Monday 11th of December 2023

English Tamil
Advertiesment


ජනතාව විදුලි පුටුවේ හිඳු වන විදුලි මාෆියාව හෙළි වෙයි


2019-07-02 7701

     

(සුජිත් මංගල ද සිල්වා)

 

විදුලිබල ක්ෂේත්‍රයේ සිදු වී ඇති මහා පරිමාණ  දූෂණ, වංචා සහ  අක්‍ර‍මිකතා සම්බන්ධයෙන් විදුලි බල සහ පුනර්ජනනීය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පුද්ගලයින් විසි එක් දෙනෙකුට එරෙහිව ප්‍ර‍ධාන අංශ දහසයක්  යටතේ  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව හමුවේ අද (28) පැමිණිලි කරනු ලැබීය.

විදුලිබල මණ්ඩලය සහ  ඒ  යටතේ තිබෙන  පාලිත සමාගම් 22 සිදු කළ සහ සිදු කරමින් සිටින  දූෂණ වංචා සහ අක්‍රමිකතා  හේතුවෙන් රටට සිදුව ඇති රුපියල් කෝටි  6000 ඉක්ම වූ පාඩුව අදාළ වග කිව යුත්තන්ගෙන් අය කර ගනිමින් ඒ අයට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් විදුලි ක්ෂේත්‍රයේ අධික වියදම අවම කොට අඩු මිලකට විදුලි ඒකකයක් ජනතාවට  ලබා දිය හැකි බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

විදුලි ගාස්තු 10% න් වැඩි කිරීමේ යෝජනාවට විරෝදය පල කර සිටින එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ප්‍රායෝගික සහ  පරිසර හිතකාමී විදුලි උත්පාදන ක්‍ර‍මවේදයක් ඔස්සේ   විදුලි ගාස්තු 25% කින්  අඩු කිරීම සදහා සදහා බලධාරීන් ක්‍රියා කළ යුතු බවය.

එම නිසා  ලංකා විදුලිබල මණ්ඩලය සහ ඒ යටතේ පවතින  පාලිත සමාගම් 22 ක විදුලිය උත්පාදනයෙදී සිදු කළ සහ සිදු කරමින් සිටින මහා පරිමාණ  දූෂණ වංචා හා අක්‍ර‍මිකතා පිළිබඳව රටට හෙළි කොට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා පෙරමුණ ගන්න බව  පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

විදුලි ඒකකයක් රු.10.50ක්  වැනි අවම මිලක් සහිත පරිසර හිතකාමී  ද්‍ර‍ව ස්වාභාවික වායු LNG විදුලි ව්‍යාපෘතීන් 2002 මැයි මාසයේ සිට මේ දක්වාම නතර කර ගෙන මේ සියලු විත්තිකරුවන්, විදුලිබල මණ්ඩලය සහ එහි පාලිත සමාගම් යොදා ගෙන රටේ ජනතාවට  අධික පිරිවැයක් සහිත  පරිසරයට විනාශකාරී ඩීසල් - HFO විදුලි බලාගාර රටට දායාද කොට ඇතැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සිය පැමිණිල්ල මගින් චෝදනා කර සිටියි.

ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු විසි එක් දෙනෙකුට චෝදනා  එල්ල කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ කළ පැමිණිල්ල මගින් මතු කර ඇති කරුණු සහ ඊට අදාළ විත්තිකරුවන් මෙසේය.

