහම එහිදි කිසියම් රීතියකට අනුව එකතු වෙනවා.

 

‘‘පාරමිතා බල’’ ගීතය ගැන කතා කරද්දී, මගේ හදවතේ ඉතාම ගැඹුරු සොඳුරු තැනක තවමත් ජීවත් වන මගේ අම්මා මට සිහි වෙනවා. අම්මා මිය ගියේ 1961 ජනවාරි මාසයෙ. අසනීපයෙන් සිටි අම්මා බලන්ඩ, මම රෝහලට යනවා. රෝගීව සිටි මගේ, මෑණියන් කෙරෙහි මා තුළ එදවස හටගත් මෛතී‍්‍ර කරුණා හැගීම මෙම ගීතයෙහි ස්වර අතරට රහසින් වගේ ඇවිදින් තිබෙන බව, පසු කාලයෙක දී මම පසක් කළා. ‘‘මාර පරාජය කළ මුනිදුන්ගේ කරුණා සීතල මෙත් දහරා....... පිස යයි දුකඳුරු මුඵ තුන් ලෝකේ ........’’ මේ පද ගැයෙන ස්වරය තුළ, මගේ මෑණියන් කෙරෙහි මා තුළ පැවති මෙත් කරුණාව ද රැඳී පවතින ආකාරය, මට දැනුත් සිහි කරන්න පුඵවනි.’’

 

සහෘදයා තුළ භක්ති රසය, ශාන්ත රසය දනවන ගීත රැුසක් ම මානව සිංහයෝ අමරදේවයාණට ලිවූහ. 1959 වර්ෂයේ දී මානව සිංහයන් අතින් ලියවුණ ‘කෝමළ රේඛා’ ගීත සංග‍්‍රහයෙහි එන ‘මහබෝ වන්නම’ බුද්ධාලම්බන පී‍්‍රතිය දනවන බොදු බැති ගීයකි.

 

            වැලිතල අතරේ හිමිහිට බසිනා

 

            නේරංජන නදියේ

 

            ගයා හිස වැඩ සිට බුදු වුන දා

 

            තිලෝහිමි මොක්සුව ලද මොහොතේ

 

            සමාදී බාවනා.

 

බුදුන්වහන්සේ නේරංජනා නදී නිම්නයේ ගයා ශීර්ෂයේ දී බුදුබව ලැබුවේ ශී‍්‍ර මහා බෝධි වෘක්ෂයේ පහස ලබමිනි. එහි දී උන්වහන්සේට භවදුකට පිළියම් වූ නෛර්යානික මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා පිහිට වූයේ සමාධි භාවනාවමැයි, එවන් චිත්ත ඒකාග‍්‍රතාවයකට අවැසි නිසසල පරිසරයක් නේරංජන නදිය අසළ බෝරුක් සෙවනෙහි විය. හිමාල කඳුවැටිය සීතල ය. සිහිලැල් ය. පිනිකැට මිදී හිම කැට බවට පත්වන හිමාල කඳුවැටියෙහි ගැටි සඳුන් ගස්වල හැපී එන මන්දමාරුතය සීතල ය. ඒ සීතල සුළගට එසවෙන බෝපත් සිලි සිලි හඩින් සැලෙන සුමිහිරි ගීතිකාවක් වැන්න.

 

 එකී ගීතිකාවේ රිද්මය මානව සිංහයෝ දුවිලිවලින් පිරුණු කොළඹ නගරයෙහි බෝධි වෘක්ෂය තුළින් දුටුවෝ ය. ඉන්දියාවේ බුද්ධගයාවේ වැඩ සිට ලංකාද්වීපයට සගමිත් තෙරණිය විසින් ගෙනෙන ලද බෝධි වෘක්ෂයෙහි දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කරන ලදී. සම්බුද්ධ සම්භාවනාවට ලක් මේ බෝධි වෘක්ෂය පිළිබඳ මානවසිංහයන් ලිවූ වචන අමරදේවයාණන්ගේ මුවින් පිට වූයේ උදාන ගීතයක ස්වරයෙනි. මේ ගීතය අමරදේවයාණන්ගේ භාවයන් සමග මුසුව අපගේ සවන්පත් අතරට ඇසෙන සඳ ශාන්ත රසය මිශ‍්‍ර නිරාමිස පී‍්‍රතියකින් සහෘද හදවත් පිරී ඉතිරි යනු ඇති.

