Thursday 22nd of August 2019

English Tamil


බංගලාදේශයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට..!


2019-06-25 1198


(සමීර වීරක්කොඩි)



බංග්ලාදේශයේ ඩකා අගනුවර (20) හටගත් ගින්නකින්  මිය ගිය පුද්ගලයින් ගණන 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



නිවාස මෙන්ම රසායන ද්‍රව්‍ය ගබඩාවක් ද පවත්වාගෙන යන ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.



ගින්න ඇති වූ ගොඩනැගිල්ල සමීපයෙහි පිහිටා තිබූ තවත් ගොඩනැගිලි කිහිපයකටද ගින්න පැතිර ගොස් ඇති අතර පටු වීථි හමුවේ විපතට පත් වූවන්ට ඉවත් වීමට දැඞ් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවී තිබෙන බවටයි වාර්තා වෙන්නේ.



තවද මෙම ගින්නෙන් තුවාල ලැබූ පිරිස මේ දක්වා නිශ්චතව හෙළිකරගෙන නැති බව ද වාර්තා වේ.