  • අමාත්‍ය මණ්ඩල අනුමත ප්‍ර‍තිසම්පාදන කමිටුවක් (SCAPC) ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් 300MW Combined Cycle Power plant (300MW CCPP) එකක් කෙරවලපිටියෙහි ඉඳිකිරීම සඳහා 2017-02-2 දින ටෙන්ඩර් කැඳවන ලදි. තාක්ෂණ ඇගයීම් කමිටුව ^TEC) ඇගයීමෙන් පසු සමාගම් 06ක් නිර්දේශ කරනු ලබන අතර, ඉන් එක සමාගමක් SCAPC විසින් ව්‍යාපෘතිය සඳහා නිර්දේශ කරන ලදි. පසුව ආර්ථික කළමණාකරණ අමාත්‍ය කමිටුව (CCEM) මැදිහත් වී නිර්දේශිත සමාගම හැර වෙනත් CEB හි පාලිත සමාගමක් වන ලක්දනව් (පුද්) සමාගමකට අදාල ටෙන්ඩරය පිරිනැමීමට කටයුතු කිරීම.
  • 2017-02-22 දින 300MW CCPP සඳහා වන SCAPC හි සාමාජිකයෙකු ලෙස  ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කටයුතු කිරීම හා ඔහු යටතේ වන සේවකයින් 0913 න් යුත් TEC හි සාමාජිකයින් විමත් ඔහු ලක්දනව් (පුද්) සමාගම අයත් LTL Holdings (Pvt) Ltd හි අධ්‍යක්ෂවරයෙකු වීමෙන් මෙන්ම ලක්දනව් (පුද්) සමාගමේ සභාපති හා CEB හි සභාපති එකම පුද්ගලයෙකු වීම මෙන්ම ටෙන්ඩර ඉහළ මිලකට අලෙවිය Rs¡300,000 වැනි මුදලක් Bid Security ලෙස අදාළ ටෙන්ඩර සමාගම් වලින් ලබා ගැනීම තුලින් ටෙන්ඩර් පටිපාටියම දූෂණයට හා වංචාවට හසු වී ඇත.
  • ලක්දනව් (පුද්) සමාගම රු.බිලියන 600ක් ඉක්ම වූ දූෂණයක් මේ වන විටත් මෙලෙසම ලබාගත් Yugadhanavi 300 MW HFO CCPP කෙරවලපිටිය මගින් සිදු කොට ඇත. 2002 මැයි ද්‍ර‍ව ස්වාභාවික වායු ^LNG& විදුලි බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැද වූ අතර ඒ සඳහා සමාගම් 22ක් ඉදිරිපත් වන ලදි. ඒ අතරින් රු.9 (USD 6.985 cents) විදුලි ඒකකයක් ලබා දීමට ඉදිරිපත් වූ සමාගම ව්‍යාපෘතිය සඳහා සුදුසුම සමාගම වුවද ටෙන්ඩරය සඳහා අඩු තරමින් ඉදිරිපත් නොවූ ලක්දනව් (පුද්) සමාගම CEB හි පාලිත සමාගමක් විමේ පදනමින් වංචනික ලෙස ව්‍යාපෘතිය ලබා ගැනීම හා රු.20ට විදුලි ඒකකයක් ලබා දීමට එකඟ වී පළමුව රු.47+ පොලිය = රු.56 ද මේ වන විටත් රු.29.38 + පොළිය = රු.38 ඉතා ඉහළ මිලකට අධික පරිසර හානියක් ද සහිතව HFO CCPP ක් යූරෝ මිලියන 152 ක ණයක් මත ඉදිකර පවත්වා ගෙන යාමෙන් රු.බිලියන 600ට වැඩි දූෂණයක් සිදු කොට ඇත.
  • ඉතා සූක්ෂම හා වංචා සහගත අයුරින් 2002 දී කැඳවන ලද LNG විදුලි බලාගාර ව්‍යාපෘති රු.20 විදුලි ඒකකයක් ලබා දීමට හා වසර 03 දී  LNG බලාගාරයක් බවට පත් කරලීමට පොරොන්දු වී ලබාගත් අයුරින්ම අලුත්a 300MW CCPP ව්‍යාපෘතිය ද ඒකකයක් රු.14.98  හා වසර 3 දී LNG බවට පරිවර්තය කිරීමට එකඟ වී CEB හි පාලිත සමාගමක් වීමේ පිහිටෙන් ලබා ගෙන නැවතත් රටට හා පරිසරයට හානිකර අධික පිරිවැය සහිත HFO CCPP  එකක් වාණිජ ණයක් තුලින් ඉදිකොට සමස්ථ රටටම විනාශයක් සිදු කරනු ඇත. රු.14.98ට විදුලි ඒකකයක් ලබා දිය හැකි නම් පළමුව මේ වන විට ක්‍රියාත්මක විදුලි බලාගාරය සඳහා ගෙවිය යුතු වනුයේ රු.29.38 + පොළිය = රු.38 නොව රු.14.98 වනු ඇත. ඒ තුළින් දැවැන්ත මූල්‍ය දූෂණයක් සිදුවී ඇත.
