Monday 22nd of July 2019

English Tamil


සාම්ප‍්‍රදයික දේශපාලනයේ දෙවැනි ඉනිම ඇරඹේ..!


2019-07-01 6751

225 ම එපාද..?

(ආචාර්ය චරිත හේරත්)

අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් හැම දෙනාමට පාහේ ජනතාවගේ විරෝධතාවක් තිබෙන පරිද්දෙන් මතුවෙමින් තිබෙන “225 ම එපා” යැයි කියවෙන ප‍්‍රකාශය මේ දවස්වල සමාජ මාධ්‍ය අවකාශයේ සාකච්ජා වෙන එක් ජනප‍්‍රිය සටන් පාඨයකි. මේ කාරණයෙ මගින් මතුකර තිබෙන්නේ මේ රටේ සමාජය රටේ දේශපාලනය පිළිබදව මෙතෙක් කාලයක් බැලූ ආකාරයට වඩා යම් විචාරාත්මක හා විරෝධාත්මක බවක් බව බැලූ බැල්මට පෙනී යයි.

ඇත්තටම අපේ සමාජයේ තිබූ දේශපාලන සාක්ෂරතාවයෙහි බරපතල වෙනසක් 2015 ජනවාරි ජනාධිපතිවරණයත් සමගින් සිදුවෙමින් පවතින බව ඉතාමත් පැහැදිලි කාරණයක් වන අතර ඒ වෙනස් තත්වයෙහි එක් කැපී පෙනෙන දෙයක් වන්නේ තමා දෙන ජන්දය සහ රටේ අනාගතය අතර සම්බන්ධයක් තිබෙන බව සමාජයේ එක් තීරුවක් තදින්ම විශ්වාස කිරිමට පටන් ගැනීමයි. මේ කියන 225 ම එපා කථාව එන්නේ මේ අලූත් තත්වයෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් බව පිලිගැනීමේ වැරුද්දක් නැත. ජනතාවගේ පැත්තෙන් මතුවෙන විරෝධතාවක් සටහන් කරන්නට 225 ම එපා යැයි කීවත් මේ සංවාදය නිවැරිදිව නොගියහොත් පාර්ලිමේන්තුව හා ඒ ආයතනයේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් මතු කර ගත යුතු වැදගත් කරුණු ගනනාවක් මග හැරී යන ආකාරයේ අනතුරක් මේ සටන් පාඨයේ තිබෙන බව මගේ අදහසය. මේ සටහනින් කථා කරන්නේ ඒ සම්බන්ධයෙන් වැදගත් වන කරණු කීපයක් පිළිබදවය. මුළින්ම කිව යුත්තේ මන්ත‍්‍රිවරයෙකුගේ කාර්යභාර්ය පිළිබදව සමාජයක් දේශපාලන වශයෙන් යම් මුහුකුරායාමකට පත්වීම ඉතාමත් හොද දෙයක් බවය. 1930 දශකයේ සිටම ජන්ද අයිතිය පිළිබද යම් ආකාරයක දැනීමක් මේ රටේ ගොඩ නැගෙමින් තිබූ බව සත්‍යයක්ය. ඒ කියන්නේ අපේ රටේ සමාජයට ස්වකීය පාලකයින් තෝරා ගැනීමට ඉඩක් ඒ කාලයේ සිටම තිබූ බවය. එහෙත් ඒ ඉඩ සහ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අවකාශය ශක්තිමත් දේශපාලන තෝරාගැනීමක් බවට පත් වුනේ නැති තරම්ය.

