Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


අප්පකිච්ච ගුණය..!


2019-06-20 8230



“සමණෝ අප්පකිච්චෝ සෝ- අග්ගට්ඨානංව ගච්ඡති සීලාදි ගුණ සම්පන්නෝ - පීතිං ලභති නිරාමිසං”




“අප්ප්පකිච්ච” නොහොත්  අධික ලෙස  කටයුතු බහුල කර නොගැනීමෙන්  තම ජීවිතය  සකස් කර ගත් පුද්ගලයාට  නිවන් සඳහා අවශ්‍ය ගුණ නුවණ දියුණු කර ගැනීමට හැකිවන බවය.




නිවන  නමින් දැක්වෙන  පුනර්භවයෙන් තොර සදාකාලික සැපය ලබා ගැනීමට නම්,කායික සහ මානසික සහන සීලි බවක් අවශ්‍යම වන්නේය. එවැන්නක් නැතුව ම බැරිය.




බෝසතාණන් වහන්සේ  සකළ විධ රාජ සම්පත් හැර දමා තවුසෙක් බවට පත්ව ආලාර කාලාම තාපස තුමා වෙතට ගියේය. එහි මාසයක් හමාරක් වැඩ, වෙසෙමින් ධ්‍යාන සමාපප්ති උපදවා ගෙන එයින් සෑහීමකට පත්නොවී,උද්දකාරාම සෘෂිවරයාණන් වෙතට පැමිණියහ. එහිද ස්වල්ප කලක් වෙසෙමින්උද්දකාරාම තවුසාණන් දන්නා කියන සියළු තවුස් දම් හදාරා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියද උපදවා, තමා සොයන නිවන් මාර්ගය එය නොවන බව දැන, වඩාත් තවුස් දම් වඩනු සඳහා හුදකලාවම උරුවෙල් දනව්වට වැඩි සේක.එහි කලක් වෙසෙමින් අති දුෂ්කර වූ අත්තකිලමාථානු යෝගය වඩා  එයිනුදු ප‍්‍රතිඵලයක් නොලැබ මැදුම් පිළිවෙතට පිවිස බුදුබවට පත් වූ සේක.




එතැන් පටන් පන්සාලිස් වසක් පුරා ‘අත්ථාය හිතාය සුඛාය දේව  මනුස්සාණං’ යනුවෙන් දැක්වෙන පරිදි දෙවියන්සහිත ලෝකයා සසර දුකින් එතර කරවනු පිණිස කි‍්‍රයා කළ සේක. ඒ බුදුරාජණන් වහන්සේ වදාළ සියළු ධර්ම කොටසකම මුඛ්‍ය පරමාර්ථය වූයේ නිවනයි.   




ඒ සඳහා වදාළ සූත‍්‍ර ධර්මයන් අතර කරණීයමෙත්ත සූත්‍රයට ද ලැබෙන්නේවැදගත් ස්ථානයකි.  




නිවනට යොමුවන පුද්ගලයකු විසින් තමන් තුළ පිහිටුවා ගත යුතු සුවිශේෂ කරුණු සහ අර්ථාන්විතව මෛතී‍්‍රය යුතු ආකාරය මෙම සූත‍්‍රයෙහි ඇතුලත් වීම එයට හේතුවයි. එහි සඳහන් අගනා ගුණාංග අතර ‘අප්පකිච්ච’ යන්න එකකි. අධික ලෙස වැඩ පටලවා නොගෙන තමන්ගේ ශක්තියට- දැනුමට සෑහෙන පරිද්දෙන් කටයුතු කිරීම මොලොව පරලොව දෙකේම දියුණුවට හේතුවක් වන බව මෙයින් කියැවේ. සමාජයේ වෙසෙන කවර ගිහි කෙනෙකුට වුවද තම තමන්ගේ කුසලතා - දක්‍ෂතා අනුව ගේදොර වෙනුවෙන් ඥාති මිත‍්‍රාදි වෙනුවෙන් රැකී රක්‍ෂාදි කටයුතු වෙනුවෙන් කළ යුතු දේ බහුලය.එසේ වුවද තමන්ගේ ආර්ථික තත්ත්වයට-තමන්ගේ දැන උගත් කමේ තරමට ගේ දොර අඹු දරුවන්ගේ තත්ත්වයට අනුව කටයුතු සීමා කරගත යුතුය. රැකියාව ඇතුළු කළයුතු වැඩ කීපයක් තෝරාගෙන ඒ වැඩ කටයුතු කීපය නිසි පරිදි ඉටු කළ යුතුය. පැවිද්දෙක් වුවද තමන්ගේ දැනුමට තමන්ගේ ප‍්‍රමාණයට- තමන්ගේ නිරෝගීතාවයට කරගෙන යා හැකි පරිදි වැඩ බෙදාගෙන කළ යුතුය.රටේ කළ යුතු වැඩ අධිකය. ආගමික වශයෙන් කළ යුතු වැඩ බොහෝය.