  • මෙ.වො 300 x 4 LNG CCPP ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් අමාත්‍ය මණ්ඩල අනුමැතියද සහිතව ලබා දී ඇති අතර, එම ව්‍යාපෘතිය මගින් රු.50ට ^ USD 7 cents) විදුලි ඒකකයක් ලබා දීමටත් 300MW 2016 අවසන් වීමට ප්‍ර‍ථම ජාතික විදුලි පද්ධතියට එක් කිරීමටත් නියමිතව ඇත. එය CEB ඇතුළු විත්තිකරුවන් ක්‍රියාත්මක නොකිරීමෙන් මේ වන විටත් රු. බිලියන 41ද ඉදිරි සෑම වසරක් සදහාම රු.බි 41 බැගින් මූල්‍ය අලාභයක් රටට සිදුවනු ඇත.
  • ලක් විජය ගල් අඟරු බලාගාරයට ගල් අඟරු සැපයීම සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට (SCFR 394/20150)  පටහැනිව කටයුතු කිරීම නිසා රු. බිලියන 8 පමණ දූෂණයක් රටට සිදුකොට ඇත.
  • ලක් විජය ගල් අඟරු විදුලි බලාගාරයට, ගල් අඟරු ප්‍ර‍වාහනය ටෙන්ඩර් පටිපාටියකින් තොරව පෞද්ගලික සමාගමකට ලබා දීමෙන් විශාල මූල්‍ය වංචාවක් සිදු වෙමින් පවතී.
  • විදුලි ව්‍යාපෘතීන් මෙන්ම අනිකුත් සංවර්ධන ව්‍යාපෘතීන් සඳහාද අනුමැතිය ලබාදීම සඳහා පත්කොට ඇති අති විශාල කමිටු සංඛ්‍යාව මගින් මුළු රටේම සංවර්ධන ක්‍රියාවලිය දූෂණයට ලක් වී ඇත. එය Bloomberg Indox හා LMD – Nilsen Business Confidence index මගින්ද තහවුරු කොට ඇත.
  • ආසියාවේ විදුලි ඒකකයක් සඳහා වන ඉහළම වියදම ලංකාවේ වන අතර, එය තවමත් නිෂ්පාදන වියදමට පහළින් වන අතර, CEB වාර්ෂිකව දැවැන්ත පාඩුවක් ලබනු ඇත. විදුලි ඒකකයක් ගෘහස්ථ පරිභෝජනය සඳහා රු.90ද, කර්මාන්ත සඳහා රු.25.80 ක් ද වනු ඇත. රටකට ආයෝජනය ලබා ගැනීමට නම් ආයෝජකයාගේ ලාභාංශ ඉහළ මට්ටමක පවත්වා ගතහැකි විය යුතුයි. ඒ සඳහා විදුලි පිරිවැය තදින් බලපානු ඇත. එනම් අවම මිලකට විදුලිය ලබාදීමට කටයුතු නොකොට රටේ සෑම ප්‍රදේශයකට කර්මාන්ත කලාප ඇතිකිරීම හා ඒ තුළින් ආර්ථික වර්ධනය හා රැකියා ඇති කිරීමට පොරොන්දු වීමම ජනතාව රැවටීම සඳහා කරනු ලබන වංචාවක් වනු ඇත.
  • ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පාලිත සමාගම් 22ක් ඇති අතර එයින් 15කම අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබන්නේ J.M.N. මරික්කාර් වන අතර U.D. ජයවර්ධන සමාගම් 13ද, R.K. පිටිගලගේ සමාගම් 11 ද අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු අතර මෙම ආයතන 22 ම එකම පිරිසක් ප්‍ර‍ධාන තනතුරු හොබවන අතර, විශාල වැටුප් හා වරප්‍ර‍සාද භුක්ති විදී. ඒ තුළින් විශාල මුදල් ප්‍ර‍මාණයක් අවිධිමත් ලෙස දේශීයව හා විදේශීයව භාවිතා කොට රටට දැවැන්ත මූල්‍යමය හානියක් සිදු කොට ඇත. එමෙන්ම මෙම සමාගම් 22න් බහුතර ප්‍ර‍මාණයක් විදේශීයව ආයෝජන සඳහා මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා දේශීය මුදල් රටින් පිටට රැගෙන ගොස් ඇති අතර, නමුත් නිසි ආකාරයෙන් නැවත නොලැබි ඇත. ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත.