 

විශාරද පණ්ඩිත් අමරදේවයාණන්ගේ සුලකළකුරු මියුරු ස්වරය හඳුනාගෙන ගේය පදමාලා රචනා කර දුන් ප‍්‍රවීණ ම වචනප‍්‍රබන්ධකයා මානවසිංහයෝය.

 

මානවසිංහයන්ගෙන් පසු ඒ කාර්යය නිර්ලෝභී ව අමරදේව වෙනුවෙන් ඉටු කර දෙනුයේ මහගමසේකර ය. මහගමසේකර ජාතියෙන් සමුගෙන අඳුරට ඉඩ දී අඳුරේ සැග වි මරණයේ සුරගණන් සමග ගමන් කරද්දී එදා අමරදේවයාණෝ මා මළ පසු ගීතය ගායනා කළේ ය. ජන අධ්‍යාත්මය ශෝක, කරුණා රසයෙන් පුරවා ලූ ඒ ගීතය අමරදේවයාණන් චිතකයෙහි දැවෙද්දීත් අපේ අධ්‍යාත්මය කම්පනය කළා නොවේ ද?

 

 

 

            මේ ලොව යම් කිසිවෙකු

 

            මා හට පෙම් කළ බව

 

            එතකොට ඒ ගී රාවය

 

            හීන් හ`ඩින් මට කියාවි

 

මේ ගීතයේ ස්වර සමායෝජනය ද සුගායනය ද අරබයා ජයන්ත අරවින්දයෝ මෙසේ කියති.

 

            ‘‘සිතාරයෙන් පෙරී එන සුකෝමල සුනාදසරණියෙන් ගායනය ඇරඹේ. පිලූ රාගයේ සමාශ‍්‍රය සුප‍්‍රකාශ වන කෝමල ග, ධ, නි යන ස්වර ගී තනුව තුළ ශ‍්‍රව්‍යමාන වේ.

 

ආඝාතාත්මක ලෙස තනුව සංරචිත වී ඇතත්, අනාඝාත්මක ලක්ෂණය මතු වන පරිදි තාල වාදනයෙන් තොර ව ගැයේ. ගීතයේ ශෝකය සමාශිත නාදීය තේමාව ඉස්මතු කිරීමට අවනද්ධ වාදනය ඔබ තබා ඇති බව සිතිය හැකි ය.

 

ති‍්‍රමාත‍්‍රා සංගත වන දාදරා තාලය ගායනයට පාද වේ. පසුබිමින් ස්වර සංවාදාත්මක වාද්‍ය ඛණ්ඩ ශ‍්‍රවණය වීම නිසා ගීතයේ විප‍්‍රලම්බ ශෘංගාර රසය තීව‍්‍ර වේ. මේ වනාහි භාව ගීතයක් ලෙස ගැයෙන ගීයකට ඉතා උචිත වූ තනුවක් යෙදුණු අවස්ථාවකි. සමස්ත ගීතය මන්ද ළයාන්විත ව අභිවහනය වේ.

 

අන්තර් වාද්‍ය ඛණ්ඩ තුළ සවන වැකෙන අනපේක්ෂිත ස්වර හා විශේෂ ස්වර රටාව ප‍්‍රස්තූතය සාලංකාර ද උද්දීප්තිමත් ද කරයි.’’

 

            අඩ සඳ බැසයන සඳ

 

            සීතල අඳුරු රැයක

 

            රැහි අඩන රැව් අතරින්

 

            එතකොට ඒ ගී රාවය

 

            යාන්තමින් මට ඇසේවි

 

අමරදේවයාණන්ගේ සුගායනය මගින් අපේ දෑස් ඉදිරියේ මැවෙන මේ පෙම්වතා තරුණියකගේ අවංක ආදරය පතා වෙහෙසට පත් ව සිටින සොඳුරු මිනිසෙකි. ඔහුගේ ප‍්‍රාර්ථනය ජීවත් ව සිටිය දී හඳුනා නොගත් ඔහුගේ හදවත මියගිය කලෙක හෝ හඳුනාගෙන සොහොන් කොතේ දුක් ගීයක් ලියනා ලෙස ය. විප‍්‍රලම්බ ශෘංගාරය දනවන මේ ගීතය අමරදේවයාණන්ගේ ශෝක බරිත හඩ සමග පෙම්වතාගේ මළගම පිළිබඳ ශෝක බරිත වේදනාත්මක හැගීමක් දනවයි. ඒ සඳහා සේකර එකතු කර ගන්නා සංකල්පනා ද ඒ හැගීම් තවත් තීව‍්‍ර කර පෙන්වයි.