සර්වජන ජන්ද බලයේ මුල් ඉතිහාසය මගින් කියන්නේම මේ ගොඩ නැගෙමින් තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අවකාශය ඉහලට මතුවුනේ නැති ආකාරයක්ය. ඇත්තටම සිදුවුනේ පැරනි වැඩවසම් සමාජ ක‍්‍රමයේ මිය යමින් තිබූ සමාජ ආකෘතින් වූ කුළය හා පරවේනි උරුමය වැනි විකාර සමග මිශ‍්‍ර වූ අලූත් තත්වයක් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇතුල් වීමය. 1977 දක්වාම සංබ්‍යා ලේඛණවලින් පෙන්වන්නේ මේ තත්වය හරහා පාර්ලිමේන්තුවට ඇතුලූවුවන් බහුතරක් මේ ගනයට අදළ බවය. එහෙත් ඒ කාලයේ දේශපාලනයට ආවේ එවැනි වැඩවසම් ආකෘතියක සිටින සම්පත් වැඩි කාණ්ඩයේ පවුල්වල අය වුවත් සහ ඒ බොහෝ අයගේ බුද්ධිභාවය ඉතාමත් ප‍්‍රාථමික තත්වය තිබුණත් ඒ කාලයේ සිටි නායකයෝ මේ රටට එරෙහිව දේශපාලනයේ යෙදෙන්නෝ නොවූ බව අපි තේරුම් ගත යුතු කාරණයක්ය.

මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය පටන් ගත්තේම ඒ ආකාරයේ වැරදි පාරකට දමමින් වූ නිසාම ඒ පාරෙන් ආපු බොහෝ අය ස්වකීය ‘මහන්තත්කම රුක ගැනීම වැනි හිස් අවකාශයක් නඩත්තු කිරීමට’ තමන්ගේ තමන්ගේ දේපොල විකුණමින් දේශපාලනයේ රුදි සිටියා මිස පාර්ලිමේන්තුවාදයෙන් රටට ලබා ගත යුතු ධනාත්මක ජයග‍්‍රහන එතරම් සැලකිල්ලකට ගත්තේ නැති තරම්ය. ඒ වගේම දේශපාලනය පාවිච්චි කරමින් හොරකම් කරන්නටත් ඒ කියු කාණ්ඩයේ අය පෙළඹුනේ නැති තරම්ය. ජෙ ආර් ජයවර්ධන හා ඇන් ඇම් පෙරෙරා වැනි මේ කාණ්ඩයේ සිටි අවසන් නායකියින් මිය ගියේ තමන්ගේ වියදමින් හද ගත් කොළඹ පිහිටි ගෙවල් දෙරවල් පවා රජයට හෝ පක්ෂයට පරිත්‍යාග කරමින්ය. මේ 1930 දශකයේ සිට 1977 දක්වාම අඩු වැඩි පාර්ලිමේන්තු දේශපාලනයේ තිබුණේ වශයෙන් තිබුනේ මේ වගේ තත්වයක් වුවත් එය බරපතල ආකාරයෙන් වෙනස් වන්නට ආරම්භ වුයේ 1977 සිදුවූ දේශපාලන විපර්යාසය හේතුවෙන්ය.