  • ලංකා විදුලිබල මණ්ඩලය යුගධනවී කෙරවලපිටිය 300MW CCPP එකට සිදු කළ ආකාරයටම 2017 අලුත් ටෙන්ඩරට සඳහාද LNG විදුලි බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳ වූ බව සඳහන් කලද එම ටෙන්ඩරය 300MW Combined Cycle Power Plant (Multi Fuel Purpose) ලෙස දක්වා පළමු අවුරුදු 03 ඩීසල් / HFO වලින්ද ඉන්පසු LNG වලින්ද වන පරිදි ටෙන්ඩර් කිරිමෙන් ලොව කිසිදු ප්‍ර‍ධාන LNG සමාගමක් ටෙන්ඩරය සඳහා ඉදිරිපත් නොවන අතර එය රටට මිල අධික හා ල.වි.ම. විසින් තමන්ගේම පාලිත සමාගමක් වෙත ව්‍යාපෘතිය ලබාගැනීම උදෙසා කරනු ලබන වංචනික ක්‍රියාවක් වී ඇත.
  • කිසියම් සමාගමකට LNG විදුලි බලාගාරය හෝ LNG ගබඩා සංකීර්ණ ඉදිකිරීම සඳහා අනුමතිය ලබාදීමේදී එම සමාගම LNG, LNG ප්‍ර‍වාහන පහසුකම්, තාක්ෂණය, අත්දැකීම් අවම අවුරුදු 10ක් සඳහා හා මූල්‍ය හැකියාව කෙරෙහි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අධ්‍යනය කල යුතු අතර එම වගකීම එක් එක් කමිටු වෙත ලබා නොදිය යුතුය.
  • LNG රටට ලබා ගැනීමේදී අවශ්‍ය වන LNG පර්යන්ත ඉදිකිරීම සඳහා දියකඩන Breakwater තැනීම සඳහා කෙරවලපිටිය ප්‍රදේශය යෝග්‍ය නොවන අතර, ඒ සඳහා දික්ඕවිට ධීවර වරාය පහසුවෙන් යොදා ගත හැකි අතර එම වරාය සෑදීම සඳහා යුරෝ මිලියන 53 ලබා ගෙන ඇති අතර මේ වන විට එයින් නිසි ප්‍රයෝජනයක් නොලැබෙනු ඇත. Port City සඳහා ඉදිකරනු ලද Break water එක මගින් මේ වන විටත් විශාල පරිසර හානියක් සිදුකොට ඇත. වසර 3න් LNG බලාගාරයක් කිරීමට පොරොන්දු වූ යුගධනව් 300MW CCPP එකට LNG ලබා දීමට කටයුතු නොකිරීමෙන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය දැවැන්ත මූල්‍ය දූෂණයක් සිදු කොට ඇත.
  • Colombo - Barge Mounted 60 MW ක ඉතා පැරණි විදුලි බලාගාරයක් විදුලිබල මණ්ඩලය විසින් ඉතා ඉහළ මිලකට ලබාගෙන ඇති අතර ඒ සඳහා PUCSL හි අනුමැතිය මෙන්ම ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය ද අනුගමනය කොට නැත. එමගින් ඉතා විශාල මූල්‍ය දූෂණයක් සිදුවී ඇත.
  • ලංකා විදුලි බල මණ්ඩලය ඉතා කූඨ හා ව්‍යාජ ලෙස පවත්නා සියලු රජයන් සහ මහජනතාව ඉතාමත් වංචනික ලෙස ඉතා දිගු කාලයක සිට රැවටීමකට ලක් කොට ඇත. එනම් ලාභදායික හා පරිසර හිතකාමි LNG විදුලි බලාගාර ක්‍රියාත්මක නොකොට ගල් අඟුරු බලාගාර ඉතා ලාභදායී බව පෙන්වා දෙන අතර රු.8.79 - 9.41 අතර මිලකට නොරොච්චෝලෙයි ගල් අඟරු බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගත හැකි බවත්, එබැවින් LNG විදුලි බලාගාර යෝග්‍ය නොවන බැවින් දශක ගණනාවක් තුළ සෑම LNG ව්‍යාපෘතියක්ම නවතා දමන ලදි. නමුත් සැබවින්ම ගල් අඟුරු බලාගාර සඳහා රු.11.88 + පොළිය = රු.22 වැනි ඉතා අධික මිලක් ගෙවීමෙන් හා රු.10.50 ක් වැනි අඩු මිලකට LNG විදුලි බලාගාර වලින් විදුලිය ලබා ගැනිමට කටයුතු නොකිරීමෙන් දැවැන්ත මූල්‍ය දූෂණයක් සිදු වනු ඇත.
  • මහජන උපයෝගීතා කොමිෂම (PUCSL) නිර්දේශ හා අනුමත දිගුකාලීන විදුලිබල උත්පාදන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමෙන් රු.බි 78 ක මූල්‍ය අලාභයක් 2016 වර්ෂයේදී රටට සිදු වී තිබේ.

