Thursday 22nd of August 2019

English Tamil


Notre-Dame දේවස්ථානයේ ගින්නක්..!


2019-04-16 1304

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිබෙන වාර්තා වේ.

ලෝක උරුමයක් වන Notre-Dame ප්‍රධාන දේවස්ථානය ඉදි කර තිබෙන්නේ  12 වැනි ශත වර්ෂයේදීයි.

මේ වන විට ගින්නෙන් පැරිසියේ සුන්දරත්වය ලොවට විදහා පෑ Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගින්නෙන් මෙම ගොඩනැගිල්ලේ , ගලින් නිර්මාණය කර තිබූ සැකිල්ල සහ කුළුණු දෙකක් පමණක් ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙන බව  ප්‍රංශ බලධාරීහු සඳහන් කළහ.

මෙම ගින්න  ඊයේ (15) පස්වරුවේ හටගත් අතර පසුව  වසර 850 ක් පැරණි ගොඩනැගිල්ල පුරා පැතිර ගිය බවයි.

ගින්න නිවීමට ගිනිනිවීමේ ආරක්ෂක භටයින් 400ක් යෙදවා ඇති අතර එයින් එක් අයෙක් බරපතල තුවාල ලබා ඇත.කෙසේ නමුත් මේ වන විටත්  දේවස්ථානයේ අභ්‍යන්තර ව්‍යුහයන් කඩාවැටීමේ අවදානම පහව ගොස් නැතැ බව  ප්‍රංශ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධානී ජීන් ක්ලෝඩ් ගැලට් සඳහන් කළේ ය.

මෙම දේවස්ථානයේ තිබු සිතුවම් ඇතුළු කලා නිර්මාණ විශාල ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් ගින්නෙන් බේරා ගැනීමට හැකි වී තිබෙන බව පැරිස් නගරාධිපති ඈන් හිඩල්ගෝ සඳහන් කළේ ය.

කෙසේ නමත් මෙම අදහාගත නොහැකි සිදුවීම දෙස පැරිස් නුවර ජනතාව සහ සංචාරකයින් , සේන් නදිය හරහා ඉදිකළ පාලම් මතට වී තම දෑස් අයා බලාසිටි බවද වාර්තා වේ.

ලෝකයේ බොහෝ නායකයින් තම ශෝකය ප්‍රංශ ජනතාවට පළ කර ඇති අතර, ප්‍රංශයේ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ  මෙය ප්‍රංශ වැසියන්ගෙන් සැබවින්ම මෙම ගින්න ප්‍රංශ ජනතාවගේ  කොටසක් ගිනි ගෙන දැවෙනු බලාසිටීම හා සමාන බවයි .

තවද ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් දේවස්ථානය යළි ගොඩනැගීමට ජාත්‍යන්තර වශයෙන් ආධාර එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කරන බව ද ප්‍රකාශ කර සිටි.

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ප්‍රකාශ කර සිටින්නේ  Notre-Dame ප්‍රධාන දේවස්ථානය ප්‍රංශයේ සහ යුරෝපීය සංස්කෘතියේ සංකේතයක් වන බවයි.

වතිකානය ප්‍රකාශ කර සිටින්නේ මෙම දේවස්ථානය, ප්‍රංශයේ පමණක්නොව  සමස්ත ලෝකයේ ම ක්‍රිස්තියානි ආගමේ සංකේතයක් බවයි .

වාර්ෂිකව මිලියන ගණනක් නැරඹීමට පැමිණෙන මෙම දේවස්ථානය "ප්‍රංශ ගොතික් ගෘහ නිර්මාණය ශිල්පය"විදහා දක්වයි.

Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ මෙම ගින්න හට ගැනීමට නිශ්චිත හෙතුවක් මෙතෙක් නිර්ණය කර නොමති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දේවස්ථානයේ අලුත්වැඩියා කිරීම් කටයුතු මෙයට හේතුවන්නට ඇතැයි අනුමාන කරන බවයි.