77 දේශපාලනයේ වෙනස පටන් ගන්නේ ජයවර්ධන මහතාට ලැබුනු අසීමිත බලයෙන් මේ රටේ තීරණාත්මක වෙනස්කම් දෙකක් එකවර කරන්නට ඔහු දැරූ උත්සාහයත් සමගින්ය. ඔහුගේ උත්සාහය වුයේ ආර්ථික ක‍්‍රමය එක් පැත්තකිනුත් දේශපාලන ක‍්‍රමය අනිත් පැත්තෙනුත් අල්ලා ඒ දෙකම එකවර වෙනස් කරන්නටය. 77 විවෘත ආර්ථිකය හරහා අර්ථ ක‍්‍රමය වෙනස් කරන්නට සහ 78 අලූත් ව්‍යවස්ථාවක් හරහා දේශපාලන ක‍්‍රමය වෙනස් කරන්නට ඔහු වැඩ කළේ මේ උත්සාහය නිසාය. (මේ දෙකම එකක් අනෙකට අත්‍යාවශ්‍ය සාධකයක් වන නිසා දෙකම එකවිට කිරීමේ අවශ්‍යතාවක්ද තිබු බව පැහැදිලිය) ඒ වගේම අලූත් වැඩ දෙකේ ම සමහර ධනාත්මක සහ ගුනාත්මක දේවල් තිබෙන බව මගේ පිළිගැනීම වුවත් ඒ වැඬේ කරන්නට ගොස් සිදුකල වැරදි වලද සීමාවක් නැති තරම් බව පැවසීම පාර්ලිමේන්තුවේ අද තත්වය පිළිබදව සාකච්ජාවට ඉතාමත් අදළය. ජයවර්ධන මහතා කළේ ශ‍්‍රීලංකාව නැමති රෝගියාට බරපතල සැත්කම් දෙකක් එකවර කරන්නට හදන වෛද්‍යවරයෙකු ආකාරයේ වැඩක් යැයි කීම නිවැරිදිය. මගේ කියවා ගැනීම වන්නේ අපේ රට අද පත්වී තිබෙන්නේ මේ සැත්කම් දෙකම නිමා කරන්නට පෙර සිහිය පැමිණ භාගෙට සිදුකළ සැත්කම් සහිතව පාරේ දුවන රෝගියෙකු සමාන තත්වයක්ය. ජයවර්ධන මහතා බලය හැර යන විට ඉතිරිවී තිබුනේ අතර මැද නැවතුනු සැත්කම සහිත රෝගියෙකු පමණක් නොව මේ සැත්කමේ වැරද්දට අතුරු ආබාධවලින් ද පිරුණු රෝගියෙක් බදු රටක්ටය. මේ අතුරු ආබාධවලින් එකක් වූ ජවිපෙ භීෂනය පරාජය කරන්නට 1989 පැමිනි පේ‍්‍රමදස මහතාට සිදුවූ අතර එහිම අනෙක් අතුරු ආබාධය වූ උතුරේ එල් ටී ටී ඊ භීෂනය පරාජය කරන්නට 2005 පැමිනි මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූ බව සිහිපත් කරන්නේ මුල් වෛද්‍යවරයාගේ වැරදි සැත්කමේ අතුරු ආබාධ දෙකක් නිමා කරන්නට වසර 30 පමණ දුක් විදින්නට සිදුවූ බව මතක් කරමින්ය. එහෙත් මේ අනතුරු දෙකටම වඩා ජයවර්ධන මහතාගේ හදිසි දේශපාලන ශෛල කර්මයෙන් ඉතිරි කර ගිය බරපතල අර්බුදයක් වන්නේ පැරනි පාර්ලිමේන්තු සම්ප‍්‍රදය සම්පුර්ණයෙන්ම අවුලකට ඇද දමා අද තියෙන ආකරයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයකට පාර කපා යෑමය.

ජයවර්ධන රජයේ විවෘත ආර්ථික ක‍්‍රමය හේතුවෙන් මතුවූ නිර්ප‍්‍රභූ නව වෙළද කණ්ඩායම්වල පැවැත්මට දේශපාලන අධිකාරිය අවශ්‍යවීම එක් පැත්තකිනුත් මනාප ජන්ද ක‍්‍රමයේ ඇති අධික වියදම හේතුවෙන් අතිවිශාල මුදල් කන්දරාවක් මන්ත‍්‍රීවරුන්ට අවශ්‍ය වීමත් ඇතුළු අවිචාරාත්මක කාරණා රාශියක් අනිත් පැත්තෙනුත් මතුවීමේ තාර්කික ප‍්‍රතිඵලය වූයේ මේ ‘සහචර ධනවාදයේ’ ගොදුරක් වූ අමුතුම අමුතු මන්ත‍්‍රීවරයා බිහිවීමය. 77 දක්වා පැමිනි අඩු දියුනු වැඩවසම්වාදි පන්නයේ පාර්ලිමේන්තුව විශාල වශයෙන් වෙළද කුලයේ ඇත්තන්ගේ තෝතැන්නක් හෝ ඒ අයගේ ඉත්තන් පත් කර ගන්නා තිප්පොලක් බවට පත්වීමට හේතු වී තිබෙන්නේ මේ තත්වය යැයි තාරකිකව පිළි ගැනීමේ වැරුද්දක් නැත. එහෙත් මෙහිදි අප තේරුම් ගත යුතු අනෙක් කාරණයක් වන්නේ මේ තත්වයට අසු නොවූ සහ මේ රටේ දේශපාලන වර්ධනයන්ගේ වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් සිදුකරන වෙළෙන්දන්ගේ ඉත්තන් නොවු හා බුද්ධිමය පෞරෂයකින් යුතු සුලූ කණ්ඩායමක්ද මේ 77 පසු පාර්ලිමේන්තු ක‍්‍රමය තුළත් බිහිවී සිටි බවත් අදටත් එවැනි සමහරුන් සිටින බවත්ය. එහෙත් මේ සුළුතරයේ හඩ නෑසෙන ගානට බහුතර කණ්ඩායමේ අර්බුදය සමාජයේ දොරේ ගලා යමින් තිබෙන බව ඉතාමත් සත්‍යයක්ය. පාර පුරා ලෙඩුන් ගෙනියන ආකාරයෙන් සයිරන් නලා පිබිමින් යන මන්ත‍්‍රී ඇත්තන්ට කිසිම ඉඩක් නොදෙන තරමට සාමාන්‍ය ජනයා ශක්තිමත් වී තිබෙන්නේ මේ තත්වයට ඇති සමාජමය පිළිකුළ පෙන්නුම් කරමින්ය.