එසේ වුවත්තමන්ට කරගත නොහැකි තරම් වැඩ කටයුතු වල සමිති සමාගම් වටල බැඳුනොත් ඒ පුද්ගලයාගේ ගෘහ ජීවිතය බොහෝ සෙයින්ම කඩාකප්පල් වන්නේය. ගෙදර සමගිය නැති වන්නේය. දුදරුවන්ගේ කටයුතු අවුල් වෙති. එවිට ඔහුටඅස්වැසුමක් නැත. පඹ ගාලක පැටළුනෙකු සේ අර්බුද වලින් - ණය තුරුස් වලින් රෝගවලින් සහ මානසික පීඩනයන්ගෙන් පෙලෙන්නට සිදුවේ. එය ඔහුගේ  මොලොව පරලොව යන දොලොව දියුණුවලටම බාධාවක් වන්නේය. මෙවැනි කරදර වලට පත්ව ජන සමාජයටද දෙස් දොවොල් දෙන බොහෝඅය සිටිති. හේතුව තමාගේම වරද බව ඔවුහු නොදනිති.




කියන කියන දේ කරන්නට ගොස් රටේ තියෙන තරම් වැඩ බදාගෙන දුකට පත්වූ භවතුන් පිළිබඳව අමුතුවෙන් කිය යුතු නැත.පැවිදි පක්‍ෂය ගැන සැලකුවද කටයුතු බහුල කරගැනීම නිසා ජීවිතය අඳුරු කරගත් පින්වතුන් වහන්සේලාද ඇත. එබැවින් සීමිතව කළ හැකි වැඩ කීපයක් තෝරාගෙන ඒ වැඩ කටයුතු එකක් හෝ දෙකක් හෝ තුනක් නිසි පිරිදිඉටු කර ගනු ලබන ගිහියාට හෝ පැවිද්දාට දියුණුවක්ම වන්නේය.







‘‘අප්පකිච්ච’’ යනුවෙන්කියැවෙන්නේ වැඩ කටයුතු වලින් වැළකී සිටීමට මඟහැරීමක් නොවන බව කිසිසේත්ම නොසිතිය යුතුය.පෙර බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය විචාරණ සමයෙහි එතුමාගේ පුරෝහිත තනතුර දැරුවේ ධනංජය නම් බමුණුකෙනෙකි. වේද වේදාන්තයන්හි පරතෙරට ගිය මේ බ‍්‍රාහ්මණයා තම තනතුර නිසා ඉහළින්මරටේ පිළිගත් පුද්ගලයෙකු බවට පත් විය.ජනසමාජයට තමා බොහෝ වැඩ කටයුතු කරන කෙනෙකු බව ඇඟවීමට පෙන් වීමට මේ ධනංජය පුරෝහිත බමුණා තුළ පැවතියේ පුදුමාකාර ආසාවකි. ඔහු පුරෝහිත පදවියට අමතර වැඩ කටයුතු වලටද ඇඟිලි ගසන්නටපටන් ගති.




එනිසා මැති ඇමැතිවරුන් තුළද ඔහු ගැන කලකිරීමක් ඇතිවිය. දරුවන් සයදෙනෙකුගේ පිය කෙනෙකු වුවද මොහු අඹු දරුවන්ගේ වැඩ කටයුතු වලට වඩා රටේසමාජයෙ ් වැඩ වලට සම්බන්ධ වූ හෙයින් ගෙදර දොරේ ද සමගිය එකමුතුකම කෙමෙන් අඩුවන්නට පටන්ගත්තේය.ආරාම, දේවාල, කෝවිල් හි වැඩ කටයුතුවල මූලිකත්වය  බරණැස් නුවර සමාජමය කටයුතු වල මූලිකත්වය පමණක් නොව,රජතුමාගේ  සෑම කාර්ය භාරයකටම මොහූ අනවශ්‍ය ලෙස මැදිහත් වීමද සිදුවිය.