 

අඩ සඳ බැස යයි. මෙහි අරුත කිම? ඒ නම් ගනඳුර ගලා එන බවම ය. අඳුර සීතල ය. ඒ සීතල අඳුර සමග රැහැහියෝ ද හඩති. ඒ රැහැහි හඩ සවනට කාන්දු වන්නේ වීණාවෙන් නිකුත් වන ශෝකී රාවයට අමරදේවයන්ගේ හඩ සුසංයෝග වීමෙනි. මේ පරිසරය පරිකල්පනයෙන් ගීතයේ පද සරණියට ද, නාද සරණියට ද, හ`ඩ සරණියට ද අමරදේවයාණන් සාධාරණය ඉෂ්ඨ කර ඇති නිසා මේ ගීතය රසය උද්දීප්ත කර අපේ මනෝභාව මණ්ඩලය වර්ණ ගන්වා ඇති සේ ය.

 

මහගම සේකර සේම අමරදේවයාණෝ ද අව්‍යාජ වූහ. ඔවුහු නිදහස් ස්වෛරී රාජ්‍යයක මනුෂ්‍යත්වය සොය ගිය හ. මහගම පද රචනය කළ අමරදේවයාණන් ගයන මේ ගීතය ඊට සාක්ෂියකි.

 

            ‘‘පටු අදහස් නම් පවුරින්

 

            ලෝකය කැබලිවලට නොබෙදී

 

            ඥානය නිවහල් වී

 

            බියෙන් තොරව හිස කෙළින් තබාගෙන

 

            සිටිනට හැකි කොහිදෝ

 

            ඒවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට

 

            මාගේ දේශය අවදි න පියාණනේකරනු මැ

 

සේකරගේ මේ නිර්මාණය ගීතයක් හැටියට පරිවර්තනය වූ ආකාරය පසු කලෙක අමරදේවයාණෝ මෙසේ සිහිපත් කළහ.

 

            ‘‘ඔහු මෙම ගීතය ලියුවේත්, ගුවන් විදුලියේ මධුවන්ති වැඩසටහනකට, ඇත්ත වශයෙන් ම, මෙවැනි සුප‍්‍රකට ජගත් රචනා කිහිපයකින්, ඔහු මධුවන්ති වැඩසටහන මොනවට පෝෂණය කළා. සාරවත් කළා.

 

            මේ ගීතය නිර්මාණයේ දී මා ඇසුරු කළේ, චාන්දනී ඛේදාර් රාගය ගීතය තනුගත කරන විට ඉබේ ම වාගේ පැමිණියේ, චාන්දනී ඛේදාර් රාගයේ ස්වර සංගති. ඒ ස්වර සංගති, ගීතයේ වචනවල ගමන අනුගමනය කරනවා.

 

            ‘‘පටු අදහස්’’ නමැති ගීතය නිර්මාණය වුණේ, සමූහ ගායනයක් හැටියට. ලක්ෂ්මන් විජේසේකර, එඞ්වඞ් ජයකොඩි, අමිතා වැදිසිංහ සහ තවත් අය මුල දී අත්වැල් ගායනයෙන් එකතු වුණා. වර්තමානයේ ජාතික නිදහස පිළිබඳ සැබෑ අරුත කු`ඵ ගන්වන ගීතයක් හැටියටත්, අපගේ ලෝක දෘෂ්ටිය පු`ඵල් කරන ගීතයක් හැටියටත්, මෙම නිර්මාණය හඳුන්වන්ට මම කැමතියි.’’

 

(පණ්ඩිත් අමරදේව - ගී සර මුවරද 123 පිටුව)

 

මේ ගීතය සේකරගේ සේම අමරදේවයාණන්ගේ ද ලෝක දෘෂ්ටිය හෙළි කෙරෙන ගැඹුරු නිර්මාණයකි. සැබැවින් ම අපගේ දේශය අවදි කළ යුත්තේ මෙවන් වූ නිදහස් ස්වර්ග රාජ්‍යයකට නොවේ ද?