දැන් මේ විකෘති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ භූමිකාවට පැමිනෙන බොහෝ අය අද කරන්නේ සම්පුර්ණ බොරුවක් යැයි ජනතාව සිතන්නේ මේ අර්බුදයේම මෝරාගිය තත්වයක් ලෙසින්ය. මේ අවුලට අමතරව ජනතාවගේ පැත්තෙන් මතුවන අනෙක් කාරණය වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා යනු වැඩ බැරි අහිංසකයෙකුගේ හෝ බිය ජනක මැරවරයෙකුගේ තනකුරක් නොව නිශ්චිත විෂය ත්ෂේත‍්‍රයක් (TOR) ඇති දක්ෂයෙකුගේ රුකියාවක් බවයි. ඒ රුකියාවට දුර්වලයෙකු හෝ සහචර ධනවාදයේ ඉත්තෙකු පත්වීමෙන් වෙන්නේ රටම කඩා වැටීම බවට ජනතාව තුළ දැනුමක් ඇතිවීම මේ සංනිවේධන විප්ලවීය යුගයේ සිදුවී ඇති ප‍්‍රධානතම ජයග‍්‍රහනයක් බව මගේ අදහසය. අපේ රටේ අද තිබෙන තත්වය සමාන වන්නේ අනෙක් හැම රුකියාවක් සදහාම කුසලතාවය මත මිනිසුන් තෝරද්දි මේ අත්‍යාවශ්‍ය රාජකාරිය සදහා රටේ සිටින නුපුහුනු කණ්ඩායමක් තෝරා පත් කර යවන නිසා රටම අවුලකට පත්වී තිබෙන බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති වීමය.

මගේ උගත් මිතුරෙක් මේ තත්වය සදය උපහාසයකින් කීවේ “ප්ලේන් එක පදවන්න ගුවන් තොටුපලේ ෆොටර් මහතුන් යොද ගත්විට ගුවන් අනතුරු හැර වෙන එකක් බලාපොරොත්තු විය නොහැකි” බවයි. දැන් මේ තත්වය හමුවේ කල යුත්තේ කුමක්දැයි යන තීරණය ගැනීමේ වගකීම පැති කීපයකටම සම්බන්ධ වන බව මගේ අදහසයි” පළමුවෙන්ම මේ තත්වය තේරුම් ගත යුත්තේ මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නායකත්වයයි. ජනතාවගේ පැත්තෙන් මතුවී තිබෙන “මේ 225 එපා” තර්කයට පිළිතුරු දිය යුත්තේ ඒ අදහසම සම්පුර්ණයෙන් පිළිගැනීමෙන් හෝ සම්පුර්ණයෙන්ම නොසලකා හැරීමෙන් නොවේ. 225 තුළ සිටි දක්ෂයින් හා මේ රාජකාරියට ගැලපෙන කණ්ඩායම් පමණක් ඉදිරියට ගෙන එමින් රටේ කුසලතාවය හිමි සමාජ පන්තියට ස්වකීය දේශපාලන ව්‍යාපෘතින් තුළ අවකාශය නිර්මාණය කිරීම මෙහිදි ගත යුතු එක් වැදගත් තීරණ්යක්ය. අනෙක් අතට මේ තත්වයට අභිමුඛ නොවීමේ වැරුද්දට ඉඩ දුනහොත් ඒ ඉඩෙන් ප‍්‍රධාන පක්ෂ කීපයටම පිටින් මතුවිය හැකි ‘නිර්දේශපාලනික/තාක්ෂනික පක්ෂ දේශපාලනයක්’ හෝ බරපතල ‘ජාතික ආගමික වර්ගයේ දේශපාලනයක්’ මතුවීමේ විශාල ඉඩක්ද තිබෙන බව මගේ නිරීක්ෂනයය.