ඉහත සඳහන් මූල්‍ය දූෂණ වංචා සහ  අක්‍ර‍මිකතා නිසාවෙන් ලංකා විදුලි බල මණ්ඩලයත් සමස්ත රටත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට හසු වී ඇති අතර එම මණ්ඩලය සිය  මූල්‍ය දූෂණයන් නවතා ලාභදායී LNG විදුලි උත්පාදනයට අනුමැතිය ලබා දීම වෙනුවට විදුලි ඒකකයක මිල 10% න් ඉහළ දැමීමටත් නව මිල සූත්‍ර‍යක් මගින් විදුලි ඒකකයක් රු.18.90 සිට රු.54 දක්වා ඉහළ නැංවීමටත් ඉතා වංචනික ලෙස කටයුතු කරමින් සිටින බව ද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සිය පැමිණිල්ල මගින් චෝදනා කර සිටියි.

පරිසර හිතකාමී LNG විදුලි බල උත්පාදන ව්‍යාපෘතිය සඳහා අනුමැතිය කඩිනමින් ලබා දී විදුලි ඒකකයක මිල 25%කින් අඩු  කරන ලෙස ද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි.

 

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සිය පැමිණිල්ල මගින් චෝදනා කරමින් නම් කරනු ලබා සිටින විත්තිකරුවන් මෙසේය.

     

  1. රංජිත් සියඹලාපිටිය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07.  

  1. B. M. S. බටගොඩ

ලේකම් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07.  

  1.  w. B. ගනේගල

සභාපති ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02.  

  1. A. K. සමරසිංහ

සාමාන්‍යාධිකාරි ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02.  

  1. LTL හෝලිඩිංස් (පුද්) සමාගමේ සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් හා කොටස් හිමිකරුවන්

  අධ්‍යක්ෂ මණ්ඩලය  

  1. A.K. සමරසිංහ

අංක 32/5/2, මිහිඳු මාවත මාලඹේ.  

