Thursday 25th of April 2024

English Tamil
Advertiesment


පැය 8ක් අක්‍රියව තිබූ Facebook යම්තාක් දුරකට සක්‍රිය වෙයි..!


2019-03-14 7660

පැය කිහිපයක සිට අක්‍රියව පැවති Facebook , Instagram සහ Whatsapp වෙබ් අඩවි මේ වනවිට තරමක් දුරට යථා තත්ත්වයට පත්කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ය.

මෙය සැලකෙන්නේ වසර 15 ක Facebook ඉතිහාසයේ මෙවැනි දරුණුතම බිඳවැටීමක් සිදුවු ප්‍රථම අවස්ථාව ලෙසයි.

අමෙරිකාව , යුරෝපය , පිලිපීනය , ඕස්ට්‍රේලියාව , ආසියාව සහ දකුණු අමෙරිකානු කලාපයේ රටවල් රැසක ,Facebook , Facebook Messenger සහ Instagram යන සමාජ වෙබ් අඩවි අක්‍රිය වූ බව ගිණුම් හිමියන් චෝදනා කර තිබිණ.

මීට පෙර Facebook වෙබ් අඩවිය මෙවැනි බිඳවැටීමකට ලක්වූයේ 2008 වසරේ වන අතර ඒ වනවිට එම වෙබ් අඩවියේ සිටි ගිණුම් හිමියන් සංඛ්‍යාව මිලියන 150 ක් පමණයි .

කෙසේ නමුත් මේ වනවිට Facebook වෙබ් අඩවිය මාසිකව භාවිත කරන ගිණුම්හිමියන් සංඛ්‍යාව බිලියන 2.3කි.

මෙම බිඳවැටීමට හේතුව මෙතෙක් අනාවරණ කර නොමැති වුවත් ඩී ඩී ඕ එස් නැමති සයිබර් ප්‍රහාරය ඊට හේතු නොවු බව Facebook ආයතනය නිවේදනය කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆේස්බුක් වර්ක්ප්ලේස් නැමති අන්තර් සන්නිවේදන කටයුතු සඳහා ව්‍යාපාරිකයන් යොදාගන්නා සන්නිවේදන ක්‍රමවේදය ද අක්‍රිය වීමෙන් ලොව පුරා ව්‍යාපාර කටයුතු ද බලපෑමට ලක්වූ බවයි.

(සිරස)

Advertiesment