මේනිසා හතුරන් වැඩිවිය. නගර වැස ියන් තුළ අපි ‍්‍රය බවටද පත්විය. ධනංජය පුරෝහිතයාසෑම කටයුත්තකටම ඇඟිලි ගසන- බොහෝ කටයුතු අවුල් කරන අඹු දරුවන්ටද අපි‍්‍රය ජනක පුද්ගලයෙක් බවට පත් වීමටද ඉහත කී පරිදි වැඩි කාලක් ගත වූයේ නැත. ඔහු පුරසාරමට සැමවිටම කියන්නේ ‘මට වැඩ කටයුතු ඉවරයක් නැහැ. සෑම දෙනාගේම කටයුතු කරන්න සිදු වී තිබෙන්නේ මටයි. කොපමණ වැඩ කළත් ඉවරයක් නැහැ, හොඳ නමකුත් නැහැ. මගේ බිරිඳත් මට දොස් පවරනවා. මගේ දරුවෝත්මට ඇනුම්පද කියනවා. අපේ පියා නමගිය කෙනෙක් වුවද ගෙදර දොරේ දියුණුවක් නැහැ.‘‘මේ වචන නිතර නිතර දරුවන්ගෙන් ද ළඟම ඥාති පවුල්වලින්ද අසන්නට සිදු වීම නිසා ධනංජය බමුණා ද්වේෂී පුද්ගලයෙක් බවටද පත්විය. අධික ලෙස කෝපයට පත්වන කෙනෙකු බවටද විය. වරක් රජතුමා තම පුරෝහිත බමුණු කැඳවා මෙබදු අවවාදයක් දුන්නේය.




‘‘පින්වත් බමුණුතුමනි’ ඔබ මගේ පියාගේ කාලයේ සිටම රාජ්‍ය සේවය කළ කෙනෙකි.ඔබ ප්‍රසිද්ධිය හඹා යන්නෙකි.එම නිසා නිමාවක් නැති වැඩ පටලවාගෙන ඇත. කවර පුද්ගලයෙකුට වුවද කළ හැකි වැඩ ප‍්‍රමාණයක්ඇත. ඊට වඩා ඔබ තමන්ට අයිති දේත් තමන්ට අයිති නැති දේත්, කිරීමට යෑම නිසා අප‍්‍රසාදයට පත්ව තිබේ. එබැවින් ඔබ තමන්ටඅයිති වැඩ කිහිපය පමණක් නිවැරදිව නිසිපරිදි ඉටුකළ යුතුය. අප්පකිච්ච පුද්ගලයෙකු නොවුණහොත් සිදුවන්නේ මහා විනාශයකි.




රජුගේ ඉහත සඳහන් ප‍්‍රකාශයෙන්පසු කරුණු වටහා ගත් ධනංජය බමුණු තෙමේ, පුරෝහිත පදවියට අයිති කටයුතු හා ගිහියෙකු වශයෙන් රාජකාරි සහ ගේ  දොර කටයුතුක්‍රමවත්ව සිදු කිරීමට පටන් ගැනීමෙන් ජනපි‍්‍රය බවටද, සතුටින්ජීවත්වන පුද්ගලයෙකු බවටද පත් වූයේය. මෙම දියුණුවට උපාකාරවත්වූයේ ‘අප්පකිච්ච ගුණය’ හෙවත් අල්ප වූ වැඩඇති කෙනෙකු වීමය.




බුදුරදුන් දවස ‘සාළ්හ’ නම් භික්‍ෂු නමක් වුවමනා නැති තරම් වැඩපටලවාගෙන මහණ දමින් පිරිහෙන්නට පටන්ගති. එවිට මහ සංඝයාවහන්සේ එම භික්‍ෂුව බුදුරදුන් හමුවට පත් කළවිට මෙහි ඉහත සඳහන් කථා පුවත ද සිහිපත් කරවමින් ‘සමණෝඅප්පකිච්චෝ සො’ යන ගාථාවෙන් දම් දෙසා ‘මහණ ඔබ පෙරත් වැඩි වැඩ පටලවා ගැනීම නිසා පිරිහීමට පත්වූ කෙනෙකැයි’’ වදාළහ.




මෙයින් පැහැදිලි වන්නේ ‘‘අප්පකිච්ච ගුණය’කවර කෙනෙකුට වුවද දියුණුවට හේතුවක් වනබවය. කටයුතු බහුල කරගත් ගිහියාගේ හෝපැවිද්දාගේ නිවන් මඟ ඇහිරෙන බව මෙයින්පැහැදිලි වන්නේමය. මේ කරුණු පිළිබඳව නුවනින් සලකා බලා අප සෑම කෙනෙක්විසින්ම පමණට වඩා වැඩ කරට නොගෙන කළ හැකි පමණට වැඩ යොදාගෙන නිසි පරිදි කල වේලාවට ඉටු කිරීමට උත්සාහ දැරීම, හුරු




පුරුදු වීම නිවන් මඟට යන කෙනෙකුගේ උදාර ගුණයක් වශයෙන් සපුරා ගැනීමට අදිටන්කරගත යුතුය. සාළ්හ භික්‍ෂුව ද එකී බුද්දාව‘වාදයෙහි පිහිටා නොබෝ කලකින් නිවන්අවබෝධ කළේය.



අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි



(අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නාහිමි)


Advertiesment