 

            ‘‘ඒවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට

 

            මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ’’

 

අමරදේව නම් ගී උල්පතින් නො සිඳී ගලා ආ සුභාවිත ගීත අපේ නෙතු මායිමේ කඳුඵ තැවරූ අවස්ථා බොහෝ ය. රත්න ශ‍්‍රී විජේසිංහ පද රචනය කළ සුදු නෙළුම ගීතය එබන්දකි. දියේ ගිලී මියගිය දියණියක වෙනුවෙන් ලියැවුණු ඒ පද පෙළ අමරදේවයාණෝ භාවාත්මක ස්වරයෙන් ගායනා කළ හ.

 

            ‘‘සුදු නෙලූම කෝ සොරබොර වැවේ

 

            මල් සුවඳ දුන් මහියංගනේ

 

            පුන් පෝයදා පසළොස්වකේ

 

            මල් නෙලා විකුණූ පංසලේ’’

 

එකල අමරදේවයාණන් ටවර් හෝල් රගහලේ දී මේ ගීතය මුලින් ම ගායනා කරන සඳ මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයෝ ද කඳුඵ පිසදා හැඩූහ. රත්න ශී‍්‍ර වරෙක ඒ මතකය අවදි කළේ මෙසේ ය.

 

            ‘‘මෙයට සිව් වසරකට පමණ ඉහත දී ටවර් හෝල් රගහලේ දී පණ්ඩිත් අමරදේවයෝ මේ ගීය ගායනා කළහ. එදා ඒ ගිය ගයද්දී වේදිකාවේ හුන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නෙතග කඳුළක් නැගෙනු මම හොඳ හැටි දුටුවෙමි. ඒ දියේ ගිලී මියගිය පෙර කී දැරිය වෙනුවෙනි. මව්පියන් පවා කඳුඵ නොසැලූ මේ කුඩා දැරිය වෙනුවෙන් නන්නාඳුනන ඈත ඉසව්වක විද්වතෙකු පවා කඳුඵ සැලූවේ එකී අත්දැකීමේ වූ අනුවේදනීය ස්වභාවය නිසා බැව් මට වැටහුණි.’’ (දිනමිණ 1995 - 11- 21)

 

කාගේ හෝ පද මාලාවක් තමන්ගේ ම කරගෙන, ඉමහත් ප‍්‍රහර්ෂයෙන් යුතුව ගායනා කිරිමට අමරදේවයාණන්ට තිබුණේ පුදුම භක්තියකි. ගෞරවයකි. ඒ නිසා ම අමරදේවයාණන්ගේ මුවින් ඒ කරුණා අමා දහර ඉබේට ම වාගේ ගලා ආවේ ය.  අප සිත් ඔහු ළග නතර වූයේ ඒ ශෝක, කරුණා රස මිශ‍්‍ර භාව ගීතයක හඩ අපගේ දෙසවන් පිනවන අතරම හදවත් කම්පනය, ප‍්‍රකම්පනය කරවන නිසාවත් ද?  ඔහු ම කියන වග නම්,

 

            ‘‘කවියා සිය රචනයේ මැද භාගයේ දී දැරියගේ මරණය සිහි කරමින් මෙසේ කියනවා.

 

            වැවට ක`ඵවර යා   වුණා

 

            සංසාර දුක බෝ      වුණා 

 

            නෙලූ  මල්මිට         ඉහිරුණා

 

            එහා ඉවුරට පා        වුණා

 

            ‘‘සංසාර දුක බෝ වුණා’’ එය අපූරු යෙදුමක්. කරුණා රසය තියුණු කරන යෙදුමක්. මෙම රචනයේ දී ඉස්මතු කොට දැක්වීම අවශ්‍ය වන්නේ, කරුණා රසයමයි. එහිදී පණ්ඩිත් ජස්රාජ් නමැති සුප‍්‍රකට භාරත ගායන ශිල්පියාගේ ගායනයෙන් මා ලැබූ ආභාසයෙන්, මගේ පරිකල්පනය පුබුදු වුණා. මෙම ගීතයේ නාද රටාව නිර්මාණය වුණේ, එයින් ලැබුණු ආස්වාදයෙනුයි.’’

