Monday 22nd of July 2019

English Tamil


ජනපති කියන කතා ආරක්ෂක නිලධාරියෙකුවත් කියන්නේ නැහැ..!


2019-05-09 3241

ආරක්ෂක මණ්ඩලයේදී ජනපති උඩ බලා ගෙන ඉඳලා..!

ලෝකයේ ප්‍රබල රටවල් බෝම්බ කෑවා කියා අපත් බෝම්බ කෑ යුතුද..!

මෛත්‍රීපාල සිරිසේන කොඩිවිනයක්..!

කොඩිවිනය එජාපෙ වැලළුවේ හිටපු ජනපතිනිය..!

M.S ට එරෙහි S.F මෙහෙයුම ඇරඹේ..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරමින් ක්‍රියා කරන ආකාරයට ආධුනික ආරක්ෂක නිලධාරියෙකුවත් ක්‍රියා කරන්නේ නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා කියන්නේ ලෝකයේ ප්‍රබල රටවල් ත්‍රස්තවාදීන්ගෙන් බෝම්බ කෑවා කියා රටක් ජාතියක් ලෙස අපත් එලෙසම බෝම්බ කෑ යුතු බව දැයි හෙතෙම ප්‍රශ්න කර සිටියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මුළු රටටම කොඩිවිනයක් යැයි ද,එම කොඩිවිනය එක්සත් ජාතික පෙරමුණේ වැලළුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යැයි ද ෆීල්ඩ් මාර්ෂල්වරයා චෝදනා කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී බදාදා (08) ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

https://youtu.be/l7oGkdcwUlQ