  1. W.D.A.S. විජයපාල

236 B, කුඩාමඩුව. සිද්දමුල්ල පිළියන්දල  

  1. U.D ජයවර්ධන

63/3, ගල්පොත්ත පාර නාවල, රාජගිරිය  

  1.        M.J.M.N මරික්කාර්

15, ෂේඩ්ගොරොව් ඇවනිව් කොළඹ 08  

  1.        R.K. පිටිගලගේ

101/3, කලල්ගොඩ පාර පන්නිපිටිය  

  1. W.D.R ක්‍රිශාන්ත

අංක 114/A ඉහල මාවිල, නාත්තන්ඩිය  

  1. R.M.S තිලකවර්ධන

නො.227/4, හොරගහකන්ද මාවත කොස්වත්ත. බත්තරමුල්ල  

  1. L.C.B දිසානායක

නො.10/1, රෙස්ට් හවුස් පාර මාවනැල්ල  

  1. ලක්ධනවී (පුද්) සමාගමේ සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් හා කොටස් හිමිකරුවන්

  අධ්‍යක්ෂ මණ්ඩලය  

  1. D ජයවර්ධන

63/3,ගල්පොත්ත පාර නාවල, රාජගිරිය  

  1. R. ධර්මසිරි

63, පාසැල් පටුමඟ, නාවල  

  1. ගාමිණී සරත්

314/2, ගාලු පාර තල්පිටිය දකුණ, වාද්දූව  

  1. J.M.N මරික්කාර්

15, ෂේඩ්ගොරොව් ඇවනිව් කොළඹ 08  

  1. K. පිටිගලගේ

101/3, කලල්ගොඩ පාර පන්නිපිටිය     කොටස් හිමිකරුවන්  

  1. D ජයවර්ධන

63/3, ගල්පොත්ත පාර නාවල, රාජගිරිය  

  1. R. ධර්මසිරි

පාසැල් පටුමඟ,  නාවල  

  1. J.M.N මරික්කාර්

15, ෂේඩ්ගොරොව් ඇවනිව් කොළඹ 08  

  1. K. පිටිගලගේ

101/3, කලල්ගොඩ පාර පන්නිපිටිය  

  1. D. ප්‍රියන්ත

“විජිත” හංවැල්ල  

  1. West Coast Power (Pvt) Ltd සමාගමේ හා ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ඇති අනික් සියලුම අනු/පාලික සමාගම් හෝ ආයතන 22 කේ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හා කොටස් හිමිකරුවන්.

 

  1. සියලුම ස්ථාවර අමාත්‍ය මණ්ඩල අනුමත ප්‍ර‍සම්පාදන කමිටු (SCAPC) සාමාජිකයින් (2017-02-22 ටෙන්ඩර් /300 MW - ආරම්භක හා අවසන් කමිටු සියලු සාමාජිකයින්)

 

  1. G. S. විතානගේ (ආරම්භක SCAPC කමිටු සභාපති)

ලේකම් විදේශ රැකියා අමාත්‍යාංශය 5 වැනි කුළුණ, 12 වෙනි තට්ටුව, මහ බැංකු ගොඩනැගිල්ල අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01.  

  1. උපාලි මාරසිංහ ( අවසන් SCAPC කමිටු සභාපති)

ලේකම් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අංක 80, සර් අර්නස්ට් ද සිල්වා මාවත කොළඹ 07  

  1. B. M. S. බටගොඩ

ලේකම් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07.  

  1. කේ.ඩී.එන්. රංජිත් අසෝක

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අංක73/1, ගාලු පාර කොළඹ 03.  

  1. A. K. සමරසිංහ

සාමාන්‍යාධිකාරි ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02.  

  1. N.M.D. නවරත්න

ප්‍ර‍ධාන - ගණකාධිකාරි මුදල් අමාත්‍යාංශය ලෝටස් පාර, කොළඹ    

  1. සියලුම තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයින් (2017-02-22 ටෙන්ඩර් / 300 MW)

 

  1.       P. C. C. පෙරේරා

අතිරේක සාමාන්‍යාධිකාරි ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02.  

  1. P. L. G. කාරියවසම්

අතිරේක සාමාන්‍යාධිකාරි ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02.  