 

(අමරදේව - ගී සර මුවරද, 104 පිටුව)

 

තවත් සංගීත යුගයක් අරඹා අවසන් කළ විශාරද පණ්ඩිත් අමරදේවයාණෝ ගෞඩ සාරංග රාගයේ ස්වර සංගති ඇසුරු කරගෙන නිර්මාණය කළ මහගම සේකරගේ රත්නදීප ජන්ම භූමි ගීතය මෙරට ජාතික ගීතය වන තරමට ම දේශාභිමානී භාවයන්ගෙන් යුතු ව ගායනා කළේ ය. ඔහු නැතත් මේ ගී පද ඉරහඳ පවතින තුරු මේ මනු ලොව පුරා රැව් පිළිරැව් නංවා අමර ස්වරය අමරණීය වනු ඇත.

 

            ‘‘රත්නදීප ජන්මභූමි

 

            ලංකදීප විජයභූමි

 

            මේ අපේ උදාර වූ මාතෘ භූමියයි

 

            ආදී සිංහලේ වීර මී මුතුන් ලෙයිින්

 

            සාර වූ උදාර වූ මාතෘ භූමියයි.’’

 

මහගම සේකරගේ වචනවල තිබෙන වාග් ලාවණ්‍යයත්, අර්ථ ගාම්භීරතාවත්, අමරදේවයාණන්ගේ සංගීත යෝජනයත්, ගායන විලාසයත් හේතු කොට ගෙන මේ ගීතය නිල නොලත් ජාතික ගීතය බවට පත් ව ඇති බැව් ඩබ්ලිව්. ඒ. අබේසිංහයෝ කියති.

 

            ‘‘මේ සමයෙහි ගැයෙන ජාතික ගීතය ද ඇතුඵ සියලූ දේශාභිමාන ගීත අතර, නිර්මාණ ගුණයෙන් ද, අර්ථ සම්පත්තියෙන් ද, ශ‍්‍රවණ මාධුර්යයෙන් ද, ඒ සියල්ලට ම වඩා සුගායනීය ශක්‍යතාවෙන් ද මුල් තැනට පැමිණ ඇත්තේ, මහගම සේකර විසින් පබඳනා ලද ‘‘රත්නදීප ජන්ම භූමි’’ නමැති ගීතය යි. අපගේ ජාතික ගීය වන්නට අවශ්‍ය සියලූ ගුණාංගයන්ගෙන් සමලක්ෂිත මෙම ගීතයේ රචනය අර්ථවත් ය. ජාතියේ ප්‍රෞඪත්වය හුවාලන ගුණයෙන් සපිරි ය. සමූහිකත්වය වඩාලන හැගුමින් ඔදවත් ය. අතිශයින් සුගායනී ය. අප කවියේත් ගීතයේත් රිද්මයනට අනුගාමී භාවපූර්ණ සංගීතයෙන් සුසංගත ය.’’

 

ශී‍්‍ර ලාංකික සංගීත ඉතිහාසයේ නොනිමි මෙහෙවරක් ඉටු කළ සංගීිත් විශාරද පණ්ඩිත් අමරදේවයාණන් මොරටුවේ උපත ලබා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ඇරඹූ සංගීත දිවිය නිමා කරන සඳ ඔහු ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලයකින් D. Litt (Doctor of Literature) උපාධි ලත් මුල් ම සංගීතඥයා විය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් අමරදේවයාණෝ 1991 දී ප‍්‍රථම සම්මාන ආචාර්ය උපාධිය ලැබූහ. ඉන් පසු තවත් විශ්වවිද්‍යාල හතරකින් සම්මාන ආචාර උපාධි ලැබූ ප‍්‍රථම සංගීඥයා ලෙස අමරදේවයාණෝ ඉතිහාසගත වූ හ. ඔහුගේ ශී‍්‍ර නාමය රසික හදවත් තුළ රැුව් දී චිරාකල් රැඳේවායි අපි පතන්නෙමු !

 

 

 

(දර්ශනපති මහේෂ් ක‍්‍රිශාන්ත)

 

 

 

 

 

Advertiesment