Thursday 22nd of August 2019

English Tamil


චීනයෙන් අලුත්ම වාර්තාවක්..!


2019-06-25 1309


(සමීර වීරක්කොඩි)



වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන අධි තරඟකාරීත්වය ඉතාම සුලබ දෙයකි. පුද්ගලයින් අතර මෙන්ම ලෝකයේ වෙනත් රටවල් අතරත් පවතින්නේ මෙවැනිම තරඟකාරීත්වයක්. විශේෂයෙන්ම ලෝකයේ ප‍්‍රබල රටවල් අතරේ මෙවැනි තරඟයක් දක්නට ලැබේ. ලෝක වාර්තා බිඳ දැමීමටත් තරඟයන් එලෙසම පවතී. අප දැන් මේ සදහන් කරන්නේ ද එවැනි වාර්තාවක් බිද හෙළු පුවතකි.



චීනය විසින් පසුගිය 2010 වර්ෂයේ දී ඔවුන්ගේම වාර්තාවක් බිද හෙළමින් ලොව වේගවත්ම දුම්රිය මාර්ගය නිම කළා. ඒ චීනයේ සුප‍්‍රසිද්ධ නගර දෙකක් වන “ෂැංහයි” සහ හැන්ෂු” නගරයන් දෙක අතර පවතින දුම්රිය මාර්ගයයි.



චීනයේ මෙම පියවරත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය පසුපසට ගොස් තිබේ. මේ අතර ඉතිහාසයේ පටන් මේ සදහා වාර්තා පිහිටවූ යුරෝපීය රටවල් සහ ජපානය වැනි රටවල් ද එසේ පසුබෑමකට ලක්ව සිටී. චීනයට මෙසේ පෙර නොවූ විරූ ජයක් අත්වීමට ප‍්‍රධාන හේතුවක් ලෙස සදහන් වන්නේ ඔවුන්ගේ දුම්රිය මාර්ග වල පවත්නා වේගය සහ ඒවා හොද ධාරිතාවයකින් යුක්ත වීමයි. එසේම මෑත කාලීනව ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක් වන චීනය ලබා ඇති මෙම ජයග‍්‍රහණය ආසියාතිකරය ලැබූ ජයග‍්‍රහණය ආසියාතිකරය ලැබූ ජයග‍්‍රහණයක් ද වේ.



කෙසේ වෙතත් චීනයට මෙම වේගවත් දුම්රිය මාර්ගය සදහා වූ ව්‍යාපෘතිය නිම කිරීමට ටි‍්‍රලියනයක පමණ මුදල් වැය වූ බව ද වාර්තා වේ. මෙම දුම්රිය මාර්ගය තුළ ගමන් ගන්නා දුම්රියකට පැයට කිලෝමීටර 410x6 ක පමණ වේගයක් රදවා ගැනීමේ හැකියාවක් පවතින බවද කිව යුතුය. එසේම ඔවුන්ගේ ගණන් බැලීම් අනුව ෂැංහයි සහ හැන්ෂු යන නගර දෙක අතර කිලෝමීටර 202 ක පමණ දුරක් ගමන් කිරීමට දුම්රියකට ගත වන්නේ මිනිත්තු 80 ක පමණ කාලයකි. ජපානයේ අපරිම වේගය ලෙස වාර්තා වී තිබුණේ පැයට කිලෝ මීටර් 361කි.



එසේම ප‍්‍රංශයේ උපරිම දුම්රිය ධාවන වේගය ලෙස වාර්තා වී තිබුණේ 357x18 කි. අද චීනය මේ වාර්තා පරදවමින් ඉදිරියට ගොස් තිබේ.



මේ වන විට චීනය සතුව කිලෝ මීටර 4300ක පමණ දුම්රිය මාර්ග පවතී. ලෝකයේ වෙනත් කිසිම ජාතියක් සතුව එම ප‍්‍රමාණයේ දුම්රිය මාර්ග නොමැති වීම ද විශේෂත්වයකි. දිනෙන් දින ආර්ථික මට්ටම ඉහළට ගෙන එන්නට ඔවුන් ජාතියක් වශයෙන් ගන්නා වෑයම ද එයට එක් හේතුවකි. එසේම පැයට කිලෝමීටර් 1000ක වේගයකින් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් නිපදවීමට හැකි පරිදි තාක්‍ෂණය දියුණු කිරීම ඔවුන්ගේ මීළඟ ඉලක්කයයි.