  1. L. ආරියදාස

ව්‍යාපෘති අධ්‍යක්ෂක (LNG PP) ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02  

  1. A. J. De Z. වික්‍ර‍මරත්න

ප්‍ර‍ධාන ඉංජිනේරු (EP) ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02  

  1. R. A. L. රණවක

ව්‍යාපෘති කළමණාකරු (RLNGPP) ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02  

  1. J. D. K. G. හේමරත්න

ප්‍ර‍ධාන ඉංජිනේරු (AMTE)                                  ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02    

  1. U. G. කිත්සිරි ME (ST) – KCCP

ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02  

  1. M. B. C. R. නන්දසිරි

අතිරේක මුදල් කළමණාකරු ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02  

  1. D. D. D. ආටිගල

ගණකාධිකාරි (EP) ලංකා විදුලිබල මණ්ඩලය අංක 50, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොළඹ 02  

  1. K.L.R.C. විජේසිංහ

අධ්‍යක්ෂක (P & E) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07.  

  1. N. B. M. P.ජීවසාරී

නියෝජ්‍ය මෙහෙයුම් කළමණාකරු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දෙමටගොඩ  

  1. K. D. S R.පෙරේරා

අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් ජාතික ප්‍ර‍තිපත්ති සම්පාදන දෙපාර්තමේන්තුන මුදල් අමාත්‍යාංශය ලෝටස් පාර, කොළඹ

  1. S. P. Y. M. සේනාධීර

ජේෂ්ඨ ආර්ථික  විශේෂඥ මහ බැංකුව මහ බැංකු ගොඩනැගිල්ල, අංක 30, ජනාධිපති මාවත කොළඹ 01.  

  1. R. H. S. සමරතුංග

ලේකම් මුදල් අමාත්‍යාංශය ලෝටස් පාර, කොළඹ  

  1. R. පාස්කරලිංගම්

ජාතික ප්‍ර‍තිපත්ති  හා ආර්ථික සම්බන්ධතා උපදේශක හා ප්‍ර‍ධානී- ආර්ථික කටයුතු පිළිබඳ නිලධාරී කමිටුව මුදල් අමාත්‍යාංශය ලෝටස් පාර, කොළඹ  

  1. අර්ජුන් රණතුංග

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අංක 80, සර් අර්නස්ට් ද සිල්වා මාවත කොළඹ 07  

  1. උපාලි මාරසිංහ

ලේකම් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අංක 80, සර් අර්නස්ට් ද සිල්වා මාවත කොළඹ 07  

  1. මහින්ද සමරසිංහ

වරාය හා නාවික අමාත්‍ය වරාය හා නාවික අමාත්‍යාංශය අංක 19, චෛත්‍ය පාර, කොළඹ 01.

  1. L. P. ජයම්පති

ලේකම් වරාය හා නාවික අමාත්‍යාංශය අංක 19, චෛත්‍ය පාර, කොළඹ 01.  

  1. පරාක්‍ර‍ම දිසානායක

සභාපති ශ්‍රී ලංකා වරාය අධිකාරිය අංක 19, චෛත්‍ය පාර, කොළඹ 01.  

  1. M.M.C ෆර්ඩිනැන්ඩස්

(2005-2014 හිටපු ලේකම් - විදුලි බල ශක්ති අමාත්‍යාංශය) කොළඹගේ මාවත නාවල  

  1. W. D. ජෝන් සෙනෙවිරත්න

(2005-2010, හිටපු - විදුලි බල හා බලශක්ති අමාත්‍ය) අංක 2/3, ගල්පොත්ත පාර නාවල, රාජගිරිය  

  1. ලාල් මර්වින් ධර්මසිරි

සභාපති - මධ්‍යම පරිසර අධිකාරිය අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තරමුල්ල.  

  1. දමිත කුමාරසිංහ

අධ්‍යක්ෂක ජෙනරාල් මහජන උපයෝගිතා කොමිෂම 6 වැනි මහල, BOC මර්චන්ට් කුළුණ, ශා/ මයිකල් පාර, කොළඹ 03.    

Advertiesment