දෙවැනි කාරණය වන්නේ ජනතාවගේ පැත්තෙන් මේ ප‍්‍රශ්නය නිසි පරිදි තේරුම් ගැනීමය. කුෂලතාවය පිරි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට නොයැව්වොත් රටම අනතුරේ බව මතු කර ගත් යුත්තේ ඒ සදහා සුදුසු පිළියමක් සිදු කිරීමට මිස හුදු නාස්තිකවාදි දෘෂ්ඨියකින් නොවන බව මෙහිදි තේරුම් ගත යුතු කාරණයය. දැනට පාර්ලිමේන්තුවේ සිටින සහචර ධනවාදයේ ඒජන්තයින් නොවූ හා මන්ත‍්‍රී වෘත්තිය වෙනුවෙන් මැදිහත්වීමේ බුද්ධිය හා කැපකිරීම ඇති කාණ්ඩය නිවැරිදිව තෝරා ගැනීම සදහා නිසි විමසීමකින් තොරව හුදු ගෝත‍්‍රික ආකාරයෙන් මන්ත‍්‍රීවරුන් තේරීමෙන් වැලකී සිටීමය.

තුන්වෙනුව දැනට සිටින මන්ත‍්‍රීවරුන්ගේ පැත්තෙන් මේ “225ම එපා” තර්කයට පිළිතුරු දිය යුත්තේ මේ ප‍්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීමෙන් මිස වෙනත් ලෙසකින් නොවන බවය. දැන් සමාජය සිතන්නේ මේ මන්ත‍්‍රීවරුන් සමග ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් ඇති ආරවුලක් නිසා නොව ජනතාවගේ පැත්තෙන් තමන්ට හිමි සේවයක් නුසුදුසු අයගෙන් ලබා ගැනීමට ඇති අකමැත්ත ලෙසින් තේරුම් ගැනීමේ වැරුද්දක් නැත.

තමන්ගේ ගමේ රෝහලට සුදුසුකම් නැති අයෙක් වෛද්‍යවරයෙක් ලෙසින් පැමින බෙහෙත් දුන්නොත් ගමේ ඇති වෙන තත්වයට සමාජය තුළ අද මන්ත‍්‍රීවරයා මන්ත‍්‍රිවරයා සම්බන්ධයෙන් ඇතිවී තිබේ යැයි කීමේ වැරුද්දක් නැත. මේ තත්වයෙන් ගැලවිය හැක්කේ එක්කෝ ඒ වෘත්තියේ සුදුසුකම් ගොඩ නගා ගැනීමෙන් ජනතාවගේ බිය දුරු කිරීමෙන්ය” නැතහොත් ජනතා තීරණයන්ට හිස නැමීම හරහා ස්වකීය ක්ෂේත‍්‍රවල වෙනත් වෘත්තීන් වෙත ගමන් කිරීමෙන්ය. සරලවම කිවහොත් අපි සේන්දු වෙමින් තිබෙන්නේ සාම්ප‍්‍රදයික පාර්ලිමේන්තු දේශපාලනයේ දෙවැනි ඉනිම ලංකාව තුළ ස්ථාපිත වෙමින් පවතින සංක‍්‍රාන්තික කාලයකටය. රේන්ද කාරයාගේ සිට බෝම්බ කාරයා දක්වාත් කටවුට් ගසන්නාගේ සිට කටවුට් කඩන්නා දක්වාත් බෙදි ගිය මෙරට පළමු ඉනිමේ දේශපාලනය සීමා වෙමින් තිබෙන නව තත්වයකටය. මේ තත්වයට ආරමන්ත‍්‍රනය කරන දේශපාලන බලවේගය බවට පත්වීමට උත්සාහ දැරීම මේ මොහොතේ ප‍්‍රගතිශීලිම තත්වය බව මගේ යෝජනාවය.